48

449 70 111
                                    

'නෙත්සර්ජ,

ඇයි මේ තරම් මම ළඟින් ම ඒ ඇස් දිලිසෙනවා මට දැනෙන්නේ...මේක පොතක නොලියා ඔයාටම කියන්න තිබුණා නම්...ඇත්තමයි බාස්කට් බෝල් මැච් සේරම මම බලා ගෙන හිටියා. ඒත් මට මතක එහෙ මෙහ පැන පැන ප්ලේ කරපු ඔයාව විතරයි. මේක ලියන මම මහ ලොකු ප්‍රේමවන්තයෙක් නෙවෙයි..ඒත් මගේ හිත කියනවා මමත් ප්‍රේමවන්තයෙක් කියලා...මම හරි ආදරෙයි නෙත්සර්ජ...මට එහෙම කියන්න පුලුවන් වෙයිද දවසක ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන?'

"අඩෝ ආං උඹේ කිරි දරුවාගේ වොලිබෝල් මැචස් යනවා වරෙං ඔතනට වෙලා නිකං ඇ@$ දෙක දන් දුන්නා වගේ බලන් ඉන්නැතුව!!" සනූෂ track kit ඇඳන් දාඩිය පෙරාගෙන මැත්ස් සෙක්ෂන් එකේ පඩිපෙලේ වාඩි වෙලා ඔහේ බලන් ඉන්න තෙධාෂව ඇදගෙන ග්‍රවුන් එකට ගියා මැචස් බලන්න. ධනුර්ව හෝ ගාලා ප්ලේ කරනවා හවුස් එක වෙනුවෙන්. ඒ අස්සේ ධනුර්වගේ කකුලට මොකක් හරි වෙලා කියලා හැමෝටම තේරිලා තිබුණත් ධනුර්ව කාගෙන කොහොමහරි සෙල්ලම් කළා. හෙන උණුසුම් තරඟෙකට පස්සේ කොහොමහරි ධනුර්වගේ හවුස් එක වින් කලේ ධනුර්ව ඒ announcement එක දෙද්දිම බිමට ඇදගෙන වැටෙද්දි. එච්චර වෙලා ප්ලේ කලාට කොහෙත්ම හරියටම ධනුර්වට හිටගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. තෙධාෂට වුණත් තේරුණා ධනුර්ව කොයි වෙලේ හරිම ඇදගෙන වැටෙනවා කියලා. ඒත් ග්‍රවුන්ඩ් එක මැද්දට මැච් එක අස්සේ යන්න බැරි නිසා තෙධාෂ ඒ හරියටම වෙලා හිටියා. ධනුර්වගේ මැච් එක ඉවර වුණ ගණන් ග්‍රවුන්ඩ් එක මැදට පැන්න නිසා ධනුර්ව වැටුණේ තෙධාෂගේ අත උඩට.

"නෙත්සර්ජ?? මල්ලි??" තෙධාෂ කෑගහලා කතා කලත් ධනුර්ව නැගිටින පාටක් නොතිබ්බ නිසා තෙධාෂ ධනුර්වගේ සපත්තු දෙක පරිස්සමට ගැලෙවලා ලේ වලින් පෙඟුන මේස් පිටින්ම ධනුර්ව ව අත් දෙකට උස්සගෙන සික් රූම් එකට දිව්වේ හදවත බයටම එකසිය ගාණට ගැහෙද්දි. ධනුර්වට බෙහෙත් දාලා සිහිය එනකල් ම තෙධාෂ එතනින් හෙලවුණේ වත් නැහැ. ධනුර්වට සිහිය ආව ගමන් ම තෙධාෂ වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටලා ධනුර්ව දිහාවට සීතල බැල්මක් දාලා එතනින් එළියට ගියා. ධනුර්වත් කන්ෆියුස් වෙලා වගේ බලාගෙන හිටියේ ග්‍රවුන්ඩ් එක මැද හිටපු එයා එකපාර සික්රූම් එකෙන් මතු වෙලා ඊටත් වඩා ඇස් අරිනකොටම තෙධාෂ හිටපු එක දැකලා ධනුර්වගේ ඇස් ටීක් බෝල වෙලා තිබ්බේ.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now