38

460 84 109
                                    

"තමුසේ පාඩම් කරන්නේ නැතුව නිකං උඩ බලියන් ඉදපන්!!! එතකොට හරි යයි!!"  ධනුර්වගේ තාත්තා ධනුර්ව පාඩම් කරලා පොඩ්ඩක් වාඩි වුණ ඩිංගට බනිද්දි එක්සෑම් stress එකටත් එක්ක ධනුර්වගේ ඉවසීම නැත්තටම නැති වුණේ තාත්තගෙන් පාරවල් දෙක තුනක් කන්න වුණ නිසයි. ඒත් තාත්තට කට ගහන් යන්නවත් හයියක් නොතිබුණු ධනුර්ව තාත්තා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා මහ වැස්සෙ ම ගෙදරින් එලියට ගියේ කුඩයකුත් නොගෙනම. එකදිගට කඩාගෙන හැලෙන වැහි පොද ධනුර්වගේ ඇඟේ වැදීගෙන පොලොව සිපගත්දි  ධනුර්ව හිස් හැඟීමකින් පාරේ ඇවිද්දේ වෙනදාට වැස්සට ආදරේ කරපු හිත එදා වැස්සට සංවේදී නොවෙද්දි. තාත්තා ඒ තරම් දරුණු වෙන්න තරම් එයා කරපු වරද මොකක්ද කියන ප්‍රශ්නේ හිත ඇතුලේ හොල්මන් කරද්දි ධනුර්ව නොදැනුවත්ව ම මහ වැස්සෙම ගොඩක් දුර ඇවිදන් ඇවිත් තිබුණා. කොහෙත්ම  එක මනුස්සයෙක් වත් නොහිටි පාරේ ඉබාගාතේ වැස්ස මැදින් ඇවිද ගිය ධනුර්වට තමන්ට එහා පැත්තෙන් නවත්තපු වාහනෙන් බැහලා කුඩයකුත් උස්සන් දුවගෙන එන මනුස්සයාව කොහෙත්ම පෙනුනේ නැහැ. හදිසියේම ඇඟට කඩා හැලුන වැස්ස නතර වුණේ ඇයි බලන්න අහස බලද්දි අහස වෙනුවට තිබුණේ කළු රෙද්දකින් මහපු කුඩයක්. ඒත් එක්කම ඒ කුඩය අල්ලන් හිටපු කෙනා දිහා ධනුර්ව ඇස් යවද්දි ඒ ඇස් ධනුර්වගේ ඇස් වලට අහුවෙද්දී ධනුර්වට හිතේ තිබුණ වේදනාවන් මොහොතකට අමතක වෙලා සහනයක් දැනුනා. ඒ දිගු ඇසිපිය, කෝපි දෙනෙත අස්සේ ධනුර්වගේ සැනසීම තිබුණා. දෙපාරක් නොහිතම දෝත බදලම ධනුර්ව තෙධාෂව බදාගත්තේ තෙධාෂ අනික් අතින් ධනුර්වගේ පිට මැද්දට අත තියලා පිරිමදිද්දි.

"මේ වැස්සට මගේ හිතේ තියන දුක අයින් කරන්න පුලුවන් වුණා නම් මම තෙමිලා හෙම්බිරිස්සාව හැදෙනකල් ම වැස්සෙ හිටගෙන ඉන්නවා..." ධනුර්ව තෙධාෂට තවත් තුරුලු වෙන ගමන් කියද්දි තෙධාෂ හෙමින් තමන්ගේ උරහිස මත හංගන් හිටපු ධනුර්වගේ ඔලුවෙ පැත්තකට හාදුවක් තියලා කුඩය අයින් කලේ දෙන්නවම වැස්සට නිරාවරණය කරලා. ධනුර්ව තෙධාෂව අත් නොහැරම සීතල වැහි බිඳු ඇඟට කඩා හැලෙන්න දුන්නේ කලින් තනිව හිටපු ධනුර්වගේ ඇඟට කඩා හැලෙනවාට වඩා වෙනස් රිද්මයකට තෙධාෂට තුරුලු වෙලා හිටපු ධනුර්වගේ ඇඟට කඩා හැලෙද්දි. තාත්තාගෙන් කාපු පාරවල් වල සැර තෙධාෂගේ අතින් අතුරුදහන් වෙද්දි වැස්සට තෙමීගෙනම ඒ දුක හෝදලා අරින්න ධනුර්ව තෙධාෂ එක්ක ගොඩ වෙලාවක් ඒ විදිහටම වැස්සේ හිටගෙන ඉඳලා තෙධාෂ ධනුර්ව ව අරගෙන ගියපු නිසාම වාහනේට නැගලා ගෙදර යන්න පිටත් වුණා. ධනුර්ව එනකල් පොඩි අක්කයි, අම්මයි දෙන්නම සාලේ සෝෆා එකට වෙලා හිටියේ ගෙදර පොඩිම ළමයා වෙලත් ධනුර්වට උහුලන් ඉන්න වෙලා තියන දුක් ගිනි ගොඩවල් කොහොම ඒ ඔලුවෙන් නිදහස් කරලා දෙන්නද හිතා ගන්න බැරුව. ධනුර්ව ගෙදර නැති බව දැනගතපු වෙලාවෙම මෙහෙම වෙලාවලට ධනුර්ව කොහේ යනවද කියලා දන්න අම්මා ධනුර්ව හොයාගෙන යන්න හැදුවත් චූටි අක්කා අම්මව නතර කරලා තෙධාෂට කතා කරලා ධනුර්ව ඉන්න තැනත් එක්කම විස්තරේ කිව්වම වාහනේ ගෙදර පාරට හරවන ගමන් භිටපු තෙධාෂ ඒ ක්ෂණයෙන් වාහනේ ආපහු පාරට දාගෙන ධනුර්ව හොයාගෙන ගියා. 

කටුපිටපත| KATUPITAPATHAOnde histórias criam vida. Descubra agora