02

778 135 104
                                    

  උදෙන්ම නැගිටපු ධනුර්ව ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. ඒ ලෙවල් ලං වුණාම ගොඩක් ලමයි ඉස්කෝලේ යන්නේ නැහැ රිවිශන් ක්ලාස් නිසා. ධනුර්වත් එයාට රිවිශන් ක්ලාස් තියන දවස් තුනේ යන්නේ නැහැ ඉතිරි දවස් දෙකේ හිතුනොත් යනවා. බුක් ෆෙයාර් එකේ සිද්ධි කතා ගොඩක් තියන නිසා මෙව්ලික එක්ක කතා කරගන්න ධනුර්ව ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා.  කාමරෙන් බෑග් එකත් කරේ එල්ලගෙන පහළට බැස්සේ උදේ කෑම එක කාලා ඉස්කෝලෙට යන්න දුවන්න හදද්දී ධනුර්ව උඩ බලාගෙන ඇවිත් අන්තිම පඩියේදී කකුල පැටලිලා කුලියට දීපු කාමරේ ඉඳන් ආපු අයියවත් පෙරලගෙන එයාගේ ඇඟ උඩට වැටුණා.

"මොන-" අයියා හොඳවයින් එකක් කියන්න ගිහින් ඉන්නේ පිට ගෙයක කියන එක මතක් වෙලාද කොහෙද කටවහ ගත්තා. ධනුර්ව කුලියට ඉන්න අයියගේ මූණ හරිහැටි දැක්කේ එවෙලෙදී. කුලියට ඉන්න අයියව උදේම හම්බවෙලා යන්න ඕන කියලා ධනුර්ව හිතුවත් ඒක මේ වගේ හමුවීමක් වෙයි කියලා ධනුර්ව හිතුවේ නැහැ. ඉතින් ලැජ්ජාව ඔලුවේ ඉඳන්ම නාගෙන අයියගේ මූණ දිහා ධනුර්ව බැලුවේ සොරි කියාගෙන නැගිටින්න. ඒත් ධනුර්වගේ ඒ අලු නිල් පාට ඇස් දෙක හම්බ වුණේ තද දුඹුරු කෝපි පාට ඇස් දෙකකට. ඒ බාගෙට පිය වුණ ඇස්, දිග ඇහිපිය, ඕනම කෙනෙක්ව හංග ගෙන යන්නත් පුලුවන් තරම් ඝනව වැඩිලා  තිබුණ ඇහිබැමි....ඒ ලස්සන ඇස් දෙක ධනුර්ව මීට කලින් දැක්කේ එකම එක කෙනෙක් ගෙන් විතරයි.

"කතා ලියන නිලමේ අයියේ??" ධනුර්ව ට එකපාර කටින් පැන්නේ ඒ ආදරේට තෙධාෂට එයා කියපු නම. තෙධාෂ තාමත් හෝතම්බුවා බඩ උඩ තියන පත බෑවුණ ගෙම්බා වගේ තවමත් පශ්චාත්භාගය භූමි වන්දනා කරන ගමන් හිටියේ.

"මොකක්??"

"ආ නැහැ නැහැ..ම..මම මේ කිව්වේ තෙධාෂ අයියේ!! මේ ඔයා අපේ ගෙදර මොකද කරන්නේ? කාමරේ කුලියට ගත්තා කිව්වේ ඔයාද එතකොට?? මාව මතකද ඊයේ හම්බුණා?? ආආ ඇයි ඔයා මට ධනුර්ව නැතුව නෙත්සර්ජ කියලා විතරක් ලියලා තිබ්බේ??" ධනුර්ව කියවගෙන කියවගෙන ගියේ එයාගේ එකම ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්නවත් ඉඩ තියන්නේ නැතුව.

"මුලින් මගේ ඇඟ උඩින් බැහැපං!" තෙධාෂ එහෙම කිව්වමයි ධනුර්වට මතක් වුණේ දෙයියනේ තාම එයා තෙධාෂගේ ඇඟ උඩ කියලා. ඉක්මනට නැගිටලා තෙධාෂට නැගිටින්න අත දුන්නත් තෙධාෂ ධනුර්වගේ අත ගණන් ගන්නේ නැතුව තනියම නැගිට්ටා. උදේ පාන්දරම ධනුර්වට මූණට හම්බවුණේ ඒ කෝපි පාට ඇස් දෙක. කොච්චර තෙධාෂ ගේ පොත් කියවලා තිබ්බත් තෙධාෂ ගේ පෙනුම ගැන ධනුර්ව කවදාවත් ඒ තරම් හොයලා තිබුණේ නැහැ. ධනුර්ව කොළඹ දැනට යන ප්‍රධාන පෙලේ ඉස්කෝලෙට කලින් ගියේ මහනුවර තිබුණ ලොකුම ඉස්කෝලෙට. නුවර කිව්ව ගමන් මතක් වෙන ඒ ඉස්කෝලේ සාඩාම්බර ආදි ශිෂ්‍යයෙක් වුණ   ධනුර්ව තමන්ගේ  තාත්තට නුවරට මාරුවක් ලැබුණ නිසයි එයාලා නුවරට ගියේ. ධනුර්වගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් සහ අම්මා ටීචර් කෙනෙක්. කොහොමහරි ධනුර්ව ඒ ලෙවල් පන්තියට ගියපු අවුරුද්දේ මැද්දකදී තාත්තට කොළඹට මාරුවක් ලැබුණ හින්දා අම්මත් කොළඹට මාරුවක් අරගෙන ධනුර්වත් එක්කම කොළඹ අහස යටට ආවා. ධනුර්ව මීට කලින් තෙධාෂ ව පරණ ඉස්කෝලේ දී ඕනතරම් දැකලා තියනවා. ඒත් කතා කරන්න පුළුවන් වුණේ නැහැ. තෙධාෂ ධනුර්ව කතා කරන්න එන හැම පාරකම රවලා ගස්සලා යනවා මොකෙක් හරි පශ්චාත්භාගෙ පුච්චනවා වගේ.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now