15

537 99 179
                                    

නීරස වුණ රසායනය රසවත් කරන් අහවර කරගෙන මෙව්ලික, සතීර්ශ සහ ධනුර්ව තුන්දෙනා පාර පැනලා බස් හෝල්ට් එක ඇවිදන් ගියේ සෙයිලින් පෙන් එකේ කැන්ටින් එකෙන් ගත්තු බයිට් පැකට් ටිකත් කන ගමන්. කර්මාන්ත පරිසරය ටියුට් එකයි කලින් දවසක දීපු අන්තිම පිසිකල් පාඩම් වල තියරි තියන පොතයි ලියන පොතයි පැන්සල් පෑන් ටිකයි තඩි බෑග් එකක් ඇතුලේ දාන් බයිට් කන ගමන් පාරේ වැනි වැනි යන ඒ තුන්දෙනා බස් හෝල්ට් එකේ හිටගෙන ඉඳීම විතරක්ම ගොඩ දෙනෙක් ගේ අවධානය එයාලගේ ගාවට අරගෙන තිබුණා. ධනුර්ව වගේම මෙව්ලික, සතීර්ශ එක පාරක් දැක්කොත් ආයෙම ආයෙම හැරිලා බලන්න හිතෙන තරම් කඩවසම් පෙනුම තිබුණ දෙන්නෙක් ඉතින් ක්ලාස් වල මේ තුන්කට්ටුව කියන්නේ නළුවෝ තුන්දෙනා වගේ.

"අඩෝ මට මේ කෙහෙල්මල් chemistry රෙද්ද තේරෙන්නෑ ඕයි!!" සතීර්ශ ධනුර්වගේ කරට අතත් දාගෙන ධනුර්ව කවන බයිට් ටික ගිලින අතරේ කිව්වා.

"උඹ ක්ලාස් එකේ කියලා දෙන එකවත් අහන් ඉන්නවද බොරුවට සර් දැක්කම හරි අර තඩි සර් එද්දි හරි ඔලුව වනනවා ඔක්කොම තේරුණා අහන් හිටියා වගේ"

"හරි හරි ධනූර් ඉතින්.... දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.."

ධනුර්ව සතීර්ශගේ ඔලුවට ටොක්කක් ඇනලා හිනා වුණා. බස් එකත් ඒත් එක්කම ආපු නිසා බස් එකට නැගගෙන යන්තම් ගෙදර යනකන් වාඩි වෙන්න සීට් තුනක් තුන්දෙනා හොයාගත්තා. බස් එකේ අමුක ඩුමුක ප්ලේ වෙන්න ගත්ත හින්දා ගෙදර යනකොට පාර අයිනෙන් වමනේ කරන්න වෙන පොටක් පෑදෙයි කියන සැකේට තුන්දෙනාම සිංදු ඇහෙන ඇබ අරගෙන කන් දෙකේ ගහගත්තා.

"ඇබ දෙක නිසා හොඳට ගියා" ධනුර්ව එයාට එහා පැත්තෙන් ඉඳගෙන හිටපු මෙව්ලිකට කිව්වත් ඇබ දෙකෙන් ඇහුන සිංදුව නිසා මෙව්ලිකට හරියට ඒක ඇහුනේ නැහැ.

"ඇ#ට දෙක නිසා???" මෙව්ලික කෑගහද්දි එයාලා ළඟ හිටපු කෙල්ලො දෙන්නෙක් නෝන්ඩියට හිනා වෙනවා ධනුර්ව දැක්කා. එතකොට තමයි ධනුර්වට ක්ලික් වුණේ අනිවාර්යෙන් ම මෙව්ලික වැරදියට වචනේ කියන්න ඇති කියලා. ඒත් දැන් ගිය හකුරට අඬලා වැඩක් නැති නිසා එතනින් එහාට මුකුත් නොකියා ධනුර්ව ජනේලෙන් එලිය බලාගෙන ගියා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now