04

604 123 105
                                    

මෙව්ලික රෙස්ටුරන්ට් එකට සම්ප්‍රාප්ත වීමත් එක්ක කට බාගෙට ඇරුණේ රවිධාරගේ. මැස්සෝ දුසිමක් විතර කටට යනකම් ම රවිධාර මෙව්ලික දිහා බලන් හිටියා. දහතුන් වෙනි මැස්සත් කටට යන්න කලින් රවිධාරගේ බාගෙට ඇරුණු කට වහලා දැම්මේ සනූෂ.

"මේ ඉන්නේ මගේ යාලුවා මෙව්ලික, මෙව්ලික තේජාස්වර..මෙයාට චීන ඌරා හරි බිං ඌරා වගේ ඕන නමක් කියන්න" ධනුර්ව කිව්වේ මෙව්ලික ධනුර්වගේ පිට මැද්දට දඩාං ගාලා පාරක් ගහද්දී.

මෙව්ලික ව හඳුන්වලා දුන්නට පස්සේ තත්පරේ ඉඳලා එයා කලේ ගිලපු එකම විතරයි. රවිධාර අයියා නිකං නාට්‍යයක් දිහා බලනවා වගේ මෙව්ලික දිහා බලන් හිටියේ මේ දැන් මෙව්ලිකව ගිලින්න වගේ. තෙධාෂත් ආපු වෙලේ ඉඳන් සද්ද නැතුව කෑම කනවා. බිම බලන් ඉන්නවා උඩ බලන් ඉන්නවා. පැත්තක් බලන් ඉන්නවා. එයා නොබලපු එකම පැත්ත තමයි ධනුර්ව හිටපු පැත්ත. ධනුර්ව එක්ක eye contact වෙන හැම පාරකම ඇස් දෙක පිච්චෙනවා වගේ තෙධාෂ ඇස් දෙක පොඩ්ඩක් පොඩි කරලා වේගෙන් ඇහිපිය ගහලා ඉස්සරහ බලා ගන්නවා. එදා දවසටම තෙධාෂ අයියා ඒක තුන් පාරකට වඩා කළා.

"මේ ධනූ මල්ලි..මොකක්ද උඹ අර අපි දෙන්නා එද්දි හතරගාතෙන් වැඳ වැඳ කිව්වේ? නිධාරා කිව්වේ කවුද?" මෙව්ලික එක්ක හරි හරියට ගිලින ගමන් සනූෂ ඇහුවා. රවිධාර තාමත් මෙව්ලික ගාව හිරවෙලා ඇස් අහකට ගන්න බැරුව ඇස් නිලංකාර වෙලා. නිලංකාර නොවී තියෙයි ඈ ඒ කෑම ගිලින විදිහ දැක්කම. අවුරුදු සීයක් විතර සාගතේ ඉඳලා වගේ කන්නේ. කොයි කවුරු වුණත් ක දැක්කම කතා කරගන්නවත් බැරි තරමට confuse වෙලා යනවා. හැබැයි කම්මුලට අතකුත් ගහගෙන confuse වුණ කෙනෙක් ඉතින් ධනුර්ව දැකලා තිබ්බේ නැහැ. කන්ෆියුස් වෙන අලුත් විදිහක් වෙන්න ඇති කියලා හිත හදාගෙන කන්න හදනකොට ම සනූෂ කලින් සිදුවීම ඇදලා ගත්තා. කොහෙන් ගියත් කලිසම වගේ මේකත් ධනුර්වගේ කරුමටම සෙට් වෙලා තිබ්බා.

"ආ ආ..නිධාරා ද?? අපේ එකා ඒකිට ෆුල් try..ඔය තෙධාෂ ලියන පොතේ වගේ කෙල්ලෙක් කියලනේ මැරෙන්න යන්නේ!" ගිලින එක නතර කරලා මෙව්ලික උත්තර දුන්නේ ධනුර්ව උත්තර දෙන්න තියා උත්තරයක් හිතන්නත් කලින්. 'ඔය කෙරුවේ! යසයි..දැන් ඉතින් මේ මූකලන් හිවලා ගිහින් අම්මට සේරම කියයි..තොටත් දැන්ම ගිලින එක නවත්තලා උත්තර දෙන්න ඕන වුණානේ!'

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now