18

498 92 130
                                    

ධනුර්වට ඉස්සරහින් තිබුණ පුටුවේ තෙධාෂ වාඩි වුණහම ධනුර්ව ගැස්සිලා ගියා. ඒ වගේ වෙලාවක තෙධාෂව බලාපොරොත්තු නොවුණ ධනුර්වට එය සම්පූර්ණයෙන් ම surprise එකක් වුණා වගේම නිධාරා එක්ක එක මේසයක කතා කර කර හිටපු එක තාත්තට කියාවිද කියන බයක් ධනුර්ව ගේ හිතට ආවා. තෙධාෂ එහෙම කරන එකක් නැහැ කියලා හිත කොච්චර කීවත් ' කෝකටත් සැකෙන් ඉදපන්!' කියලා මොලේ කියන දේ නො අහ ඉන්න ධනුර්ව ට බැරි වුණේ තාත්තගේ හැටි හොඳටම දන්න නිසයි. ධනුර්ව හෙමින් සැරේ එයාගේ ඉස්සරහින් ඉඳගෙන බුම්මගෙන ඉන්න තෙධාෂ අයියා දිහා බැලුවා.

'කොයි වෙලේ බැලුවත් බුම්මගෙන! හිනා වුණාම මුගේ කොහෙහරි ඇනෙනවද දන්නෑ'

"උඹට කරන්න වැඩ නැද්ද ආ?" තෙධාෂගේ කෑ ගැහිල්ල ඇහිලා අල්ලපු මේසේ හිටපු මෙව්ලික, නිධාරා ඇතුලු ඔක්කොම හැරිලා ධනුර්වයි තෙධාෂයි දිහා බැලුවා. තෙධාෂ ගේ මුහුණේ ඇඳිලා තිබුන පෙනුම භයානක එකක් වුණත් ධනුර්වට දැනුනේ හරියට තෙධාෂගේ මුහුණේ තිබුනේ භයානක පෙනුමකට වඩා කලකිරුණු ස්වභාවයක් කියල වුනත් ඒ ඇයි කියන්න ධනුර්වට තේරුණේ නැහැ. සතිර්ෂ ධනුර්ව ව තෙධාශගෙන් බේරගන්න කියල හිතා ගෙන එතනට යන්න හැදුවත් මෙව්ලික එයාව නතර කළා. ඒත් නිධාරව නතර කරන්න මෙව්ලිකට බැරි වුන නිසා නිධාරා තෙධාශ ලඟට ගිහින් එයාට සිද්ධිය පැහැදිලි කරලා දෙනවා ධනුර්ව බලා ගෙන හිටියා. ධනුර්වට නොඇසෙන්න කියන්න ඕන වුන නිසා නිධාර තෙධාෂ ගේ ළඟටම වෙලා හේතු පැහැදිලි කරලා දෙන්න පටන් ගත්තු නිසා ධනුර්වගේ තිබුණ දුක තවත් වැඩි වුණා. එයාගේ හිතේ තිබුණ ඒ කියාගන්න් බැරි අමුතු හැඟීම තවත් හදවතට වේදනාවක් ඇති කරද්දී ධනුර්ව එතනින් නැගිටලා මෙව්ලික ටයි අනිත් අයටයි යන්නම් කියල එළියට ආවා.

"නෙත්සර්ජ ඔහොම ඉදපන්!" තෙධාෂ කෑ ගහද්දීත් ධනුර්ව නවතින්නේ නැතුවම ඇවිදගෙන ගියා. ඒ නිසාම තෙධාෂ දුවගෙන ගිහින් ධනුර්ව ගේ අතින් අල්ලලා නවත්ත ගත්තා බලෙන් ම වගේ. ධනුර්ව අත ගසල දාල යන්න හදද්දී ආයෙම තෙධාෂ ධනුර්ව ව නවත්ත ගත්තේ කලින් පාරටත් වඩා තදින් අත අල්ලාගෙන.

"අයියේ හොඳ හිතින් මගේ අත ඇරපන්! නැත්තන්..."

"නැත්තන් ඇයි උඹ මොකක් කරන්නද? නටන්නේ නැතුව ඉදහන්..."

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now