12

598 110 128
                                    

"මේ ධනුර් උඹ එනවා නේ බිග් මැච් බලන්න?? වරෙන් ආ උඹ ආවොත් තමා මගේ හිතට හයිය" සතිර්ශ ධනුර්වගේ කරට අත දාඛෙන එහෙම කියද්දි ධනුර්ව එයාගේ කර වටේ දාගෙන තිබ්බ සතිර්ශ ගේ අත උඩින් එයාගේ අත තිබ්බා.

"ආ ඇයි ඇයි දැන් අපි ආවම උඹේ ශක්තිය හිඳෙනවද??" මෙව්ලික එහෙම අහද්දි සතිර්ශ ලාවට හිනා වුණා.

"උඹත් ඕන යකෝ!! උඹ නැතුව කවුද ගිරිය කඩාගෙන මට චියර් කරන්නේ?"

"ආ....යේක මිසක්!! අපි එනවා නේද ධනුවෝ!! ආයේ ඉතින් උඹ හයේ ඒවා ගහනවා බලන්න එන්ට එපැයි අපි නේද?"

"අනිවා බං! අපි එනවා උඹ ground එකට ආපු ගමන් අපිව පේන තැනකින් හැලි වඳුරෝ වගේ අපි එල්ලිලා ඉන්නම්"

ධනුර්ව එහෙම කියලා කෑම එක කන්න පටන් ගත්තම සතීර්ශ එයාගේ අත ධනුර්වගේ කර වටෙන් ගත්තා. එයාගේ ළඟම ඉඳන් ඔලුවත් බිමට නවා ගෙන කොත්තුවට වැඩේ දෙන ධනුර්ව දිහා බලා ගෙන ටික වෙලාවක් සතිර්ශ හිටියත් ටක් ගාලා වෙන පැත්තක් බලා ගත්තේ තෙධාෂගේ ඇස් දෙක ඒ පැත්තට යොමු වෙනවා දැකලා.

'අනේ මේ අලු පාට දිලිසෙන ඇස් මගේ වුණා නම්...මගේ ළඟටම වෙලා හිනා වෙනවා නම්...' සතිර්ශ තනියම එහෙම හිතුවත් කවදාවත් ඒක හැබෑ වෙන හීනයක් නෙවෙයි කියලත් සතිර්ශ දැනගෙන හිටියා.

කෑම කාලා ඉවර වෙලා කට්ටියම විසිර යන්න ලෑස්ති වුණා. කොච්චර වෙන් වුණත් තෙධාෂයි ධනුර්වයි යන්නේ එකම තැනකට නිසා ඒ දෙන්නා එකට ගියා. වෙනම යන්න හිටපු මෙව්ලිකට රවිධාර කතා කරපු නිසා ඒ දෙන්නා එකට ගියා. ඊටපස්සේ සනූෂ වෙනමත්, සතීර්ශ වෙනමත් ගෙවල් වලට ගියා.

ගෙදර යන්න කියලා හිතන් තෙධාෂ එක්ක යන්න හදනකොටම කවුද කොණ්ඩේ දිග කෙල්ලෙක් තියන සේරම වන වන තෙධාෂ ගාවට දුවගෙන එද්දි තෙධාෂ පොඩ්ඩක් පස්සට පැන්නා.

"සර්, මට මේක සර්ට දෙන්න ඕන වුණේ පළවෙනි දවසේ...ඒත් බැරි වුණා. ඉතින් සර් අද මම මේක දෙනවා පුලුවන් නම් මේක කියවලා උත්තරයක් දෙන්න" ඒ කෙල්ල රෝස පාට නවපු කොළයක් තෙධාෂගේ අතින් තියන ගමන් කිව්වා. ඒ රෝස පාට ලියුම දැකලා ධනුර්ව තෙධාෂගෙන් පොඩ්ඩක් එහාට ගිහින් තෙධාෂ දිහාවත් නොබල station එක දිහා බලාගෙන හිටියා. ඒත් ඊළඟ තත්පරේ තෙධාෂගේ කටහඬ කන ඒ පැත්තට දාගෙන හිටපු ධනුර්වට හොඳට පැහැදිලිව ඇහුනා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now