41

428 66 106
                                    

"අයියේ මේක මෙච්චර කාලයක් තිස්සේ ඔයා පරිස්සම් කලාද??"

"උඹ මං වෙනුවෙන් ම උඹේ අතින් ම හදලා දීපු මේ බුක් මාක් එක මන් කොහොමද බං පරිස්සම් නොකරන්නේ??"

තෙධාෂ කියද්දි ආයෙම ධනුර්වගේ ඇස් වල කඳුලු පිරුණේ එයාට කඳුලු නවත්තගන්නවත් ඉඩ නොදී පහලට හැලෙන්න ඔන්න මෙන්න තියෙද්දි ධනුර්ව ඉක්මනට ඒවා පිහිද ගත්තා. තෙධාෂ ධනුර්වගේ ළඟට ඇවිත් ඒ බුක් මාක් එක අරගෙන පොත ඇතුලට දාලා පොතත් මේසේ උඩින් තියලා ධනුර්ව ව බදා ගත්තේ ධනුර්ව කොණ්ඩේ අස්සෙන් අතැඟිලි යවලා ඔලුව සීරුවට පිරිමදින ගමන්.

"නෙත්සර්ජ, උඹ කොහොමද එහෙම හිතුවේ වත් උඹ දීපු දෙයක් මන් පරිස්සම් කරන්නැති වෙයි කියලා..." තෙධාෂ අහද්දි ඒකට උත්තරයක් නොදීපු ධනුර්ව තවත් තෙධාෂට තුරුලු වුණේ තෙධාෂ තවත් මුකුත් නො අහ ධනුර්ව ව තුරුලු කර ගද්දි. ටිකකින් ධනුර්ව තෙධාෂගෙන් ඈත් වුණහම ධනුර්ව ගිටාර් එකත් අරගෙන කාමරේට ගියේ තෙධාෂත් ධනුර්වගේ පස්සෙන් කාමරේට යද්දි. ගිටාර් එක පැත්තකින් තියපු ධනුර්ව ඇඳට නැග්ගේ තෙධාෂටත් එන්න කියලා හිසින් සන් කරන ගමන්. අලු පාටට හුරු බිත්ති වලින් වටවුණ කාමරේ කළු පාට කරට්න් වලින් ජනේල වැහිල තිබුණා. කලු පාට ඇතිරිලි දාපු ඇඳේ එක කෙලවරකට වෙන්න ඇලවුණු ධනුර්ව අනෙක් කෙලවර තෙධාෂට තිබ්බේ තෙධාෂ ධනුර්වගේ ඇඟේ හැපුණත් එහාට වුණ නිසා ධනුර්වත් එහාට වෙලා ඉන්න හදාගත්තු පුරුද්ද නිසා.

තෙධාෂ ඇඳට නැගල එහා කොනේ හිටපු ධනුර්ව ව ඉනෙන් ඇදලා එයා ළඟට ගත්තේ ධනුර්ව මොනවත් හිතාගන්නත් කලින්මයි. තෙධාෂගේ ධනුර්ව තමන් ළඟට ඇද ගෙන ධනුර්වගේ ඉන වටේ අත ඔතා ගෙන ඇස් දෙක පියාගත්තේ ධනුර්වටත් මේ මනුස්සයට එක පාර මොකද දැන් මීටරේ පරතරේ නැද්ද කියලා හිතන ගමන්.

'මුගේ වයර් මාරු වෙන ඉක්මන ගැන හිතන්න ගිහින් තමයි දවසක මට ට්‍රැක පනින්නේ!' ධනුර්ව තවත් තෙධාෂට තුරුලු වෙන ගමන් ඇස් දෙක පියා ගත්තේ තෙධාෂව අවුරුදු ගාණක් අරගෙන කියවන්න උත්සහ කළත් කියවලා ඉවර කරන්න බැරි, දවසින් දවස අලුත් යමක් තියන ලස්සන පොතක් කියලා හිතන ගමන්. තෙධාෂ හෙමින් ඇස් නො ඇරම ධනුර්වගේ නලලෙන් හාද්දක් තියලා ආයෙම ධනුර්වව තුරුලු කරගත්තා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now