30

436 80 110
                                    

 කළු වාහනේ හිටපු කෙනා ශටර් එක පාත් කරාම ධනුර්ව වාහනේ ඇතුළට එබිලා ඇතුලේ හිටපු කෙනා දිහා බැලුවා. ලා නිල් පාට ෂර්ට් එකකට ඩෙනිම් කලිසමක් ඇඳලා හිටපු ඒ කෙනා ව ධනුර්ව එක බැල්මෙන් ම අඳුරගත්තා.

" නෙත්සර්ජ නගින්න වාහනේට"

"අපේ අම්මා කියල තියෙන්නේ අඳුරන්නේ නැති අයගේ වාහන වලට නගින්න එපා කියල " ධනුර්ව බොරුවට මූණ හදල ඉස්සරහ බලා ගත්තා.

"නෙත්සර්ජ කිව්වම අහල නැගපන් වාහනේට!!"

"ආපෝ හරි හරි ඕකට ඔච්චර නැට්ට පාගගන්න ඕනෙද!" කියල ධනුර්ව වාහනේ පිට්පස්සෙන් නැග්ගා.

"ඉස්සරහින් නැගපන් නෙත්සර්ජ!"

"මෙහෙම හොඳයි අනේ ඉතින්..ආයේ බහින්න බෑ"

එතකොටම පාරේ ගියපු වාහනයක් හෝන් ගහන්න පටන ගත්තු නිසා තෙධාෂ වාහනේ ඩ්‍රයිව් කරගෙන ඉස්සරහට ගිහින් කවුරුවත් නැති අතුරු පාරකට හරවල වාහනේ අයිනට කරලා නතර කරලා සීට් බෙල්ට් එකත් ගලවල තෙධාෂ වාහනෙන් බැහැල ඇවිත් ධනුර්ව ගාවට ගිහින් කාර් එකේ දොර ඇරියා.

"බැහැපන්! බැහැල ඉස්සරහින් නැගපන්" අන්තිමේ වෙන විකල්පයක් තෙධාෂ ඉතිරි නොකරපු තැන ධනුර්ව ගිහින් ඉස්සරහින් වාඩි වුනාම තෙධාෂ දොර වහල ඩ්‍රයිවින් සීට් එකට නැගල දොර වහල ධනුර්ව දිහා ටික වෙලාවක් බලන් ඉඳල ධනුර්වගේ පැත්තට නැමුණේ ධනුර්වගේ ඇස් දෙක බලන් ඉද්දි පුදුමයෙන් ලොකු වෙද්දී. එක පාරටම කතා වල දැකපු දෙයක් මතක් වුණ නිසා සීට් බෙල්ට් එක දිහා බලපු ධනුර්ව එක එයා දාල නෑ කියන එකෙන් තෙධාෂ එන්නේ සීට් බෙල්ට් එක දාන්න කියල තේරුම් අරන් ටක් ගාල සීට් බෙල්ට් එක අරන් එක දාගන්න යද්දී තෙධාෂ ධනුර්වගේ අතින් අල්ලලා එයාව නවත්ත ගත්තා. තවමත් තෙධාෂගේ ඇස් දෙක තිබුණේ ධනුර්වගේ දිලිසෙන අළු පාට ඇස් දෙක ළඟ. පොඩ්ඩක් වත් අහක නොබල තෙධාෂ ධනුර්වගේ සීට් බෙල්ට් එක ඇදල අරන් දැම්මා. ඊට පස්සේ ධනුර්වගෙන් එහාට වුණ තෙධාෂ එයාගේ සීට් බෙල්ට් එකත් දාගෙන වාහනේ ස්ටාර්ට් කරගෙන පිටත් වුණා. ගෙදර යන්න ඉස්සරින් තෙධාෂ Beira kitchen restaurant එකින් නවත්තල ධනුර්වට කන්න අරන් දුන්නා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now