16

514 87 126
                                    

නිධාරා ගේ ඉස්කෝලේ සයන්ස් ඩේ එකේ competition එකට ලියන්න භාර ගෙන තිබුණ science fic එකට කරුණු හොයලා හොයලා රෑ පුරාම තෙධාෂයි ධනුර්වයි මහන්සි වුණා. ගොඩ දවසක් ඒකට ගත්තොත් වැඩ ගොඩක් පාඩු වෙන නිසා දවසක් හෝ දෙකක් අරගෙන ඒ වැඩේ ඉවර කරලා දාන්න ධනුර්වට ඕන වුණා. කොහොමත් වචන  දාහත් හා දෙදාහත් අතර ලියන්න කියලා තිබුණ නිසා ගොඩක් ලොකු ප්‍රමාණයක් ලියන්න තිබුණේ නැහැ. Science fiction ලියන එකේ අමාරුම කොටස විද්‍යානුකූල දත්ත ටික ගාණට එක්කහු කරගන්න එකයි. ඒ නිසයි ඒ වෙලාව ධනුර්වටයි තෙධාෂටයි ගොඩක් තොරතුරු හොයන්න වැය වුණේ.

"It's a spiral galaxy with a central bar shaped structure composed of stars. Bars are found in about half of all spiral galaxies."

"ම්ම් හරි ඔයාට ඕන තැනින් මේක  කතාවට දාන්න. Character එකයි story line එකයි  පරිස්සමෙන් build කරන්න. මොකද මේක report එකක් නෙවෙයි නේ"

"ආ හරි අයියේ. මන් මේක ලියල ඉවර කරලා අයියට structure එක හෙට ගෙනත් පෙන්නන්නම්..අයියට හෙට කැම්පස් යන්න තියෙනව නේ ඔයා නිදා ගන්න"

"කමක් නෑ මන් ඉන්නම්."

තෙධාෂ ධනුර්ව පොතේ structure එක ලියලා ඒකේ හරි වැරදි බලලා ධනුර්ව පොත ලියනකල් ම සෝෆා එකේ වාඩි වෙලා බලන් හිටියා. තෙධාෂටත් නොදැනි පාන්දර වෙද්දි එයාට හොඳටම නින්ද ගිහින් තිබුණත් පොත ලිය ලිය හිටපු ධනුර්ව ඒක දැක්කේ පොත ලියලා ඉවර වෙලා ඒක තෙධාෂට පෙන්වන්න යද්දි. තෙධාෂ නිදි නිසා ධනුර්ව සද්ද නැතුව එයාගේ කාමරේට ගිහින් බ්ලැන්කට් එකක් අරන් තෙධාෂට පොරවලා එයා ළඟින් බිම ඉඳගත්තේ තෙධාෂගේ මූණ හරියට පේන තැනකින්. තෙධාෂට නිදාගන්න ලේසි වෙන්න ලයිට් ඔක්කොම නිවපු ධනුර්ව  බැල්කනි එකට යන කර්ට්න් නොවහපු ලොකු වීදුරු දොර අස්සෙන් ගලාගෙන ආපු වීදී ලාම්පු එලියෙන් නැහැවිලා තිබුණ තෙධාෂගේ මූණ දිහා බලා ගෙන හිටියා. දිග ඇහි පිහාටු, ඝන ඇහිබැම දිහා කොච්චර බලන් හිටියත් ඒක එපා නොවෙන දසුනක් වුණා. ධනුර්ව තෙධාෂගේ දෙතොල් වෙතට ඇහැ යොමු කරේ දිග ඇහි පිහාටු වලට අමතරව ඒ දෙතොල් තෙධාෂගේ මූණට එකතු කරලා තිබුණ කඩවසම් බව මඟ හරින්න බැරි නිසා. ටිකක් වෙලා තෙධාෂ දිහා බලාගෙන ඉඳලා ධනුර්ව කාමරේට ගියේ නිදාගන්න කියලා හිතාගෙන වුණත් ඒ තෙධාෂගේ මූණ අමතක කරලා දාලා නිදාගන්න එක ධනුර්වට ලේසි වුණේ නැහැ. උදේ වෙනකල්ම ධනුර්වට නින්ද ගියේ නැති නිසා උදේම ඉස්කෝලේ යන්න ලෑස්ති වුණේ තෙධාෂ උදේම නැගිටලා කැම්පස් යන්න ලෑස්ති වෙද්දි. තෙධාෂ උදේ නැගිටලා වටපිට බලලා විනාඩියක් ඇතුලත තමන්ට ඊයේ සෝෆා එක උඩ නින්ද ගිහින් තිබුණා කියන එකත් ධනුර්ව බ්ලැන්කට් එකක් පොරවලා ගිහින් තියන බවත් වගේම ලාවට හීනෙන් වගේ ධනුර්ව එයාගේ මූණට එබීගෙන හිටපු බව මතක් කරගත්තා. මූණට එබුණ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒ ගැන හරිහමන් මතකයක් තෙධාෂට තිබුණේ නැහැ.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now