08

607 124 121
                                    

මෙව්ලිකගේ කුපාඩි අදහසකට අනුව තෙධාෂගේ කාමරේ spare key එක අරගත්තු ධනුර්ව තෙධාෂ බාත්රූම් එකට යන සද්දේ එලියෙ ඉදන් අහන් ඉදලා කාමරේට රිංගුවේ එයාගේ ආදරණීය සුදු යට කලිසම ආපහු එයා ගාවටම ගන්න.

"අනේ මේ ඉන්නේ ඔයා!!" තෙධාෂගේ රෙදි වනන රැක් එකේ වනලා තිබුණ එයාගේ සුදු යට ඇඳුම අරගෙන ෂේප් එකට කාමරෙන් ලිස්සලා යන්න හදද්දී ම තෙධාෂ බාත්රූම් එකෙන් එලියට ආවා. නාලා හිටපු නිසා තාමත් තෙත කොණ්ඩෙන් වැටුණ වතුර බිංදු හෙමින් නිරුවත් උඩ කය දිගේ පහලට වැටුණා. මහන්සි වෙලා හදපු ඇඟේ තිබුණ packs හින්දා තෙධාෂගේ ලස්සන තවත් වැඩි වෙලා තිබුණා. කොහෙත්ම තෙධාෂ කියන්නේ මේ ලෝකේ කෙනෙක් නෙවෙයි කියලා කෙනෙක්ට හිතෙන තරමට හරිම ගාම්භීර, කඩවසම් පෙනුමක් තෙධාෂට හම්බවෙලා තිබුණා.

ඒත් ඔය සේරම දේවල් ධනුර්ව ට තත්පර කිහිපයක් ඇතුලත බලලා ඉවර කරන්න වුණේ තෙධාෂ ඉක්මනට ටී ෂර්ට් එකක් ඇඳගත්තු නිසා. ඇඳුමත් අරන් ශේප් එකේ ලිස්සලා යන්න හැරුණු ධනුර්වට තෙධාෂ කතා කළා.

"ආයෙම ඔය මඟුල මගේ ඔලුවට වැටුණොත් නේ!!"

"සමාවෙන්න ඕන මගේ රත්තරන් නිලමේ අයියේ..ආයේ මේ පව්කාරයා එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෑ.. එහෙනං නිලමේ මට යන්න අවසර...." යට ඇඳුමත් එක්කම යටහත් පහත් විදිහට නැවිලා එහෙම කියපු ධනුර්ව තෙධාෂ ගේ කාමරෙන් ඉක්මනට එලියට ආවා. තෙධාෂ ගේ ඇඟ දැකලා ධනුර්වගේ රතු වෙලා ගිනි ගන්න කම්මුල් දෙක ධනුර්ව එයාගේ අත් දෙකෙන්ම අල්ල ගත්තේ තෙධාෂගේ කාමරෙන් එලියට ගිහින් දොරත් වැහුවට පස්සේ. කොච්චර කලත් එදා දවස පුරාම තෙධාෂ ඇඟ දැකපු ඒ සිද්ධිය අමතක කරන්න ධනුර්වට බැරි වුණා වගේම තෙධාෂගේ ඇඟේ පුංචි ම පුංචි detail එක පවා ධනුර්වගේ මනසේ හොඳට ඇඳිලා තිබුණා. පිරිපුන්, ජිම් ගිහින් හදලා තිබුණ සික්ස් පැක් තියන ඇඟ, කොච්චර බැලුවත් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති පපුව, පපුවේ වම් පැත්තට වෙන්න තිබුණ පුංචි birthmark එක පවා ධනුර්වගේ මනසේ ඇඳිලා තිබුණා.

මුලු දවස පුරාම පුලුවන් හැම වෙලාවකම ධනුර්ව කලේ තෙධාෂ ව මඟ ඇරපු එක. කොහොමහරි තෙධාෂ ධනුර්ව එයාව මඟ අරිනවා කියන එක හොඳටම දැක්කා වුණත් හේතුව මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. වගේම එයාට ඒක අහන්න ඉඩක් ලැබුණෙත් නැහැ.

කටුපිටපත| KATUPITAPATHATempat cerita menjadi hidup. Temukan sekarang