13

594 101 92
                                    

ධනුර්ව ඇස් අරිනකොට එයාට මුලින්ම පෙනුනේ සුදු පාට සිවිලමක්. වටපිට හෙමින් බලද්දි අම්මායි චූටි අක්කයි එයා ළඟින්ම වාඩි වෙලා ඉන්නවා වගේම තෙධාෂ ටිකක් එහායින් වාඩි වෙලා හිටියා. ධනුර්ව ඇස් අරිනකොටම වගේ අම්මයි චූටි අක්කයි දෙන්නා හිටපු තැන්වලින් නැගිටලා ධනුර්ව ගාවට ආවා.

"දැන් කොහොමද චූටි පුතා?? අමාරුද තාම??"

" මට අවුලක් නෑ අම්මා" ධනුර්ව යන්තම් නැගිටින්න හදද්දි ධනුර්වගේ අම්මා ධනුර්වට නැගිටින්න උදව් කළේ ධනුර්ව අවුලක් නැහැ කිව්වට ලාවට කලන්තේ ගතියක් ධනුර්වට තවම දැනෙනවා කියලා අම්මා දැකපු නිසා.

"මන් කිව්වා කෑම වේල අතපහු කරන්න එපා කියලා! කෝ අහනවද?? හොඳ වෙලාවට තෙධාෂ පුතා හිටියේ."

"අයියෝ අම්මා....  බනින්න එපා...අම්මෝ මගේ ඔලුව!! පැලෙන්න වගේ!!"

ධනුර්ව ඔලුවත් අල්ලගෙන එහෙම කිව්වම අම්මා බනින එක නතර කරන්න ගත්තේ ධනුර්වට ඇත්තටම අමාරු ඇති නිසා කියලා හිතපු නිසයි. ඒත් චූටි අක්කා මල්ලිගේ රඟපෑම දන්නවා වුණත් කටවහන් අම්මට නොපෙනෙන්න හිනාවුණත් අම්මට කාරණය කියන්න ගියේ නැහැ.

හවස් වෙලා ටිකට් කාපාගෙන ගෙදර ආපු ධනුර්වට මුලින්ම අහන්න හම්බ වුණේ ප්‍රින්සිපල් තාත්තාගේ බැනුම. ඒත් ධනුර්ව වැඩිය ඒ ගැන අහන් ඉන්නේ නැතුව කෑම කාපු ගමන් කාමරේට ගියේ නිදා ගන්න. කාමරේ දොර වහලා ඇඳට යන්න හදන කොට ම කවුරුහරි දොරට ගහන සද්දේ නිසා නිවපු ලයිට් ආපහු දාලා දොර ඇරලා බැලුවේ අම්මා හරි අක්කා හරි වෙන්න ඇති කියලා වුණත් ඇවිත් හිටියේ තෙධාෂ අයියා.

"නෙත්සර්ජ...කෑම අතපහු කරන්න එපා මීට පස්සේ. අනික ලබන සතියේ වෙහිකල් එක ගෙනාවම මන් ගෙදර ගිහින් දාන්නම්"

ධනුර්ව මුකුත් උත්තරයක් දෙන්නත් කලින් තෙධාෂ ආපහු කාමරේට ගියපු නිසා ධනුර්ව දොර ඉස්සරහට වෙලා ඒ තෙධාෂ කියපු වචන කිහිපය ගැන ආයේ හිතන්න පටන් ගත්තා. තෙධාෂ තමන් ගැන ඇයි හිතන්නේ කියලා කොච්චර කල්පනා කලත් උත්තරයක් හම්බවුණේ නැති නිසා ධනුර්ව උපකල්පනය කළේ තෙධාෂ එයාලගේ ගෙදර ඉන්න නිසා යුතුකමක් වශයෙන් එහෙම කරනවා කියලයි. ඒ අනුව ඒ උපකල්පනය එයාම කරලා එයාම ඒ උපකල්පනය තහවුරු කරගෙන තිබුණා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now