40

453 77 103
                                    

'වෙන්න පුලුවන්ද ඒක!! අයියා මෙච්චර දවසක් තිස්සේ කැමති මටද??? මන් නිසාම හොරෙන්ම කොළඹ ඇවිත් හොරෙන්ම මාව බලලා ගිහින්!! දෙයියනේ...සීතලයි කියලා හිතන් හිටියට කවුද දැනගෙන හිටියේ තත්පරෙන් තත්පරේට උණු වෙන ආදරයක් හිත අස්සේ හංගන් ඉන්නවා කියලා...'

ධනුර්ව මැත්ස් ක්ලාස් ඉවර කරලා තෙධාෂ එක්ක වාහනේ යන ගමන් කල්පනා කළේ තෙධාෂත් ධනුර්ව දිහාවට අවධානය දෙද්දි. තෙධාෂ ධනුර්ව දිහා බලලා ඇයි කියලා ඇහුවම ධනුර්ව ලාවට හිනා වෙලා මුකුත් නෑ කියන්න ඔලුව වනලා ඉස්සරහ බලාගත්තේ තෙධාෂත් හිනා වෙලා ධනුර්වගේ ඔලුවට අත තියලා කොණ්ඩේ අවුල් කළහම.

"මේ කොහෙද යන්නේ?" ධනුර්ව ඇහුවේ තෙධාෂ වෙනදට ගෙදර යන පාර වෙනුවට වෙන පාරක යන්න පටන් ගත්තු නිසා.

"මොකද උඹ බයද?" තෙධාෂ කට කොනෙන් හිනාවේගෙනම වාහනේ drive කරන් ගියේ ධනුර්ව කටත් ඇද කරලා ඉස්සරහ බලා ගනිද්දි. තෙධාෂ වාහනේ One galle face mall එකෙන් කාර් පාක් එකෙන් නතර කළේ තෙධාෂ මොකටද මෙතනට ආවේ කියලා කල්පනා කරන ගමන්. ඒත් ඇත්තටම ධනුර්වටත් නොකිව්වට එක්සෑම් එකේ පීඩනයෙන් පොඩිම පොඩි හරි සහනයක් ඕන වෙලා තිබුණා. ඉතින් OGF එකෙන් වාහනේ නතර කළහම ධනුර්වගේ හිතටත් පොඩි සැහැල්ලුවක් දැනුනා. තෙධාෂ ධනුර්වත් අරගෙන Baskin Robbins ice cream shop එකට ගිහින් ධනුර්වට කැමති එකක් ඕඩර් කරන්න කියලා කිව්වම ධනුර්ව පොඩි එකෙක් වගේ දිලිසෙන ඇස් වලින් තෙධාෂ දිහා බලලා එයා කලින් ට්‍රයි කරලා නැති ඒත් ආසාවෙන් හිටපු ෆ්ලේවර් එකක් වුණ cotton candy ice cream එක ඕර්ඩර් කළාම  තෙධාෂ Rocky road ෆ්ලේවර් එකෙන් ඕඩර් කලා.

"ඕං ඔහේ අපිට ලී හැඳි දෙකකුත් දෙන්නකො අයියේ!! ත්‍රිකලා අක්කා කිව්වා වගේ කන්නත් එපැයි" ධනුර්ව කියද්දි shop එකේ අයියටත් හිනා ගියා. එයා හිනාවෙන ගමන්ම ලී හැඳි දෙකකුත් දුන්නම ධනුර්ව එයා ගේ ලී හැන්දත් අරන් නට නට ෂොප් එකෙන් එලියට ආවේ පොඩි එකෙක්ට අයිස් ක්‍රීම් එකක් අරන් දුන්නා වගේ.

"නටන්නැතුව හිටහංකො බං එක විදිහකට..."

"බෑ අනේව්...අයියා මට ආදරෙන් අයිස් ක්‍රීමකුත් අරන් දුන්නම මට සතුටුයි නේ!! නටන්නැතුව කොහොමද???"  ධනුර්ව තාලෙට ඇදලා කියද්දි තෙධාෂ හිනා වෙලා ඉස්සරහ හැරුණේ ධනුර්වත් තෙධාෂගේ ඒ හිනාවට පෙරලා හිනා වෙන ගමන්. ධනුර්වගේ කියුට් වැඩ දිහා බලන් OGF එකේ ඇවිදපු තෙධාෂ පැයකින් විතර පස්සේ නට නට ඇවිදින ධනුර්ව වත් ඇදගෙන ආපහු වාහනේ ළඟට ආවේ ඒ රිලැක්ස් වුණ ප්‍රමාණය ඇති නිසා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now