07

614 121 157
                                    

"දැන්ම අහලා බෑ බං. මන් නිධාරා ගෙන් AL ඉවර කරලා අහනවා.  ඔය කැමති නෑ වගේ ඉන්නේ AL නිසා වෙන්නත් පුලුවන් නේ"

ධනුර්ව ගෙදර ඇවිත් මෙව්ලිකට කෝල් එකෙන් එහෙම කිව්වේ open area එකේ සෝෆා එකේ ඉඳන්. පොත ලියන්න හිතාගෙන open area එකට එන ගමන් හිටපු තෙධාෂ අයියට මුලින්ම ඇහුනේ ඒ වාක්‍ය. එයා හිටපු තැනම නත වෙලා ධනුර්ව දිහා බලාගෙන හිටියා.

තෙධාෂ ව දැකපු ධනුර්ව අතින් එන්න කියලා පෙන්නලා එතනින් නැගිටලා කාමරේට ගියේ එයා ඉන්න එකෙන් තෙධාෂට කතාව ලියන්න බැරි වෙයි කියලා හිතලා. තෙධාෂ තමන්ට අතත් වනලා යන ධනුර්වට එක පාරක් රවලා එයාව ගණන් ගන්නේ නැතුව සෝෆා එකේ වාඩි වෙලා පැය දෙකක් තිස්සේ හිටියත් එක වචනයක් වත් ලියාගන්න තෙධාෂට බැරි වුණා.

ෆෝන් කෝල් එක ඉවර කරලා ධනුර්ව කාමරෙන් එලියට එද්දීත් තෙධාෂ කිසිම අකුරක් ලියාගන්න බැරුව ඔහේ සෝෆා එකට වෙලා වාඩි වෙලා හිටියා. පහලට යන්න හිතන් කාමරෙන් එලියට ආපු ධනුර්ව තෙධාෂ ව දැකලා එයා ළඟට ඇවිත් සෝෆා එකේ එහා කෙලවරෙන් වාඩි වුණේ තෙධාෂ අයියා එයා ලං වෙන හැම පාරකම ගව් ගාණක් දුරට පනින නිසා.

"අහෙම්! තෙධාෂ අස්නිරු රචක උතුමාණන් බර කල්පනාවක වගේ...." ධනුර්වගේ කටහඬට තෙධාෂ ගේ කල්පනාව බිඳුනත් තෙධාෂ මුකුත් නොකියා ජනේලෙන් එලිය බලා ගත්තා.

"හෙට ඉදන් ඔයාගේ පන්ති පටන් ගන්නවා..නොකිව්වට ඔයා බය වෙලා නේ?? ඔව්වා ඔහොම තමා බය වෙන්න එපා!! ආ මේ....ඔයාගේ ක්ලාස් එකට නිධාරාත් එනවලු..මන් එයාව පස්සේ සෙට් කරගන්න ඉන්නේ..උදව්වක් දෙන්න හොඳේ"

"තමුසෙට මාව පේන්නේ කපුවෙක් වගේද???" කියලා කෑගහගෙන තෙධාෂ නැගිටලා තරහෙන් එයාගේ පොතයි පෑනයි අරගෙන ආයෙම එයාගේ කාමරේට ගියා.

'යකෝ! මූ බලපංකෝ!! මූකලන් හිවලා! තම්බපු ඌරු හොට ප්ලැටිපසා..ආ නෑ තාරා හොට ප්ලැටිපසා!! අම්මපා මුට මේ ආත්මෙට කෙල්ලෙක් නං සෙට් වෙන්න එපා!!  ධනුර්ව තමන්ට හිතෙන හිතෙන හැටියට තෙධාෂට බැන්නා.

තෙධාෂ ගේ මුල්ම ක්ලාස් එක ඒ විදිහට රොටරියේ පොඩි ක්ලාස් එකකින් ආරම්භ වෙන්න තිබුණත් ඒ පොඩි ක්ලාස් එක මදිවෙන තරමට සෙනඟ හිටියා. දාහක් දෙදාහක් නැතත් අඩුම ගාණේ එතන තුන්සීයකට වඩා හිටිය නිසා හෝල් එක මාරු කරන්න රොටරි එකේ staff එකට සිද්ධ වෙද්දි ධනුර්වයි, මෙව්ලිකයි එයාලගේ තව යාලුවෙක් වුණ සතිර්ශ තූන්දෙනා ශේප් එකේ පිටිපස්සට රිංගන්න කුරුමානන් අල්ල අල්ල හිටියේ. කුරුල්ලෙක් ට කුරුමානන් අල්ල අල්ල ඉද්දි අයිතිකාරයා විසින් විසින් නැට්ටෙන් අල්ලන් ගේ අස්සට දාලා වහපු පූස් තඩියො තුන්දෙනෙක් වගේ ඒ තුන්දෙනාට පිටිපස්සට රිංගන්න නොදී තෙධාෂ ඉස්සරහ පේලියටම ගත්තා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now