33

435 85 94
                                    

ගෙදර ගිහින් හවස් වරුවමයි රෑ කෑමෙන් පස්සේ පැය කීපෙකුයි පාඩම් කරපු ධනුර්ව කාමරෙන් එලියට ඇවිත් ඕපන් ඒරියා එකේ බැල්කනි එකට යන විශාල ජනේලේ ඇරලා බැල්කනි එකට ගිහින් කළු පාට යකඩ වැටට අත් දෙක තියන් ඒකට බර වුණා. කිසිම කලබලයක් නැතුව ගෙවෙන ඒ වගේ වෙලාවන් ධනුර්ව කවදත් ආස කළා. නිදහසේ හමන හුළඟ, රෑ අහස, වටේටම වීදි ලාම්පු වලින් එලිය වෙලා තියන විදිහ ධනුර්වගේ කොච්චර බැලුවත් එපා නොවෙන දේවල් අතරින් ඉහල තැනක් ගත්තා. ධනුර්ව නිදහසේ ඇස් දෙකත් පියාගෙන ඒ නිහඬ රෑ රස විදින අතරේ තමන්ට ළඟ ළඟම ඇහෙන අඩි සද්දය නිසා ඇස් ඇරලා බලද්දි ඒ අඩි සද්දයේ අයිතිකාරයා ධනුර්වගේ එහා පැත්තෙන් බැල්කනි එකට අත් දෙක තියන් බැල්කනි එකට බර දුන්නා.

"මෙව්ලික top board තේරෙන්න ඉන්නේ නේ" ධනුර්ව තමන්ට එහාපැත්තෙන් ඉන්න තෙධාෂ දිහා බැලුවා. "අපරාදේ උඹ හිටියනං අපේ ඉස්කෝලේම HP වෙන්න තිබ්බා උඹට"

"සමහර දේවල් තියනවා අයියේ අපි කොච්චර ආසාවෙන් හිටියත් අන්තිම මොහොතේ ඒ දේවල් අතෑරලා යන්න වෙන. HP වෙන එක මගේ හීනයක් වෙලා තිබුණේ. ඒක අත අරින්න හිත හදාගන්න මට සෑහෙන්න අමාරු වුණා. ඒත් යන්නම වෙන තැනක අල්ලන් ඉන්නවට වඩා අත අරින එක තමා හොඳම දේ"

"ඒ වගේම තව සමහර දේවල් තියනවා අත අරින්නම වුණත් තුවාල වෙලා ලේ වැගිරෙද්දිත් අත් අරින්නේ නැති"

"හ්ම්....අයියා මේ වෙලාවේ ආවේ?"

"උඹට හොල්මන් වැහිලද බලන්න ආවේ"
ධනුර්ව ඒකට හිනා වුණා. හිනා වෙද්දි දිලිසෙන ඒ අලු පාට ඇස් අඩ අඳුරේ වුණත් තෙධාෂගේ හිතේ සුව නොවී කැකෑරෙන තුවාල වලට ගෙන ආවේ පුදුම සහනයක්. 

"හොල්මන් කියන්නේ අයියේ...මැත්ස් හොල්මන මාව පණ පිටින් ගිලිනවා නේ..බැරිද මාව බේරගෙන ඔය අත් දෙක අස්සේ හංගගන්න?" ධනුර්ව එහෙම අහද්දි තෙධාෂ බැල්කනි එකෙන් අහකට වෙලා කෙලින් හිටිගෙන ධනුර්වගේ අළුපාට ඇස් දිහා කෙලින් බැලුවා.

"මට පුලුවන් නෙත්සර්ජ ඔයාව මගේ අත් දෙක අස්සේ හංග ගන්න. ඔයාට එන හැම කරදරයකින් ම ඔයාව බේරගෙන හංගන් ඉන්න පුළුවන් මට"

කටුපිටපත| KATUPITAPATHAOnde as histórias ganham vida. Descobre agora