37

489 81 97
                                    

"ලොකු අයියේ, දැන් ඔයත් මෙහෙම ආවම පොඩි අයියා තනියම අර කූඩූවේ අප්පච්චි එක්ක හිර වෙනවා නේද?"  තෙධාෂ කොස්සක් අරන් බිම අතු ගාන ගමන් එහෙම කිව්ව ම තෙධාස්වර ඇඳුම් නවන එක පැත්තක තියලා ඇඳ උඩ තිබ්බ ඇඳුම් ගොඩ උඩම වාඩි වුණේ දිග හුස්මක් පහත හෙලන ගමන්.

"මන් දන්නවා චූටි...පොඩි මල්ලි එතන තනි වෙනවා කියලා.. මන් මේ කලබල ඉවර වුණ හැටියේ එයාව ගෙන්න ගන්නවා. තව මාස කීපයයිනේ එයාගෙත් degree එක කම්ප්ලීට් වෙනවනේ. අම්මාව කොහොමද ගලවගන්නේ කියලයි මම කල්පනා කළේ.."

තෙධාෂ කොස්ස පැත්තකින් තියලා ලොකු අයියගේ ඇඳ උඩ තිබුණ රෙදි අහකට කරලා එතනින් වාඩි වෙලා තෙධාස්වර අයියගේ අත උඩින් එයාගේ අත තියලා තද කරලා අල්ලගත්තා. අප්පච්චි වගේ දරුණු මිනිහෙක් ගේ පුතාලා වුණ ඒ තුන්දෙනාට මේ තරම් වේදනාවක් උරුම වෙලා තියන එක අරුමයක් නෙවෙයි. කොල්ලො වුණත් කියාගන්න බැරි තරමේ අසරණ කමක් ඒ තුන්දෙනාගෙම හිත් අස්සේ හැංගිලා තිබුණේ ඒ හැමදේම ගෑනු කෙනෙක් වෙලත් අම්මා කොහොම ඉවසන් ලෝකෙට පේන්න හිනා වෙලා ඉන්නවද කියලා වත් හිතාගන්න බැරුව.

"හැමදේම හරි යයි නේද අයියේ කියල අහලම මටත් ඇති වෙලා ලොකු අයියේ..මම දන්නවා හැමදේම හරියන එකක් නෑ කියලා..." තෙධාෂ කියද්දි තෙධාස්වරගේ හිතත් රිදුම් දුන්නේ තමන්ගේ චූටි මල්ලිගේ පොඩි වයසට හිතේ හිරවෙලා තියන වේදනාව සම්පූර්ණයෙන් ම නැති කරලා දාන්න තමන්ට බැරි බව හොඳටම දන්න නිසයි. අප්පච්චි එයාලව පාලනය කරන තාක් කොහොමද ඒ වේදනාව හිත් වලින් අයින් කරගන්නේ???

"හැමදේම හරි යයි කියලා පොඩි කාලේ උඹට කිව්වට තවත් ඒ බොරුව කියලා තේරුමක් නෑ...ඒත්...ඔයාගේ සතුට ඔයාට හිමිවෙන්න ඕන මල්ලි...ඔයාගේ නිදහස, ඒක ඔයාගේ අයිතිය...හරි ඒක අපි පස්සේ කතා කරමුකො.... දැන් මොකෝ අර උඹේ අලු පාට ඇස් නටන බෝනික්කා??" තෙධාස්වර ධනුර්ව ව මතක් කරපු එකටම විතරක් තෙධාෂගේ මූණ රතු වෙලා ආයෙම යථා තත්වෙට ආවා. ආවා..කිව්වට අමාරුවෙන් එයා යථා තත්වයට අරගත්තා කිව්වොත් වඩාත් නිවැරදියි.

"උඹ ඕක හිත ඇතුලේ හංගන් බම්බු ගහනවද බං?" තෙධාස්වර ආයෙම ඇහුවේ තෙධාෂ මුකුත් නොකියා නිහඬ වුණ එකෙන්ම උත්තරේ දැනගෙනමයි.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now