09

565 107 141
                                    

"ඕයි රෙද්ද මම මේ මීටර් සේතුව අල්ලලා කුඩු කරනවා!! ඇයි මලවදේ මේක විතරයි තියෙන්නේ වගේ මේකම අල්ලං ඉන්නවා"

ගණන් කරන්න බැරි තරම් වාර ගාණක් කරලා තිබ්බ මීටර් සේතුව practical  එක ආයෙම පාරක්  කරන ගමන් සතිර්ශ කෑ ගැහුවා.

"මෝර්ටීන් ටිකක් ගහලා පන්නලා දාමු බං මේ තට්ට සේතුවා ව!!" මෙව්ලිකත් කිව්වේ නෝක්කාඩු ස්වරයෙන්. පන්තියේ හිටපු මීටරේ සිට පීටරේ ,කේතලේ, මෝටරේ දක්වා හැමෝගෙම මූණූ මැලවිලා තිබුණේ හරියට මෝර්ටීන් ගහපු කැරපොත්තො ටිකක් වගේ. ඒත් තට්ට සේතුව ඉශංකා මිස් කලින් දවසක අටවපු මීටර් සේතුව ඉස්සරහට වෙලා හූල්ලනවා.

ඇත්තටම කරදරයක් වුණ තට්ට සේතුවාගේ ප්‍රේම වෘතාන්තය අතිශය ශෝකජනක එකක් බවට පත්වුණේ මේ තට්ට සේතුව සර්ගේ පරම පූජිත ප්‍රේමය නැමැති බම්බුවේ අග මුල දැනගත්තු ඉශංකා මිස් තට්ට සේතුව ලැබ් එකේ හිටපු එකම වෙලාවක වත් ලැබ් එකේ පස් පාගන්න තියා ලැබ් එක අහලකින්වත් නොගියපු නිසයි. තේකක් බොන්න, පොඩ්ඩක් හුලං ටිකක් වදින්න ෆෑන් එක යටට එන්න, තට්ටේ පොඩ්ඩක් පීරගන්න ආදි එකී මෙකි නොකී නානාප්‍රකාර ජාති කිය කිය staff room එකට රිංගපු තට්ට සේතුව නිසා අන්තිමේ ඉශංකා මිස්ට staff room එකේවත් ඉන්න නැති වුණාය. ඒකෙන් අන්තිමට සිද්ධ වුණේ අහිංසක දහතුන වසරේ මැත්ස් බයො ලමයිට physics period වල ලැබ් එකට ගාටලා තට්ට සේතුව මීටර් සේතුව දිහා බලන් වඩන ප්‍රේම භාවනාව අවසානයේ සාධුකාරයක් දෙන්නටය.

කොහොමහරි අනික් practical ටිකත් ෂේප් එකේ කරගන්න දහතුනේ ළමයිට පුලුවන් වුණේ අරුණෝද සර් නිසා. අරුණෝද සර් කොහොමත් තට්ට සේතුව එක්ක අමනාපයි. මොකද ඉශංකා මිස් කියන්නේ අරුණෝද සර්ගේ වෙන්න භාර්යාව. තට්ට සේතුව සර්ටත් අරුණෝද සර් අරහං. කොයි වෙලාවේ බැලුවත් අරුණෝද සර්ට බැනලා තමයි පාඩම වුණත් පටන් ගන්නේ. ඉතින් මේ සේරම දැනගෙනත් දන්නේ නෑ වගේ ඉන්න අහිංසක ළමයි මේ ලව් එක නිසා පුදුම දුකක් වින්දා.

හවස ගෙදර ගිහින් වොෂ් දාලා කෑමත් කාලාම පාඩම් ටිකක් කරපු ධනුර්ව හවස් වෙලා ගිටාර් එක අතට ගත්තේ මහ රෑ දෙගොඩ හරියේ ගිටාර් එක අතට ගන්න පුරුද්ද පොඩ්ඩක් break කරන ගමන්. ගොඩක් වෙලාවට ධනුර්ව එහෙම කරන්නේ හිතේ ප්‍රශ්නයක් හිරවෙලා තියන වෙලාවක. ඕනෙම දේකට එයාගේ ළඟින් හිටියේ මියුසික් වුණත් ජීවිතේ ඉස්සරහට ගැටගහලා තියන හයිය ලණුව විදිහට මියුසික් කියන දේ තෝරගන්න ධනුර්වගේ තාත්තා ඉඩ දුන්නේ නැහැ. කොච්චර ධනුර්වගේ අම්මා, අක්කලා දෙන්නා මල්ලිට ආස දේ කරන්න දෙන්න කියලා පිණ්සෙන්ඩු වුණත් ඒක හරි ගියේ නැහැ. අන්තිමේ ධනුර්ව වුණත් පරාජය භාර අරගෙන මැත්ස් කරන්න ගියේ තවත් අම්මලා අක්කලා එයා වෙනුවෙන් රණ්ඩු වුණොත් තාත්තාගෙන් කම්මුල් පාරක් අක්කලා දෙන්නට හම්බ වෙන නිසා. එයා නිසා අක්කලා ගුටි කන එක ධනුර්වට ඉවසන්න අමාරුයි.  කොහොම වුණත් විනෝදාංශයක් විදිහට මියුසික් කියන දේ ධනුර්වට තහනම් නොවිච්ච නිසා දිගටම මියුසික් එක්ක ඉන්න ධනුර්වට පුලුවන් වුණේ කාන්තාරයට වැටුණ දිය පොඳක් වගේ.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now