06

567 106 139
                                    

"අනේ කොච්චර එකක්ද පුතේ...චූටි පුතා හැමතැනම මැත්ස් ක්ලාස් එකක් හෙව්වා. එකක්වත් හරි නැහැයි කිව්වේ එයාට..තව මාස කීයද අනේ පුලුවන් නම් පොඩ්ඩක් කරනවද? Private session එකකුත් කරමු මම ගෙවන්නං" ධනුර්වගේ අම්මා තෙධාෂ ධනුර්වට මැත්ස් ටික කියලා දෙන්නම් කියපු යෝජනාවට එක පයින් කැමති වුණා. ධනුර්ව ඒකට අකමැත්ත පල කලේ නෑ වගේම කැමති වුණෙත් නැහැ. කොටින් ම එයා කිසි හැඟීමක් නැති එකෙක් වගේ ඔහේ බලාගත්තු අත බලන් හිටියා. එදා නිධාරා තෙධාෂ අයිය එක්ක photo ගහපු හැටි, fans ලා තෙධාශ අයියගෙන් sign එකක් ගන්න පොරකාපු හැටි දවස පුරා
ම ධනුර්වගේ ඔලුවේ හොල්මන් කලා.

ඒ හින්දම ධනුර්වට තෙධාෂ රොටරි එකේ අලුතෙන් මැත්ස් ක්ලාස් එකක් පටන් ගන්නවා කියන දේ පවා ඇහුනේ නැහැ. අම්මා කියන ඕන එකක් හා කියලා ඉක්මනට කෑම මේසෙන් නැගිටලා ධනුර්ව කාමරේට ආවේ නිදිමතයි කියලා වුණත් තෙධාෂ ධනුර්වගේ නිදි මතේ දිග පළල දැනගෙන හිටියා. හැබැයි හරියටම පැහැදිලි නැති කොනකුත් ඒ නිදිමත ඇතුලේ ඉතිරි වෙලා තිබුණා.

"නෙත්සර්ජ ඔහොම ටිකක් ඉදපන්" කාමරේට යන්න පඩිපෙල නගින ධනුර්ව ට තෙධාෂ කතා කරලා නවත්තගත්තා. ධනුර්ව පඩිපෙලේ නැවතිලා තෙධාෂ දිහා බලන් ඉද්දි තෙධාෂ පඩිපෙල නැගලා ධනුර්ව ළඟට ආවා. ඒත් එයාලගේ අතර එක පඩියක පරතරේ තියන්න තෙධාෂ අමතක කලේ නැහැ.

"හෙට රෑට.."

"ම්ම්??"

"හෙට රෑට ක්ලාස් එක පටන් ගන්නවා open area එකට එන්න 7 වෙද්දි" කියාගෙන තෙධාෂ යන්න හැරුණා.

"ඔයා නිධාරාට කැමතිද?"

තෙධාෂ තියන්න හදපු අඩිය ආපහු අරගෙන ධනුර්ව දිහා බැලුවා. හරියටම ඇස් දෙක දිහා කෙලින්.

"නැහ්!" එච්චරක් විතරක්ම කියලා තෙධාෂ ආපහු හැරිලා කාමරේට ගියා.

"අනේ තෝ අංගවිකල ගොලුබෙල්ලා! එහෙම අහනවද ඕයි..ඌ ඒකිව දැක්කෙත් එදාමයි එච්චර ඉක්මනට කැමති හිතෙනවද බල්ලො" මෙව්ලිකට ධනුර්ව විස්තරේ කිව්වම උපදෙස් පතාගෙන ඒ විස්තරේ කියපු ධනුර්වට උපදෙස කෙසේ වෙතත් කන්කලු ඝර්ජනාවක් ලැබුණා.

"Love at first sight අහලා නැද්ද උඹ..නිධාරා කැමති ද කොහෙද බං අයියට..මන් මොකද කරන්නේ දැන් සිරාවට?"

කටුපිටපත| KATUPITAPATHANơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ