23

477 81 170
                                    

"චූටි පුතා එන්න කන්න.." අම්මා රෑට කන්න ධනුර්වට කතා කරපු නිසා බඩගින්නේ ඉටපු ධනුර්ව ඉක්මනට පහලට දුවගෙන ආවේ තෙධාෂ එක්ක වුණ බහින්බස් වීමත් අමතක කරලා. ඒ වුණත් කෑම මේසේදී ධනුර්ව පාඩුවේ කෑවා මිසක් තෙධාෂ දිහා බැලුවේ නැහැ. තෙධාෂ හිතුවේ තාමත් ධනුර්ව එයත් එක්ක තරහ වෙලා ඉන්නවා කියලයි. පුරුදු විදිහට කාල ඉවර වෙලා මේසෙන් නැගිටින්න ගියපු ධනුර්ව ව අම්ම නවත්ත ගත්තා.

"ඔහොම ඉන්න මේ තෙධාෂ පුතා, ඔයා ආස නිසාම පැය ගානක් මහන්සි වෙලා කස්ටඩ් පුඩිමක් හැදුවා ඒක කාලාම යන්න" අම්මා එහෙම කිව්වම ලොකු අක්කට කකා හිටපු කෑම එකත් පොඩ්ඩක් හිරවෙන්න ආවා. ධනුර්ව ට 'ඔයා ආස නිසා' කියන වචනේ හිතට වැදුනා මොකද උදේ ඉදන් හිටගෙන උගුර කඩාගෙන උගන්නල උගන්නල ඇවිල්ලා ධනුර්ව වෙනුවෙන් එයා ආසම කෑමක් හදන්න පවුලේ නොවෙන කෙනෙක් මහන්සි වුණ පලවෙනි වතාව ඒ. අම්මා ෆ්‍රිජ් එකෙන් පුඩිම ගෙන්නල්ල තාත්තට දීලා ඊලඟට ධනුර්වට කෑල්ලක් දුන්නා. කඩේකින් කියල හැදෙව්වා වගේ පුදුම neat එකට පෙනුමට පුඩිම තිබුණා. පෙනුම වගේම රහත් තියනවද දන්නේ නෑ කියල හිතපු ධනුර්ව pudding කෑල්ලක් කටේ දාගත්තම තමා තේරුණේ තෙධාෂ තරම් පර්ෆෙක්ට් හැම දේකටම දක්ෂ කෙනෙක් තවත් නැහැ කියලයි.

"ම්ම්!! අඩේ අයියේ රහයි ආ පුඩිම..ඔයාට හොඳට උයන්න පුළුවන් කියල මන් දැනන් හිටියේ නෑනේ" ධනුර්ව කාමරේට යන්න පඩිපෙළ නගින ගමන් පහළ හිටපු තෙධාෂ කිව්වා.

"නෙත්සර්ජ මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?" ධනුර්ව ඔලුව වනල පඩිපෙළ නැග්ගම තෙධාශ ධනුර්ව එක්ක පඩිපෙළ නැගල ඕපන් ඒරියා එකේ සෝෆා එකෙන් ඉඳගත්තා. පරතරයක් ඒ දෙන්නා අතර නොතියා.

"කියන්න අස්නිරු අයියේ...මටත් ඇත්තටම ඔයාටත් කියන්න දෙයක් තියනව "

"මට ඔයාට එහෙම නොකියා ඉන්න තිබුණා. සොරි ඇත්තටම..."

"මටත් සමාවෙන්න අයියේ මන් කැත  විදිහට බැන්නේ ඔයාට...ඒත් ඇත්තටම.... ඔයාට මාව පේන්න බැරිද අයියේ?" ධනුර්ව එහෙම ඇහුවම තෙධාෂ ධනුර්වගේ ඇස් දෙක දිහා කෙලින් බැලුවා. තෙධාෂ ධනුර්වගේ ඔලුවට අත තියල හෙමින් ඔලුව අත ගාල ආපහු තමන්ගේ අත අහකට ගත්තම පොඩි පරතරයක් විතරක් තිබුන ඒ දෙන්නගේ මුණු වල එකිනෙකාගේ හුස්ම වදිනකොට ධනුර්වගේ හදවත පුරා නිධාරා නිසා ඇති නොවුණු,ඒත් තෙධාෂ නිසා ඇතිවුණු අමුතු හිරියක්, අමුතු හැඟීමක් දැනෙද්දී ධනුර්ව තමන්ගේ ප්‍රශ්නයට උත්තරයක් බලාපොරොත්තුවෙන් ඒ කෝපි පාට ඇස් ඇතුලේ ගිලෙමින් හිටියා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now