29

431 76 109
                                    

රෑ කෑම කාල ඉවර කරලා කට්ටිය හුඟක් රෑ වෙනකල් ම කතා කරලා නිදා ගන්න ගියේ පාන්දරම තෙධාෂගේ ගෙදර අයට නුවර යන්න තිබුණ නිසා. ධනුර්වටත් සයනස් ඩේ එක තිබුණ නිසා එයත් කලින් ම කාමරේට ගියේ තෙධාෂත් ධනුර්ව එක්ක කාමරේට යද්දී. ධනුර්වගේ ඇඳේ තෙධාෂගේ කොට්ටයයි, පෙරවන්න බ්ලැන්කට් එකයි ධනුර්වගේ කොට්ටෙට එහා පැත්තෙන් තියල තිබුණා. ධනුර්ව දවස පුරා තිබුණ මහන්සියට කාමරේට ආපු ගමන් ඇඳට පැනල බ්ලැන්කට් එක පෙරව ගත්තා.

"නෙත්සර්ජ ගිහින් වොෂ් එකක් දාන් වරෙන්"

"අයියෝ බෑ අනේ නිදි මතයි"

"නැගිටපන් නෙත්සර්ජ! ගිහින් වොෂ් එකක් දාන් එන්න" තෙධාෂ ධනුර්ව පෙරවාගෙන හිටපු බ්ලැන්කට් එක ගලවල එහාට විසක් කරන්න හදද්දී ධනුර්ව ආයෙම ඒක ඇදල අරන් බ්ලැන්කට් එක අස්සටම වෙලා හිටියා.

"ඔයා ගිහින් ආවට පස්සේ යන්නම් එහෙනම්"

තෙධාෂ පුටුවේ වනල තිබ්බ ටවල් එකත් අරන් වොෂ් රූම් එකේ දොර වහගෙන නාගෙන උඩින් ටවල් එක ඇඳන් ආවේ එයාට ඇඳුම් ටික ඇතුළට අරන් එන්න අමතක වුණ නිසා. ධනුර්ව තෙධාෂ ආපු නිසා මූණත් ඇද කරගෙන බ්ලැන්කට් එක එහාට කරලා ඇඳෙන් පැනල තෙධාෂ ඉන වටේ ඔතන් හිටපු ටවල් එකත් ඉස්සරහ හැරී ගෙන ඇදගෙන වොෂ් රූම් එකට ගියේ තෙධාෂ අත් දෙකෙන් ම යට වහගද්දී. ධනුර්ව ටවල් එක ඇදන් එහෙම්මම වොෂ් රූම් එක ඇතුළට ගියා මිසක හැරිලා වත් බැලුවේ නැහැ. ඒත් එයා හිනා වෙවී ටවල් එක ඇදන් ගියේ.

" නෙත්සර්ජ!! උඹට නම් මෙලෝ ලැජ්ජාවක් නෑ!!"

"මන් මුකුත් දැක්කේ නැතෝ!" ධනුර්ව හිනා වේගනම වොෂ් රූම් එකේ දොර වැහුවේ ඉස්සරහ බලාගෙන.

ධනුර්ව වොෂ් දාගෙන එනකල් තෙධාෂ ධනුර්වගේ ඇඳේ වාඩි වෙලා හිටියා.

ධනුර්ව ටවල් එකත් ඉනේ බැඳන් කටින් විසිල් එකකුත් ගහගෙන කබඩ් එකෙන් එලියට අරන් මේසේ උඩින් තියල තිබුණ ට ෂර්ට් එක උඩින් ඇඳලා යටට කලිසමක් ඇඳගන්න ටවල් එක ගැලෙව්වේ තෙධාෂ ඉස්සරහමයි. තෙධාෂ මුකුත් දකින්න කලින් ටක් ගාල අහක බලා ගත්තා.

"උඹට නම් සිරාවට ම ලැජ්ජාවක් නෑ!"

"ආ හරි වැඩක් නේ මේක..මේක මගේ කාමරේ ඉතින්..අනික ඔයාට වෙනම මොනාහරි ද තියෙන්නේ?? මල විකාර..."

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now