20

489 85 120
                                    

ධනුර්ව ඉස්කෝලේ ඇරිලා එහෙම්ම ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා කෑම කෑවේ තරඟේ දිනපු සතුට හිතින් සමරන ගමන්. ලොකු දෙයක් ම නෙවෙයි වුණත් පළමු ස්ථානය ගත්තා කියන එක ආඩම්බර වෙන්න පුලූවන් දෙයක් නිසා ධනුර්ව ඒ සතුටට කෑම ටික ඉක්මනට කාලා ඕපන් ඒරියා එකට වෙලා බලන් හිටියේ තෙධාෂ අයියා කැම්පස් ගිහින් එනකල්. හුඟක් වෙලා ගියත් තෙධාෂ ආපු නැති නිසා ධනුර්ව කාමරේට ගිහින් පාඩම් කරන්න පටන් ගත්තා තෙධාෂ එනකල්. පැය දෙකක් විතර ගියාට පස්සේ ධනුර්ව කම්මැලි නිසා නිදාගන්න ඇඳට යනකොට ම කවුද කෙනෙක් දොරට තට්ටු කරනවා ඇහිලා ධනුර්ව දොර ඇරලා බැලුවේ කවුද ඒ වෙලාවේ ආවේ බලන්න.

"තෙධාෂ අයියේ!! මන් ඔයා එනකන් හිටියේ දෙයක් කියන්න ඔයාට" ධනුර්ව දිලිසෙන ඇස් දෙකෙන් එහෙම කියද්දි තෙධාෂ ඒ දිලිසෙන තරුකැට වගේ ඇස් දෙක දිහා බලාගෙනම හිටියා.

"මොකක්ද?"

"මුලින් ඔයා ආවේ ඇයි?"

"හෙට ඔයා අර සයන්ස් ඩේ එකකට යන නිසා ක්ලාස් කරන්න වෙන්නෑනේ ඒක සෙනසුරාදාට කරමු කියන්න"

"සැක් ඔයාට කතා කරන්න තියෙන්නේ ම  ඔච්චරද???"

"මොනවද ඔයාට කියන්න තියනවා කිව්වේ?"

" ආ තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා... මම අර competition එකෙන් first place!! මේ නිලමේ අයියා නිසා තමා මට මෙවන් විජයක් අත්වුණේ!! බොහොම ස්තූතියි වෙන්ට ඕන..." ධනුර්ව තෙධාෂගේ අත් දෙකම අල්ලගෙන එහෙම කියද්දි තෙධාෂට ලාවට හිනාවක් ගියත් ඉක්මනට ඒ හිනාව අයින් කරගත්තා.

"Congratulations නෙත්සර්ජ!! මන් දැනන් හිටියා ඔයා first වෙනවා කියලා..." තෙධාෂ ධනුර්වගේ ඔලුවට අත තියලා කොණ්ඩේ පොඩ්ඩක් අවුල් කරලා දාලා එතනින් යන්න හැරුණේ ධනුර්වගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ ලොකු වෙලා තියෙද්දි.

'මේ මිනිහට ළඟක් ඉඳන් මක් වෙලාද? මගේ ඔලුව අතගාන්නේ?'

තෙධාෂ ධනුර්වගේ කාමරේ දොර වහගෙන යන්න හදද්දි පියවි සිහියට ආපු ධනුර්ව හදිසියේ දෙයක් මතක් වුණ නිසා ආපහු තෙධාෂට කතා කළා.

"අයියේ..." ධනුර්ව කතා කරපු නිසා දොර නොවහ කාමරේ දොර ගාව හිටගෙන හිටපු තෙධාෂ ධනුර්ව දිහා බැලුවම ධනුර්ව එයාගේ පොත් මේසේ උඩ තියලා තිබුණ ඉස්කෝලෙන් උදේ එද්දි කඩා ගත්තු ඒත් නොකා සාක්කුවට දාගත්තු ඇඹරැල්ලා ගෙඩිය තෙධාෂට දුන්නා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now