03

736 136 140
                                    

"චූටි අක්කි!! මගේ අර සුදු පාට යට කලිසම කෝ??" ධනුර්ව උදේ පාන්දර කෑගහන්න පටන් ගත්තා. ධනුර්වගේ අක්කලා දෙන්නාත් නිවාඩු දවසේ ගෙදර හිටියා. ධනුර්වගේ ලොකු අක්කා රස්සාවක් කරනවා. චූටි අක්කා ජ'පුර කැම්පස් එකේ මානව ශාස්ත්‍ර උපාධිය කරන ගමන්.

"ඊයා ඕයි! අපි කොහොමද තොගෙ යට කලිසම් ගැන දන්නේ??" ටවල් එකත් ඇඟේ යට කොටසට ඔතන් ගෙදර පුරා එයාගේ සුදු යට කලිසම හොයාගෙන ධනුර්ව උඩ තට්ටුවේ කාමර ඉස්සරහ තියන බැල්කනි එක පුරා එහෙට මෙහෙට යන්න පටන් ගත්තා.

"අම්මා??" කියාගෙන ධනුර්ව බැල්කනි එකෙන් එබෙද්දී එයා දැක්කේ පහල ඉඳන් එයා දිහා බලන් ඉන්න තෙධාෂ අයියව. හම්මට! අමතක වුණානේ මූකලන් බස්සෙක් ගෙදර ඉන්නවා කියලා!

"එලියේ වනලා තිබ්බේ ආ මෙන්න!!" අම්මා යට කලිසමත් අරගෙන උඩ තට්ටුවට ආවේ තෙධාෂ ටත් හිනා වෙලා. තෙධාෂ ව දැක්ක ගමන් ධනුර්ව කාමරේට දිව්වා.

අම්මා අරන් ආපු යට කලිසමත් ඇඳලා උඩට සුදු ටී ෂර්ට් එකකුයි යටට කොට කලිසමකුයි දාගෙන ආපහු කාමරෙන් එලියට ඇවිත් කෑම මේසෙට ගියාම ධනුර්ව දැක්කේ අම්මායි අක්කලා,  දෙන්නයි, තාත්තායි එක්ක හොඳට හිනා වෙවී කතා කර කර ඉන්න මූකලන් බස්සව.

' හහ්! මාව දැක්කම තමයි මඤ්ඤං ගුලි කාපු කක්කුට්ටෙක් වගේ පුප්පන්නේ!'

ධනුර්ව හිතෙන් හොඳට බනින ගමන් තෙධාෂ ට එහා පැත්තේ තිබුණු පුටුවේ වාඩි වුණේ මුලු කෑම මේසෙන්ම ඉඩ තිබුණේ එතන විතරක් නිසා. තෙධාෂ අයියගේ පැති පෙනුම හරියටම දැක්කේ ධනුර්ව එදා. ඕනෑ එකක් කපන්න වුණත් පුලුවන් තරමේ තියුණු jawline එක, පැත්තට වැටිලා තිබුණ කොණ්ඩේ, ටිකක් විතර දිග නහය....මනුස්සයෙක් නම් වෙන්න බැහැ මූ නං. ඔව් මූ නං වැම්පයර් හරි මොකෙක් හරි වෙන්න ඕන.

"මොකෝ මල්ලී උදේ සුදු ජොකෙක් හොය හොය නැටුවේ?" ලොකු අක්කා අහද්දී අම්මයි තාත්තයි රවලා වගේ පොඩ්ඩක් අක්කා දිහා බැලුවා. ඒත් විහිලුවට කියපු එකක් නිසා බැන්නේ නැහැ.  ඒ වුණාට ධනුර්වට නං පොලොව පලන් ගිහින් පස් අස්සේ පශ්චාත්භාගේ ඔබන් ඉන්න හිතුනා. ඇයි අප්පා ඕක වෙන වෙලාවක අහන්න බැරි වුණාද තෙධාෂ ඉස්සරහම අහන්න ඕනද!

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now