21

485 87 130
                                    

"තෙධාෂ අයියේ?" ධනුර්වත් හිටපු තැනින් නැගිටලා තෙධාෂ හිටපු දිහාවට හැරුණා. කළු පාට අත් දිග ෂර්ට් එකක් ඇඳලා ඒක කළු පාට trouser එකකට යට කරලා කළු සපත්තු දෙකකුයි දාලා ඇඳන් හිටපු ෂර්ට් එකේ අත් දෙකත් උඩට නවාගෙන තිබුණා. තෙධාෂ ව දැකල ධනුර්වගේ හදවත පොඩ්ඩක් වත් ගස්සුනේ නැහැ කීවොතින් අමූලික බොරුවකටත් වඩා ඒක බොරුවක් වෙනවා. ආරාධිත ගර්ල්ස් ස්කුල් වල ළමයි , නිධාරාගේ ඉස්කෝලේ ළමයි කොටින් ම පිරිමි ඉස්කෝල සේරගේම ළමයි පවා තෙධාෂ දිහා බැලුවා. ඒ වෙනකොට ඉස්කෝලෙත් ඇරිලා තිබුණ නිසා මේන් හෝල් එක ළඟින් ගේට් එක ලඟට යන හැමෝම වගේ හෝල් එකට එබෙන්න ගත්තු නිසා නිධාරාගේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්ලට ඒ හැමෝවම පන්නල දාන්න සිද්ධ වුණා. තෙධාෂ ඇවිත් නුවර ඉස්කෝලේ සයන්ස් සොසයිටි මෙම්බර්ස් ලගේ උරහිස් වලට තට්ටු දාල වෙල් ඩන් කියල කියනකොට ධනුර්ව මූණ ඇද කරලා අහක බලා ගත්තා. ඉස්කෝලේ හිටපු D.H.P සහ සයන්ස් සොසයිටි එකේ හිටපු president නිසා සහ ඉස්කෝලේ කැපී පෙනුන චරිතයක් නිසා නුවර ඉස්කෝලේ හැමෝටම තෙධාෂ ගැන තිබුණේ පුදුම ගෞරවයක් වගේම ආඩම්බර කමක්. ධනුර්වත් ඉස්සර හිටපු ඒ ඉස්කෝලේ පුදුම තරම් කැපී පෙනුන චරිතයක් වුණා වගේම එයා ඒ ඉස්කෝලේ HP වේවි කියල හුඟ දෙනෙක් ගේ විශ්වාසය වෙලා තිබුණා. ඒක එහෙම වුනත් අවාසනාවන්ත විදිහට ඒ සේරම දාල ධනුර්වට කොළඹ එන්න සිද්ධ වුණේ top board තේරෙන සිහිනය මුළුමනින් ම හිතෙන අයින් කරලා දාල.

'හහ්! මුට අනික් ඔක්කොම අල්ලන්න, තට්ටු දාන්න, ලං වෙන්න, ඉඹින්න හොඳයි මන් ලඟට ආවාම තම පස්ස ගිනි ගත්ත උලමා වගේ අහකට වෙන්නේ!! මට ලාඳුරු කියල හිතන් ඉන්නවද දන්නේ නෑ මූකලන් හිවලා!!'

ධනුර්ව තෙධාෂ හිතින් බැන බැන එතනින් යන්න හදද්දී තෙධාෂ ධනුර්වගේ අතින් අල්ලලා නවත්ත ගත්තා. යන්න ඉස්සරහට හැරිලා හිටපු ධනුර්ව තෙධාෂ එයාව නවත්ත ගත්තු නිසා ආපහු හැරිලා බැලුවා තෙධාශ දිහා. තෙධාෂ පොඩ්ඩක් ධනුර්ව ව ළඟට ඇදල ගත්තු නිසා ඒ දෙන්නා අතර පරතරය තිබුනේ සෙන්ටිමීටර තුනකටත් වඩා අඩුවෙන්. තෙධාෂ වඩා උඩින් අඩු වුණ නිසා ධනුර්ව ට තෙධාෂ දිහා බලන්න වුණේ ඔලුව හුඟක් උස්සලා. කලින් දවසක පඩිපෙළේ වුණ අකරතැබ්බැට පස්සේ ඒතරම් ළඟින් ඒ ඇස් ධනුර්වට හම්බවුණේ එදයි. හුස්ම වදින තරම් ලඟින් ටික වෙලාවක් හිටපු ඒ දෙන්නා ඊලඟ මොහොතේ පොඩ්ඩක් එහාට වුණා.

කටුපිටපත| KATUPITAPATHAOn viuen les histories. Descobreix ara