"තෙධාෂ මේ අහපන් උඹ හොඳ හිතින් තොගේ පන්ති කෙරුවාව නතර කළා නම් හොඳයි හරිද!!" අදිර්ශ තෙධාෂ ගේ කම්මුලට ගහපු පාරට තෙධාෂ ගේ මූණ අදිර්ශගේ අතේ තිබුණ මුද්දට කැපිලා කම්මුලෙන් ගලපු ලේ තෙධාෂ අතින් පිහිදගෙනම තෙධාෂ කොන්ද කෙලින් කරගෙන ආයෙම අදිර්ශ ඉස්සරහ හිට ගත්තා. කොච්චර වුණත් අදිර්ශ කියන්නෙත් ගුරුවරයෙක් නිසා එයාට අත උස්සන්න ඕනේ නැහැ කියල හිතුවත් තෙධාෂ හිටියේ ගොඩක් කේන්තියෙන් අත මිට මොලවාගෙන.
"මම කොහෙත්ම මගේ ගමන නවත්තන්නේ නැහැ අදිර්ශ සර්! ඒක ඔයාත් මතක තියාගත්තා නම් හරි!!" තෙධාෂ ඒ පාලු තැනින් එළියට ඇවිත් කැම්පස් එකෙන් එළියට ආවා. අදිර්ශ කොහොමටවත් ජනාකීර්ණ තැන වල ගහගන්න ගියේ නැහැ. ඒ නිසාම එයා හැමතිස්සෙම කොහේහරි පාළු තැනක් ම තෝරාගන්න මහන්සි වුණා.
"අඩෝ! තෙධාෂ උඹේ මූණ මොකද? අදිර්ශකාරයාගේ වැඩක් නේද මේක? ඕකව නම් තියන්න වටින්නේ නැහැ පරයා!" රවිධාර තෙධාෂ ගේ මූණේ තිබුණ කැපුම් පාර දැකල එහෙම කිව්වේ දත්මිටි කන ගමන්.
"මගේ මූණ නෙවෙයි, උඹේ මූණට මොකද මේ වුණේ?"
රවිධාරගේ කම්මුලේ රතුම රතු පාට පාරක් තිබුණා. අතේ ඇඟිලි පහම හිටින තරම් සැර පාරක් කාගෙන් නමුත් රවිධාරට ලැබිල තිබුණා. රවිධාර මුකුත් නැහැ කියන්න කියල බිමට මූණ හරවා ගත්තා. ඒත් අතේ ඇඟිලි පාර හිටින තරම් සැර පාරක් එහෙම නිකන් කාගේ හරි මූණට එන්න විදිහක් නැහැ කියන එක තේරුම් ගන්න තරම් මොන්ටිසෝරි බබෙක් නෙමෙයි තෙධාෂ කියන්නේ.
"මූ සුදු දෝණිගෙන් කාලා බං " සනුෂ පෙරමුණ ගත්තේ රවිධාර මේ කපේට වුණ දේ නොකියන බව ටක්කෙටම දන්නා නිසා.
"ඒ කිව්වේ?"
"උඹේ කිරිසප්පයගේ අති ජාත යාළුවගේ අතින් අල්ලන්න ගිහින් මූ කන පුරෝලා එකක් කෑවා බන් බස් හෝල්ට් එක මැද්දෙම ..ලැජ්ජාවේ බෑ!!"
"ඕක නවත්තපන් දැන්! නැත්නං උඹ කනවා කන පුරෝලා එකක් මගෙන් " රවිධාර අත උස්සල බොරුවට ගහන්න වගේ හදද්දී තෙධාෂ රවිධාරගේ අත අල්ලගෙන නතර කරගත්තා.
"වෙලාවකට උඹල හෙන පවු බං. උඹල දෙන්නම ඒක පාර්ශ්වික ආදර වල පැටලිලා. බලපන් එකට මං ඔය ලව් ඉලව් මුකුත් නෑ!" සනුශ රවිධාරගෙයි තෙධාෂගෙයි කරවල් වලට අත දාගෙන යන්න පිටත් වුණා.
YOU ARE READING
කටුපිටපත| KATUPITAPATHA
Romanceමේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිදුවීමක් පාදක කොට නැති බව කරුණාවෙන් සලකන්න