22

479 90 121
                                    

"Sapentia best science fiction.... first place goes to...... Dhanurva Wirajasinghe from .....vidyalaya"

ධනුර්ව නැගිටලා stage එකට යද්දි හැමෝම අත්පුඩි ගැහුවා වගේම එයාගේ ඉස්කෝලේ ළමයි හැමෝටම වඩා සද්දෙන් අත්පුඩි ගැහුවා. කලින් ඉස්කෝලේ හැමෝමත් දැන් එකට නොදෙවෙනි ව ධනුර්වට අත්පුඩි ගහලා සතුට ප්‍රකාශ කළා. ගර්ල්ස් ස්කූල් වල හැමෝම ඒ අලු පාට ඇස් තියන ලස්සන පිරිමි ළමයා දිහා කන්න වගේ බලන් එක එක්කෙනාට මොනවදෝ මුමුණනවා තෙධාෂ දැක්කා. ධනුර්වත් දැක්කා ගොඩක් කෙල්ලො එයාව පෙන්නලා මොනවදො කියවනවා. කිහිපදෙනෙක් ධනුර්වගෙන් නම්බර් එක පවා ඉල්ලගන්න ආවට කාටවත් නම්බර් එක දුන්නේ නැහැ. නිධාරා ත් පුලුවන් විදිහට මැස්සියෝ ටික පන්නලා දාන්න ධනුර්වට උදව් කළා. ධනුර්වට දැනුනේ ඒත් නිධාරා තමන්ව  එයා වෙනුවෙන් පරිස්සම් කරනවට වඩා තව කවුරුහරි වෙනුවෙන් එයාව පරිස්සම් කරනවා කියලයි. 

ඩේ එක ඉවර කරලා ධනුර්ව තෙධාෂ අයියා එක්ක ගෙදර එන්න පිටත් වුණත් එන මග දිගටම තෙධාෂ හිටියේ මූණ දෙක කරගෙන. ධනුර්ව එක්ක එක වචනයක් කතා කලේ වත් නැහැ. ධනුර්වත් 'යකෝ මුගේ ගෑස්! මුගේ පස්ස ආයෙම ගිනි ගන්නවද කොහේද! ' කියල ධනුර්වත් එතනින් එහා කිසි දෙයක් නොකියා ගෙදරට ගියා. තිබුණ මහන්සියට ධනුර්වට කාපු ගමන් නින්ද ගිහින් තිබුණා. පහුවෙනිදා උදේම පන්ති යන්න නැගිටලා ලෑස්ති වෙලා කාල බීල ධනුර්ව පන්තියට පිටත් වුණේ තෙධාෂ එයා ව දාල උදෙන්ම රොටරියට ගියපු තරහත් හිතේ තියාගෙන.

'කුළු හරකා! මුගේ නහර පිපිරිලා ද සිරාවට! මාත් එක්ක තරහ ගන්න තරම් මන් මොන මඟුලක් ද උට කළේ?' ධනුර්ව එහෙම හිත හිත රොටරියේ තඩි නිල පාට ගේට්ටුවෙන් ඇතුල් වෙද්දීම පාරේ ඉදන් දුවන් ආපු එයාගේ අති ජාත බෝක්කු මිතුරා මෙව්ලික දඩාං ගාල පිට මැද්දට ගහපු පාරට මුළු රොටරියේම අවධානෙ මුන් දෙන්නට හම්බවුනා. 

"තෝ මාව මේ තරුණ වියේදීම මරල දාන්නද යන්නේ ආ? හිකනලා!"

"අනේ මයේ සප්තලම් අළු මොණරට රිදුනද?" මෙව්ලික ඇදල පැදලා කියද්දී මෙව්ලිකගේ ඔලුවට උදේ පාන්දරම ධනුර්වගෙන් ටොක්කක් හම්බුණා. " ටොකු අනින්න එපා හු@# ! හිල් උනොත් එහෙම තොගේ නිලමේ සෑර් උගන්නන මෙලෝ පයන්නක් මගේ ඔලුවට යන එකක් නෑ!!"

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now