43

497 73 93
                                    

ධනුර්ව හොඳ වුණාට පස්සේ එයාව ගෙදර ගෙනාවම තෙධාෂ නෙවෙයි ධනුර්වට දඟලන්නවත් දුන්නේ. කොහේ හරි දඟල දඟල ඉන්නවා දැක්කොත් කෙලින්ම කනෙන් ඇදන් ආවේ. කාමරෙන් එලියට බහිනකොටත් පරිස්සම් කළා. කොටින්ම ධනුර්වගේ සුදුමැලි ගතිය පහ වෙනකල්ම තෙධාෂ ධනුර්ව වොෂ් රූම් යද්දි පවා දොර ඉස්සරහින් හිටගෙන හිටියා.

යකෝ මූ මං මල්වර වුණ එකෙක් ගාණට දාලනේ හැසිරෙන්නේ! මන්නෙකුත් දුන්නා නං හරි අතට..ආයේ ඉතින් වෙන යක්කු නෙවේ මේ හිවල් යකාගෙන් තමා පරිස්සම් වෙන්න වෙන්නේ... ධනුර්ව දාගෙන තෙධාෂට බැන්නත් ඉතින් එහෙම හරි තෙධාෂ ධනුර්ව ළඟ ඉන්න එක ධනුර්වට  පුදුම සහනයක් වුණා. ඒ විදිහට දින සති ගෙවිලා ගිහින් ඒ ලෙවල් කට ළඟටම ආවේ ඇහි පිය ගහන සැනින්.  උදේම රිවිශන් ක්ලාස් යනවා..පේපර් ක්ලාස් ඉන්නවා ඊට පස්සේ ආයෙම ගෙදර එනවා. පාඩම් කරනවා..ගෙදර ඉන්න දවසට පාඩම් කරනවා අතරින් පතර දවසක ඉස්කෝලෙටත් එබිලා එනවා..ආයෙම පන්ති දුවනවා ගෙදර එනවා..ඕක තමා ජීවන චක්‍රය. ඒ ලෙවල් ලං වුණාම ඇඩ්මිෂන් එක ගන්න ඉස්කෝලෙට එන්න කියලා තිබුණ නිසා ධනුර්ව හූල්ල හූල්ල ටිකක් දිගට වැවිලා තිබුණ කොණ්ඩේ කපාගෙන, රැවුලත් කපලා චාම් සිරිමත් ළමයා වගේ යුනිෆෝම් එකට බැහැල උදේම ඉස්කෝලෙට ගියා.

සනුදිත අයියලගෙත් අන්තිම ඩියුටි දවස වෙලා තිබුණේ එදා. එතනින් පස්සේ ඉස්කෝලේ නිවාඩුව, ඒ ලෙවල් වලින් පස්සේ අලුත් බෝඩ් එක. බලාපොරොත්තු වුණ විදිහටම මෙව්ලික හෙඩා වෙලා තිබුණා වගේම සතීර්ශ ගේම්ස් කැපා වෙලා තිබුණා. තව ඉතුරු බෝඩ් එකට ඉස්කෝලේ ඒ වයසේ නසරානියෝ ටික තේරි පත් වෙලා තිබ්බේ ඉස්කෝලෙට ගෞරවයෙන් බුදුසරණයි වෙන්නම. අම්මටසිරි වෙන්න හදලා ගනීවි ඉස්කෝලේ. හදලා ගැනීම කෙසේ වෙතත් මුන් ටික ඉස්කෝලේ මකලා නං දාන බව විශ්වාසයි.

උදේම තඩි මාලු පාන් ගෙඩි දෙකකට වැඩේ දිදී හිටිය කොච්චර ගිල්ලත් මහත් නොවෙන මෙව්ලිකත්, ඉස්කෝලේ තිබ්බෙම හැම ස්පෝට් එකක්ම කරපු හෙන පෞරුෂයක් තියෙන මේ ළඟදී national cricket team එකට සිලෙක්ට් වුණ සතීර්ශත් සුපුරුදු පිටිපස්ස පේලියට අරක් ගෙන හිටියා. ධනුර්ව බෑග් එකත් මේසේ උඩින් අත ඇරලා දෙන්නගේම කරට අත දාගත්තේ මැද්දෙන් ඉඳගන්න ගමන්.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now