39

433 83 120
                                    

පහුවෙනිදා උදේ ධනුර්වට පන්ති මුකුත් නැති නිවාඩු දවසක් නිසා පාඩම් වැඩ කරලා ඉවර කරගෙන ගිටාර් එක අතට ගත්තේ කවුරුත්ම නැති ගෙදර පාලුව පොඩ්ඩක් මකන්න හිතාගෙන. ගිටාර් එක අතට අරගෙන ෆ්රේට්ස් තද කරන ගමන් පික් එකෙන් strum කරන්න පටන් ගත්තේ එක්සෑම් නිසා stress වෙලා තිබුණ මනසට නිදහසක් ලබා දෙන්නත් ධනුර්වට ඕන වුණ නිසා.

"දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්...
ඔබ එක්කන් මන් මගේ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්..."

ධනුර්ව සිංදුව ඉවර කරලා ගිටාර් එක කාමරෙන් තියලා ෆෝන් එක උස්සන් ආවේ Instagram එක පැත්තේ යන්න හිතාගෙන. ධනුර්ව සර්ච් බාර් එකේ තෙධාෂගේ නම ගහලා profile එකට ක්ලික් කරලා ලෝඩ් වෙන තෙධාෂගේ profile එක දිහා බලන් හිටියා.

'Followersලා අටදාහයි....following තුනයි....දෙකක් අනිවාර්යෙන් ම සනූෂ අයියයි රවිධාර අයියයි නම්....මේ අනිත් කෙනා එයාගේ ආදරේ වෙන්න ඕන....නැත්තං ආසම celebrity වෙන්න ඕන....බලනවද...නැද්ද...'

ධනුර්ව තෙධාෂගේ following list එක ළඟ අත තියාගෙන ධනුර්ව කල්පනා කළේ following list එක click කරලා ඒ කෙනාව හොයාගන්නවද නැත්තන් ඒක ඒ විදිහටම තියෙන්න අරිනවද කියලයි. අන්තිමට ගොඩාක් වෙලා කල්පනා කරලා අන්තිමේ ධනුර්ව තීරණය කළා ඒක නොබල ඉන්න. අනිවාර්යෙන්ම එතන ඉන්න කෙනාව දැකලා ඔලුව අවුල් කර ගත්තොත් ආයේ කල්පෙකට හිත හදාගන්නවා බොරු නිසා ධනුර්ව profile එකෙන් අයින් වෙලා back icon එක ටච් කරහම IG එකේ home එක screen වැටුනම ධනුර්ව IG අයින් කරන්න හදනකොටම දැකපු post එක දැකලා ධනුර්ව එහෙම්ම ම නතර වුණා. දොලොස්දාහක් වුණ ධනුර්වගේ followers list එකේ ධනුර්වගේ following list එකේ හිටියේ තෙධාෂ, මෙව්ලික, සතීර්ෂ, නිධාරා, සනූෂ සහ රවිධාර විතරයි. ඒ නිසා රවිධාර දාලා තිබුණ post එක ධනුර්වගේ IG wall එකේ තිබුණා. අවුරුද්දකට විතර කලින් රවිධාර, තෙධාෂ, සනූෂ ගත්තු ෆොටෝ එකක් තුන්දෙනාවම මෙන්ෂන් කරලා දාලා තිබුණා කැප්ෂන් එකක් එක්කම.

'ඉදින් ඒ ... ලේකඛයාගේ ප්‍රේමය සොයා කොළඹ අහස යටට ආ ගමනකි...' තනි කළු ඇඳන් තුන්දෙනා එක්ක ගහපු ෆොටෝ එකට යටින් තිබුණ කැප්ෂන් එක ධනුර්ව කියෙව්වේ හොයාගෙන ගියපු ඒ ප්‍රේමය කොළඹ කෙනෙක් විය යුතුයි කියලා උපකල්පනය කරන ගමන්.

කටුපිටපත| KATUPITAPATHAWo Geschichten leben. Entdecke jetzt