17

543 93 139
                                    

"ධනුර්ව ඔයාගේ item එකට අපි ඔයාට costumes බලන්න ඕන. සිංදුවට ගැලපෙන එකක් සහ වැඩිය මුකුත් ලොකුවට ඕන නෑ ඩේ එකක් විතරනේ" රම්‍යා මැඩම් කියන එකට ඔලුව වන වන ඉඳපු ධනුර්ව ඒ දේශනය ඉවර වුණ ගමන් බෑග් එකත් අරන් ගෙදර දිව්වේ හොඳටම එපා වෙලා හිටපු නිසා. සනුදිත එක්ක prefect room එකේ පච හල හල ඉඳපු මෙව්ලිකවත් ඇදගෙන ම බස් හෝල්ට් එකට ගිහින් සෙනඟ පිරිලා ඉඳපු ස්කූල් බස් එකට යන්තම් නැගගෙන ගෙදර ගියා.

ගෙදර යනකොටත් තෙධාෂ ධනුර්වගේ fiction එක කියවලා ඒකේ වැරදි මාර්ක් කරගෙන ධනුර්ව ඉස්කෝලේ ඇරිලා එනකල් බලාගෙන හිටියා. කැම්පස් එකේ වුණ දේ ගැන කිසිම විදිහකින් තැකීමක් තෙධාෂ කළේ නැහැ වගේම අදීර්ශ මොනවා ඉස්සරහට කරන්න ඉන්නවා වුණත් එයාට ඒ කිසිම දෙයක් ගණනකට ගත්තේ නැහැ. ධනුර්ව තෙධාෂට පොඩ්ඩක් ඉන්න කියලා වොශ් එකක් දාලා දවල් කෑමත් කාලා උඩ තට්ටුවට ගියේ fiction එකේ වැරදි අඩුපාඩු හදාගන්න කියලා හිතලා. ධනුර්වගේ පොතේ එහෙමට ලොකුවට වැරදි තිබුණේ නැති නිසා තිබිච්ච වැරදි දෙක තුන පෙන්නලා දීලා ඒ ඔක්කොම ධනුර්ව හරිගස්සගන්න කල් ම තෙධාෂ ධනුර්ව ගාවටම වෙලා හිටයා. පොතේ අඩුපාඩු ධනුර්ව හදලා ඉවර වුණාට පස්සේ ආපහු පාරක් තෙධාෂ ඒ සේරම ඩබල් චෙක් කරලා ධනුර්ව එක්කම ඒක නිධාරාගේ ඉස්කෝලේ සයන්ස් ඩේ competition එකට submit කරා.

"Good job" තෙධාෂ එහෙම කියන ගමන් ධනුර්වගේ ඔලුවට අත තියලා යන්තම් කොණ්ඩේ අවුල් කරලා එතනින් නැගිටලා ගියේ ධනුර්ව කටත් ඇරන් විශ්මය දරාගන්න බැරුව stuck වෙලා ඉද්දි.

'මුට හිටි හැටියේ වයර් මාරු වෙනවද!!'  ධනුර්ව තනියම කල්පනා කළා.

පහුවදා උදේම ඉස්කෝලෙට ගියපු ධනුර්වටයි මෙව්ලිකටයි practice හද්ස්සියේම හවස මාරු කරලා තිබුණ නිසා පන්තියේ පීරියඩ් වලට ඉන්න වුණා. ධනුර්වගේ පන්තියට පන්තිභාර හිටියේ තට්ට සේතුව වුණාට එයා හදිස්සියේ ඒක මැත්ස් උගන්වන නිලේකා මැඩම් ට භාර දීලා යන්න ගියා. හේතුව මොකක් වුණත් ඒකට අසරණ දහතුනේ පන්තිය නම් වග කියන්නේ නැහැ කියන එක සක්සුදක් සේ පැහැදිලි එකක් වුණා. පස්සේ ආපු ආරංචි අනුව ආයෙම පාරක් ඒ හැමදේටම මුල වෙලා තිබුණේ ඒ අහවල් ප්‍රේම පුරාණය...තට්ට සේතුවගේ හිමි නොවන ඉශංකාව...

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now