31

420 79 37
                                    

"මට නං මේ ගණන් හදන්න බෑ තව!!" ධනුර්ව හද හද හිටපු ගාණ පැත්තකින් තියලා පෑනත් විසික් කරලා අත් දෙකත් බැඳ ගත්තා.

"මං කියන්නේ බං අපි දෙන්නා මේ කෲර ලෝකෙන් මිදිලා පලා යමු...අපේම ලෝකෙකට..."

"ම්ම්...ශාන්ත ප්‍රාන්ත ඌයිං~"

"උඹලා දෙන්නට නං මානසික ප්‍රතිකාර අවශ්‍යයි බං" සනුදිත අයියා ධනුර්වගේ වැටුණ පෑන අහුලලා මේසේ උඩින් තියලා ඉස්සරහ පේලියේ පුටුවක් ධනුර්වලගේ පැත්තට හරවගෙන ඒකෙන් වාඩි වුණා.

"සනූ අයියා මොකෝ මෙහෙ.."

"උඹලා දෙන්නගේ නාට්ටි බලන්න ආවා බං..ඉස්කෝලේ කපල් එකනේ" සනුදිත හිනා වෙලා කියලා මෙව්ලික කකා හිටපු බයිට් පැකට් එක ඇදල අරන් අහුරක් කටේ දාගත්තා. "ආ මේ මෙව්ලික අන්න ප්‍රින්සිපල් සර් එන්න කිව්වා උඹට අනාගත ටොප් බෝඩ් නේ..පලයන් දැන් ඉඳන්ම කටු කාලා පුරුදු වෙයන්"

මෙව්ලික මූණත් ඇද කරගෙන ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක පැත්තට යනකල් ඉඳලා සනුදිත ආයෙම ධනුර්ව දිහාවට හැරුණේ ටිකක් සීරියස් මුණක් හදාගෙන. ධනුර්ව සනුදිතගේ මූණෙන් ම මොකක් හරි බරපතළ දෙයක් වෙලා තියනවා කියලා තේරුම් ගත්තා. ධනුර්වගේ මනසට මුලින් ආවේ මේ කියන්න හදන්නේ මෙව්ලික ගැනද කියන එක. මෙව්ලිකට හදිසියේම ප්‍රින්සිපල් සර් කතා කළේ ඇයි කියන එක ධනුර්වට හිතාගන්න බැරි වුණා. 

"නෑ නෑ බං ඔහොම බලන්න එපා. මෙව්ලිකයට කතා කලේ වැඩකට. මං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා විතරයි"

"ඒ කිව්වේ?"

"මම ආවේ උඹට කතා කරන්න. සතීර්ශත් නැති නිසයි මම වැඩිමනක් ම මේ ගමන ආවේ. මැසේජ් එකකින් කියනවට වඩා මම ම කිව්වා නං හොඳයි කියලා හිතුවා"

"අයියේ ඔයා මාව බය කරනවා...මොකක්ද වෙලා තියෙන්නේ?"

"ඔය ඉතින් කලබල වෙනවනේ..තෙධාෂ අයියා ගැනයි මට කියන්න දෙයක් තියෙන්නේ?"

සනුදිත අයියා තෙධාෂ ගැන කියන්න දෙයක් තියනවා කිව්වම ධනුර්වගේ හදවත අසූහාරදාහක වේගෙන් ගැහෙන්න පටන් අරන් එයාටම දැනුනා දැනටම එයාගේ ඇඟටත් පණ නෑ වගේ කියලා. ධනුර්වගේ බය වුණ මූණ දැකලා සනුදිත වෙවුලන ධනුර්වගේ අතින් අල්ලගත්තා සහයක් විදිහට. ධනුර්වගේ අතින් අල්ලගෙන සනුදිත හෙමින් එයාගේ ඇඟිලි වලින් ධනුර්වගේ අතට තට්ටු කිහිපයක් දැම්මේ ධනුර්ව ව කලබල වෙන එකෙන් වලක්වගන්න. ඒ වෙලාවේ පන්තියේ කිසිම ළමයෙක් හිටියේ නැහැ හැමෝම ලැබ් එකට ගිහින් හිටපු නිසා.

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now