58

352 45 159
                                    

"අනේ අයියේ මේ ඔයාලගේ පේපර් පැනල් එකේ form එක fill කරලා දෙනවකො මම කනකල්" ධනුර්ව උඩ තට්ටුවේ ඕපන් ඒරියා එකේ පාඩම් කරන මේසේ උඩ තියන් හිටපු ලැප්ටොප් එක තෙධාෂ දිහාවට දික් කරන ගමන් පැස්ටා හැන්දක් කටේ ඔබා ගත්තා.

"හරි..නම මොකක්ද..ධනුර්ව නෙත්සර්ජ බණ්ඩාර-"

"ඔව් හරි..ආ නෑ මොකක්?? ඒයි ඒ තවුසෙගේ සර්නේම් එකනේ!! මෙහෙ දීපන් මම ලියන්න..මොකද හිනා වෙන්නේ??" ධනුර්ව තෙධාෂගේ සිඟිති පාතාල වැඩ වලට පුප්පන අතරේ ලැප් එක ආයෙම ඇදලා අරගෙන තෙධාෂ වැරදියට ලියපු සර්නේම් එක ආපහු හරි ගැස්සුවා.

කැස්වටුවා!! හිවල් පුපා!! මගේ සර්නේම් එකවත් ලියාගන්න බෑ හරියකට!! ඔටුවා!! බණ්ඩාර වෙන්නේ කොහොමද මන් විරාජසිංහ- පොඩ්ඩක් හෝව්!! බණ්ඩාර කියන්නේ මුගේ සර්නේම් එක නේද??? අඩේ...එතකොට...

ධනුර්ව මේවා හිතන අතරේ හෝ ගාලා රතු වෙන්න පටන් ගන්නවා දැකපු තෙධාෂ හිනා වෙලා පුටුවෙන් නැගිටලා පොඩ්ඩක් වටපිට බලලා දර්ශන පථය පැහැදිලි කරගත්තා. පොඩ්ඩක් ඉස්සරහට නැමිලා ධනුර්වගේ රතු වෙලා රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න තියන කම්මුලකට තෙධාෂ සිනිදු හාද්දක් තිබ්බේ ධනුර්ව ව තවත් ලැජ්ජාවටම පිපිරෙන්න ආසන්න කරලා.

ෆෝම් එකත් පුරවලා සබ්මිට් කරලා ධනුර්වයි තෙධාෂයි ලොකු අක්කා එක්ක පිටත් වුණේ රවිධාරගේ අප්පච්චිට අයිති කැෆේ එකට. ඔක්කොමලා එහෙ ප්ලෑන් එක රෙඩි කරලා තිබුණේ. සිංදු කියන තැන ගිටාර් එකකුත් තියලා මුලු කැෆේ එකම ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. අක්කට නිකන් නිවාඩු දවසේ ගමනක් යමු කියලා ඇදගෙන ඇවිත් කට්ටිය මේසේ වාඩි වෙලා හිටියා වීරයා කතාවට එන්ටර් වෙනකල්. එක සැරේ මුලු කැෆේ එකේම ලයිට්ස් ඩිම් වුණාම ධනුර්ව ෂේප් එකේ පොඩ්ඩක් තෙධාෂට හේත්තු වුණා.

යකෝ!! මුන්ට ලයිට්ස් ඕෆ් කරන්නම ඕනද සප්‍රයිස් වලට?? කලුවරට මම බයයි යකෝ!! කලුවරට මං බය හින්දා~රයිනි අක්කේ!! මුන්ට ලයිට් දාන්න කියපං!! අනේ සාන්ත කැෆේ භූතයෙක් හිටියොත් මොන දෙයියන්ට කියන්නද?? අනේ මම තාම අර හිවල් පූප හරියට දැක ගත්තෙත් නෑ!! අඩු වයසින් මැරෙන්න වෙයිද?? අයියත් මැරෙන්න බයද දන්නෑ..අයියණ්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වන්නම්!! ඒ වුණාට එක්කො මන් මුලින් දෙන්න යන්න ඕන නෑ..බණ්ඩාර කෑල්ලක් තියෙන්නේ මුගේ නමට මිසක් මට නෙමේනේ... යකෝ තාම ලයිට්ස් දැම්මේ නෑනේ!! අනේ හු$@#ත! ඉඳපන්කො මුන් දෙන්නා යාලු වුණාම මම විසාල අල්ලසක් ඉල්ලගන්නවා..මෙහෙම මාව කලුවරේ හිර කලාට!! මගේ හොර මිනිහත් බයයි හු$!#තෝ මේවා දාපං!! මෙහෙම ප$# කතා වුණේ නෑනේ යකෝ..හදිසියට ගාථා මතකත් නෑ පුතේ!! අද නං කළු කුමාරයට පුප පූජා කරන්න වෙයි වගේ!! අනේ මගේ මේ චූටි පස්ස තියලා අර වටකුරු ගෝලාකාර පුප අරන් යන්න...

කටුපිටපත| KATUPITAPATHAWhere stories live. Discover now