• Part 1

3.4K 412 31
                                    

" කෝ අනේ මේ කොල්ලා තාම නෑ 😒 " Mr. Jeon කිව්වෙ එයාගෙ අතේ තියන ඔරලෝසුව දිහා බලන ගමන්

" දැන් එනවා ඇති හනී , ආ ! ඔය එන්නෙ මගෙ හැන්ඩි කොල්ලා කියනකොටම 🤭 " Mrs. Jeon කිව්වෙ හිනා වෙන ගමන්

" මොකද පුතා මෙච්චර වෙලා කලේ ?? "

" Mr. Park එක්ක වැදගත් meeting එකක් තිබ්බා අප්පා "

" අහ් එහෙනං fresh වෙලා එන්න ඊට පස්සෙ dinner ගමු "

අම්මටයි තාත්තටයි බනී හිනාව දාපු ජන්කුක් කාමරේට ගිහින් නාගෙන ආවා.

" ඇති යන්තන් 🤥 " ජන්කුක් එනවා දැකපු Mr. Jeon හරි බරි ගැහුනෙ කෑම කන්න

" මං කියලා තියනවනෙ අනේ මං එනකං ඉන්න එපා ඔයාලා වෙලාවට කන්න අසනීප උනොත් ?? " ජන්කුක් එහෙම කිව්වෙ දුකෙන් වගේ

" එහෙනං ඔයා එක්ක කන්න කෙනෙක් හොයා ගන්න " Mr. Jeon ගානක් නැතුව කිව්වත් Mrs. Jeon ට ඒකට කෑමත් හිර උනා

" බය වෙන්න එපා ඔම්මා මං තාම සින්ගල් " Mrs. Jeon ට වතුර එක දෙන ගමන් ජන්කුක් හිනා වෙවී කිව්වා

" ආ ඒක නෙවේ පුතා ඔයාට මතකද මගෙ හොදම යාලුවා Mr. Kim ?? "

" අහ් ඔව් අප්පා "

" ඔයාට හෙට බුසාන් ගිහින් එයාව මෙහෙ එක්කන් එන්න පුලුවන් නේද ?? "

" පුලුවන් අප්පා ඒත් ඇයි ?? "

" එයාගෙ හාර්ට් එකේ ප්‍රශ්නයක් පුතා දැන් තත්වෙ ගොඩක් නරකයිලු එයා එහෙ පුතත් එක්ක තනියම ඉන්නෙ වියදන් වැඩිලු බෙහෙත් වලට ඉතින් මට යාලුවා අතාරින්න බෑනෙ මෙහෙ ගෙනල්ලා ට්‍රීට්මන්ට් මං ගානෙ කරනවා "

" ඒක හොදයි අප්පා මං එක්කන් එන්නම් "

කෑම කාලා ජන්කුක් නිදා ගන්න ගියේ හෙට උදේම නැගිටින්න ඕනෙ නිසා.

Next Morning -:

" අප්පා නැගිටින්න කෑම කාලා ඉන්න " ටේ කිව්වෙ පන නැතුව වගේ නිදා ගෙන ඉන්න එයාගෙ අප්පා දිහා දුකින් බලාගෙන

" ටේ ඔයා අපි දෙන්නගෙ ඇදුම් ලෑස්ති කර ගන්න ජන්කුක් එනවා කිව්වා අපිව ඩේගු අරන් යන්න "

Don't You Trust Me [✔✔]حيث تعيش القصص. اكتشف الآن