• Part 3

1.6K 376 21
                                    

" ඔව් ඊරිසියා වෙන්න එපෑ 🙄 අවුරුදු ගානකට පස්සෙ රට ඉදලා ආපු හියුන්ග් මාත් එක්ක නැතුව අමුත්තො එක්ක කතා කරද්දි 😒 "

එහෙම හිත හිත ජන්කුක් wash එකක් දාන්න ගියා

එහෙමද ?? 🤔 කවුද දන්නෙ 😌

Mr. Kim's Room -:

" හරි පුතා ඔයා එහෙනං ඔයාගෙ කාමරේට යන්න " Mr. Jeon කිව්වෙ හැම දේම අස් කලාට පස්සෙ

" අනී මට අප්පා එක්ක ඉන්න ඕනෙ " ටේ කිව්වෙ මූණ ඇඹුල් කරන්

" එක ඇදේ ඉන්න අමාරුනෙ පුතා ඔයා යන්න මට තනියම ඉන්න පුලුවන් "

" අනී අප්පා මට කොහෙවත් යන්න ඕනෙ නෑ 🙁 "

" හරි එහෙනං මං තව ඇදක් ගේන්න කියන්නං කොල්ලගෙ ආසාවනෙ 🤭 " Mr. Jeon කිව්වෙ ටේ කටත් උල් කරන් කියපු විදිහට හිනා වෙවී

Late Night -:

ටේ ඇහැරුණේ කෙනෙක් හයියෙන් හුස්ම ගන්නවා වගේ ඇහිලා. එහා පැත්ත බලපු ටේ දැක්කෙ එයාගෙ අප්පා හයියෙන් හුස්ම අදිනවා. ගොඩක් දාඩිය දාලා තිබ්බෙ.

" අ..අප්පා අනේ කතා කරන්න මො..මොකද්ද මේ වෙන්නෙ අ..අනේ ඇස් අරින්න " ටේ අප්පව හෙලෙව්වත් එයා නැගිටිනවා වෙනුවට උනේ තවත් හයියෙන් හුස්ම අදින එක

" අ..අනේ uncle , aunty කවුරුත් නැද්ද අනේ ඉක්මනට එන්නකො " පහලට අහපු ටේ පිස්සෙක් වගේ කෑ ගහන්න පටත් ගත්තා

එතකොට තමයි එයා දැක්කෙ ඉස්සරහ දොර පැත්තෙ ඉදන් phone එක දිහා බලාගෙන එන ජන්කුක්ව

" ජන්කූ.....ක් " ටේ අඩ අඩම කෑ ගැහුවා

එක පාරට ඇහුන සද්දෙට ගැස්සුන ජන්කුක් phone එක විසි කරලා දුවගෙන ආවෙ අඩ අඩ කෑ ගහන ටේ ගාවට.

" ටේ , ටේ කතා කරන්න මොකද උනේ ?? "

ටේත් එක්ක කාමරේට ගිය ජන්කුක් දැක්කෙ ඇද උඩ පෙරලෙන ගමන් අමාරුවෙන් හුස්ම ගන්න Mr. Kim ව.

" ටේ බය වෙන්න එපා හරිද එයාට මුකුත් වෙන්නෑ ඔයා කලබල වෙන්න එපා "

ජන්කුක් එහෙම කිව්වෙ එක අතකින් ටේව බදාගෙන එයාගෙ ඔලුව අත ගාන ගමනුත් අනිත් අතින් ambulance එකකට කෝල් කරන ගමනුත්.

At Hospital -:

දැන් තත්වය පාලනය වෙලයි තිබුණෙ. Mr. Kim ට නින්ද යන්න බෙහෙත් දීලා තිබ්බා. තාම අප්පගෙ අතින් අල්ලගෙන එතන වාඩි වෙලා කදුලු පෙරාගෙන ඉන්න ටේ දිහා Mr. & Mrs. Jeon බලං ඉන්නවා. ජන්කුක් කෝපි ගේන්න ගිහින් හිටියෙ.

" දැන් බය වෙන්න එපා පුතා එයාට ප්‍රශ්නයක් නෑනෙ ඔයා එහෙදි කොහොමද මේ දේවල් බලා ගත්තෙ " Mr. Jeon ඇහුවෙ මේ පොඩි කොල්ලා ගැන ගොඩක් දුකෙන්

" අපේ එහා ගෙදර හිටියෙ Park uncle එයා මගෙ හොදම යාළුවගෙ තාත්තා එයා doctor කෙනෙක් නිසා මේවගේ වෙලාවට මං එයාට තමා කතා කරන්නෙ "

ඒත් එකකම doctor ඇතුලට ආවෙ Mr. Kim ගෙ report අරගෙන

" එයාට දැන් හොදයි නේද doctor "

ඒත් එක්කම doctor බැලුවෙ ටේගෙ තත්වෙ දිහා. ඒ නිසාම එයාට බොරුවක් කියන්න උනා.

" ඔව් , Mr. Jeon අපි පොඩ්ඩක් එලියට ගිහින් කතා කරමුද ?? "

" ඇ..ඇයි එලියට යන්නෙ මං ඉස්සරහ කියන්න මටත් අප්පගෙ තත්වෙ දැන ගන්න ඕනෙ " ටේ කිව්වෙ බයෙන්

" ආ.. මේ.. අපි ට්‍රීට්මන්ට් ගැනයි ගාස්තු ගැනයි කතා කරන්න යන්නෙ " doctor ඒ වෙලාවෙ කටට ආපු එක කියලා දැම්මා

ඒක නිසා ටේ මුකුත් කිව්වෙ නෑ. ඊට පස්සෙ Mr. Jeon එක්ක doctor එලියට ආවා.

" කියන්න doctor මොකද්ද ප්‍රශ්නෙ ?? "

" සමා වෙන්න Mr. Jeon එයාව බේර ගන්න අමාරුයි "

" ඒ..ඒ කිව්වෙ ?? "

" එයාගෙ හාට් එක ගොඩක් දුර්වලයි සර් දැනටමත් එයාට ලොකු හාට් ඇටෑක් දෙකක් ඇවිත් තියනවා තව එකක් ආවොත් ... " doctor බිම බලා ගත්තා

" එයාට ලැබෙන්න ඕනෙ ට්‍රීට්මන්ට් ගොඩක් කෙරිලා නෑ මීට කලින් එක්කන් ආවනම් අපිට එයාව බේර ගන්න තිබුණා එයාට ඉතුරු වෙලා තියෙන්නෙ තව දවස් කීපයයි සර් අපි ගොඩක් ට්‍රයි කලා we are very sorry "

එහෙම කියලා doctor එතනින් ගියේ Mr. Jeon ට කර කියා ගන්න දෙයක් නැති කරලා. එයාගෙ පොඩි කාලෙ ඉදන් සැපට දුකට හිටපු හොදම යාලුවව බේර ගන්න බැරි උනා කියන හැගීම එයාගෙ හිතේ තිබුණා.

ඊටත් වැඩිය ටේට මේක කියන්නෙ කොහොමද කියලා හිතද්දිත් එයාගෙ පපුව පිච්චිලා ගියේ අද උන දේට එයා කොයි තරම් බය උනාද , ඇඩුවද , කඩා වැටුණද කියලා මතක් වෙලා.

ඔය අතරෙ තව කෙනෙක් මේ දෙන්නගෙ කතාව අහන් හිටියෙ කදුලු පුරවගෙන.




•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Don't You Trust Me [✔✔]Where stories live. Discover now