• Part 21

1.5K 326 47
                                    

At Taekook's Cabin -:

" මට කතා කලාද ජන්කුක් ?? " ලීසා ඇහුවෙ කැබින් එකට එන ගමන්

" අහ් ඔව් මට පොඩි දෙයක් කියන්න තියනවා.. ටේ බබා එන්නකො චුට්ටක් "

" ඇයි කුකී "

" මේකයි අපේ company එකට අලුත් project එකක් ඇවිත් තියනවා ඉතින් ඔය දෙන්නා ඒකට report එකක් හදන්න ඕනෙ දෙන්නම අපේ ගෙදර ඉදලා වැඩේ කරන්න "

" හරි ජන්කුක් " ලීසා සතුටෙන් කිව්වෙ ජන්කුක්ගෙ ගෙදර යන්න chance එකක් හම්බවුණ නිසා

" ම්ම්.. ලීසා " ජන්කුක් ටේ වැඩ කරන දිහා තොලත් හපාගෙන බලාගෙනම ලීසාට කතා කලා

" ඇයි ජන්කුක් ?? "

" ඔයාට දැන් යන්න පුලුවන් "

ජන්කුක් තාමත් ටේ දිහා බලාගෙනම ලීසාට කිව්වා. ලීසත් ගස්සගෙනම කැබින් එකෙන් එලියට ගියා.

" ම්ම්.. එයා ගියා 😏 "

එහෙම කියපු ජන්කුක් ටේ ගාවට ගිහින් එයාගෙ ඉණ වටේ අත දාලා ලගට අරන් බෙල්ලෙ තෙත හාදු තියන්න ගත්තා.

At Home -:

ටේව කලින් ගෙදර යවලා ජන්කුක් ලීසා එක්ක වැඩ ඉවර කරලා ගෙදර ආවෙ ටේගෙන් උණුසුම් සිප ගැනීමක් බලාපොරොත්තුවෙන්.

ඒ උනාට ඇතුලට ආපු ජන්කුක් දැක්කෙ යුන්ගි ටේව වඩාගෙන ගේ වටේ කැරකෙනවා. දෙන්නම හොදට හිනා වෙවී හිටියෙ.

" මොකද්ද මෙතන වෙන්නෙ 🤨 "

ජන්කුක්ගෙ සද්දෙට හැරිලා බලපු යුන්ගි ටේව බිමින් තියලා ගිහින් ජන්කුක්ව බදා ගත්තා.

" මාව training වලට select වෙලා ජන්කුක් මට ගොඩක් සතුටුයි " යුන්ගි එයාගෙ gummy smile එක දාන ගමන් කිව්වා

" අහ් හොදයිනෙ "

ජන්කුක් ටේ දිහා බලාගෙන කිව්වා. ටේ හිනා උනත් ජන්කුක් එයාව ගණන් ගත්තෙ නෑ. යුන්ගිත් ටික වෙලාවක් ඉදලා ගියා.

" මං කාමරේට යනවා මං අද dinner ගන්නෙ නෑ මගෙ පිරිය නැති උනා "

ජන්කුක් එහෙම කියලා ටේට රවාගෙන කාමරේට ගියේ ලීසා කැත විදිහට හිනා වෙද්දිමයි. ටේ හයියෙන් හුස්මක් පිට කරලා ලීසා දිහාවට හැරුණා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now