• Part 28

1.3K 314 73
                                    

ටේට කෑම කවලා එයාට නිදා ගන්න කියපු ජිමින් පහලට ආවා. එනකොට යුන්ගි sofa එකට වෙලා ලැප් එකේ වැඩ. ආපහු කුස්සියට ගිය ජිමින් coffee එකක් හදාගෙන ආවා.

" මෙන්න " ජිමින් කිව්වෙ යුන්ගිට coffee එක දෙන ගමන්

" ඔහ් thank you and sorry මං ඔයාට නොකියා ලැප් එක ගත්තට "

" ඒකට කමක් නෑ. මට දැනගන්න ලැබුණා සිද්ධ උන දේවල් "

" මට පසුතැවිල්ලක් වගේ දැනෙනවා "

" ඒ ඇයි ?? ඔයානෙ ටේව අර මනුස්සයගෙන් බේර ගත්තෙ "

" මට හිතෙනවා ඒ දෙන්නා වෙන් වෙලා ඉන්නෙ මං නිසා කියලා "

" මං එහෙම හිතන්නෑ.  එයාගෙ husband ට මෙහෙම දෙයක් වෙලත් එයාගෙ cousin එයාව බේරගෙනත් එයා කොහොමද ඔය දෙන්නට වැරැද්ද පටවන්නෙ. ජන්කුක් දැන ගන්න ඕනෙ පිට අයට කලින් තමන්ගෙ අයව විශ්වාස කරන්න "

" සන්සුන් වෙන්න ජිමින්. ඕනෙම husband කෙනෙක් තමන්ගෙ husband වෙන කෙනෙක් එක්ක ඉද්දි තරහ යනවනෙ. ඒක cousin උනත් එච්චරයි "

" ඒත් මේ ප්‍රශ්නෙ වෙනස් "

" ජන්කුක්ට සම්පූර්ණ වැරැද්ද පටවන්න බෑනෙ. මමත් මෙතන වැරදි ඇති. මට එයා ඉන්න තත්වෙ තේරෙනවා "

" ඒත් ඔයාට ටේ ඉන්න තත්වෙ තේරෙන්නෙ නෑ. එයා ලොකු පීඩනයක ඉන්නෙ. කොහොම උනත් මං ටේට ජන්කුක්ට ලේසියෙන් සමාව දෙන්න ඉඩ දෙන්නෙ නෑ "

ඊට පස්සෙ ටික වෙලාවක් යනකං දෙන්නගෙන් කවුරුවත් කතා කලේ නෑ. ජිමින්ව ඉතින් නලියනවා වගේ. ඉතින් එයා නිශ්ශබ්දතාවය බිදලා ආපහු කතා කරන්න පටන් ගත්තා.

" ඉතින් ඔයා මොනවද කරන්නෙ ?? Programmer කෙනෙක්ද ?? "

" ම්ම් තාම නෑ. ඒත් ඉක්මනටම වෙයි. මං මේ බලන්නෙ අර මනුස්සයව ඇයි CCTV වල record වෙලා නැත්තෙ කියලා. මං professional hacker කෙනෙක් නං නෙවෙයි. ඒත් ඒවා ගැන දන්නවා "

" ඒ මනුස්සයව හම්බවුනොත් මේක ඉක්මනට විසද ගන්න පුලුවන්. මං දන්නවා ඔයාට ඒක කරන්න පුලුවන් "

ජිමින් කිව්වෙ එයාගෙ ඇස් චූටි කරලා ලස්සනට හිනා වෙන ගමන්. යුන්ගි ඒ හිනාවට මොහොතකට වෙන ලෝකකට ගියා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now