• Part 6

1.6K 364 43
                                    

ඒ දෙන්නා ගොඩක් තැන් වල ඇවිද්දා. ජන්කුක් දන්නෑ ඇයි එයා මේ දේවල් කරන්නෙ කියලා. ඒ උනාට එයාට ඕනෙ උනා ටේව සතුටු කරන්න. ඕනෙ උනා වගේම එයා ඒක කලා.

" ඊලගට කොහෙද යන්නෙ ?? " ටේ නොඉවසිල්ලෙන් ඇහුවා

ටික වෙලාවක් ගියත් උත්තරයක් නැති නිසා ටේ ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් හිටියෙ ටේගෙ බෙල්ල දිහා බලාගෙන. ටේ ඉක්මනට එයාගෙ shirt එකේ උඩ button එක දා ගත්තා.

" මං ඔයාට මොනාහරි අරන් දුන්නට අවුලක් නෑනෙ ?? " ජන්කුක් ඇහුවා

" අනී මට මුකුත් එපා thanks "

" ඒත් මට ආසයි අරන් දෙන්න "

" අහ් හ්ම් හාකො එහෙනම් "

ජන්කුක් හිනා වෙලා ආපහු drive කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් එයාලා ලොකු shopping mall එකකට ආවා.

ටේ පොඩි ලමෙක් වගේ හතරවටේ බලනවා. ඒ අතරේ ජන්කුක් ටේගෙ ඇගිලි එයාගෙ ඇගිලි අතරෙ පටලගත්තා. එක පාරට ටේව ගැස්සිලා ගියා.

" මෙතන ලොකුයි නේ ඔයාව අතරමං වෙන්න පුලුවන් ඒ නිසා එකටම ඉන්න " ජන්කුක් හිනා වෙවී කිව්වා

ඇවිදනකොට එක පාරටම ටේව මොකක හරි වැදිලා වැටෙන්න ගියා. ජන්කුක් ටේගෙ ඉණ වටේ අත දාලා එයාව තදින් අල්ල ගත්තා.

" ඔයා හොදින් නේද ?? " ජන්කුක් කරදරෙන් වගේ ඇහුවා

" අ..අහ් මෙ..මේ ඔ.. " එයාලා ගොඩක් ලං වෙලා හිටපු හින්දා ටේට වචන පැටලුනා

" මං ඔයාව උස්සන් යන්නද ?? " ජන්කුක් ටිකක් පහත් වෙලා ටේගෙ කන ගාවට ගිහින් කෙදිරුවා

" අ..අහ් එපාආආ " ටේ ටිකක් කෑ ගහගෙන ජන්කුක් ගෙන් ඈත් උනා

" අම්මෝ එහෙනං යමු 🤣 " ජන්කුක් බොහොම අමාරුවෙන් හිනාව නවත්තලා කිව්වා

ඊට පස්සෙ දෙන්නා එක්ක Jewellery store එකට ආවා. ජන්කුක් simple ඒත් ගොඩක් ලස්සන මාලයක් තේරුවා.

" ඇයි මාලයක් ?? මං දැනුත් එකක් දාගනනෙ ඉන්නෙ " ටේ ඇහුවෙ මාලෙ දිහා බල බල

" ඒකෙ ගල වැටිලා මං හිතන්නෙ කලින් පැටලුනු වෙලාවෙ "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now