• Part 14

1.6K 351 36
                                    

" ඔයා මාරෙට කිස් කලානෙ බබා sure ද මේ පලවෙනි පාර කියලා 😏 "

" අනේ යන්න කුකී මට වැඩ තියනවා " එහෙම කියලා මේසෙට ගියපු ටේ file එහෙට මෙහෙට කරන්න ගත්තෙ එයා busy වගේ පෙන්නන්න


" හරි හරි ටේ මං meeting එකකට එලියට යනවා ඔයාට 4ට විතර ගෙදර යන්න පුලුවන් එහෙනං රෑට හම්බෙමු බබා බායි 😘 "

" බායි කුකී "

ජන්කුක් නොපෙනී යනකල් ඉදලා ටේ ලොකු හුස්මක් පහලට දැම්මා.

" හම්මෝ මට මගෙ 1st kiss එක හම්බුණා 🙈 ජිමිනිටත් කියන්න ඕනෙ "

ටේ ජිමින්ට call කලත් එයා answer කලේ නෑ.

" ආශ් කිස් එකේ සිහියෙන් හිටියා මිසක් ජන්කුක්ගෙන් file ගැන අහන්නත් බැරි උනා "

ටේකුක් කිස් කරනවා දැකපු ලීසා එයාගෙ කැබින් එකට යනකල් කදුලු පාලනය කරන් හිටියෙ ගොඩක් අමාරුවෙන්. කැබින් එකට ඇවිත් දොර වහපු ගමන් එයාව පාලනයෙන් ගිලිහුණා.

" එයාට මාව එච්චර ලේසියෙන් අමතක උනාද ?? මං තවත් එක වැඩ කරන කෙනෙක් විතරද ?? අපේ යාලුකම , අපේ පොරොන්දු ?? මං දැනගෙන හිටියා එයා මාව මැරි කරන්න කැමති නෑ කියලා ඒත් මේ තරං ඉක්මනට වෙන කෙනෙක්ට ලං උනේ කොහොමද ?? අවුරුදු ගානක් තිස්සෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා නොබලපු මගෙ කුකීව මෙයා සති දෙකකින් කොහොමද වශී කර ගත්තෙ ?? මොකද්ද එයාට තියන මට නැති දේ කුකීට පොඩි කාලෙ ඉදන්ම හැම දේටම හිටපු කෙනාව මේ තරම් ලේසියෙන් ඈත් කරන්න තරං ?? මගෙ තැනත් ගත්තා කුකීට ලං වෙන්න හින්දා ටේහියුන්ග් ඔයා කලේ හොද දෙයක් නං නෙවෙයි "

ලීසා අඩ අඩම කැබින් එකේ තිබ්බා හැම දෙයක්ම පොලේ ගැහුවා. එයාට දුක හිතෙන එක සාධාරණයි.

ජන්කුක්ට පොඩි කාලෙ ඉදන්ම ගොඩක් යාලුවො හිටියෙ නෑ. මොකද හැමෝම එයත් එක්ක යාලු උනේ එයාගෙ සල්ලි නිසා. ඒ හේතුව නිසාමයි එයා කාටවත් ආදරේ කලෙත් නැත්තෙ.

Jeon & Manoban family දෙක ගොඩක් ලගින් ආශ්‍රය කරපු නිසා ජන්කුක්ට ගොඩක්ම විශ්වාසවන්ත එකම හොදම යාලුවා උනේ ලීසා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now