• Part 11

1.5K 364 20
                                    

ටේගෙ බෙල්ලට නැවුණු ජන්කුක් ටේගෙ බෙල්ලෙ තෙත හාදු තියන්න ගත්තා. ඊට පස්සෙ ටිකක් ඉස්සිලා ටේගෙ කන දිවෙන් තෙත් කරන ගමන් කන් පෙත්ත එක්ක සෙල්ලම් කරන්න ගත්තා.

ටික වෙලාවකින් ටේගෙ නළල , ඇස් දෙක , නහය , කම්මුල් දෙක පිලිවෙලින් සිප ගත්ත ජන්කුක් ටේගෙ තොල් වලට බර උනේ ගොඩක් ආදරෙන්.

දෙන්නගෙ තොල් ගෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටේ ඔලුව අනිත් පැත්ත හරවපු නිසා හාදුව ටේගෙ කම්මුලට තමයි දෙන්න උනේ.

" ඇ..ඇයි ඔයා ම..මෙහෙම කරන්නෙ " ටේ ඇහුවෙ බිදුනු කට හඩකින්

" මොකද්ද කරන්නෙ අහන්නෙ මොනවද ඔයා මං ගැන හිතන් ඉන්නෙ මට ඔයාව අල්ලන්නවත් බැරිද ආ ?? " ජන්කුක් කෑ ගැහුව පාරට ටේ ගැස්සිලා ගියා

" න..නෑ එ..එහෙම නෑ ඔයාට මාව අල්ලන්න පුලුවන් මං ඔයාව නැවැත්තුවෙ නෑනෙ නේද ?? "

ටේ වචන පටල පටල එහෙම කියද්දි ජන්කුක් එයාගෙන් ටිකක් ඈත් උනා.

" ඔයා කියන්නෙ බල කරලද ?? ඔයාට ඕනෙ මං ඔයාට බල කරනවටද ?? මේ වෙන දේවල් සතුටින් භාර අරගෙන ඇයි බැරි මට අවස්ථාවක් දෙන්න ?? "

" මං ඔයාව නතර කලේ නෑ කවදාවත් ඔයාට පුලුවන් මගෙ ඇගට ඕන දෙයක් කරන්න "

' ඇග ' කියන වචනෙ ඇහුණම ජන්කුක් ට ලාවට හිනාවක් ගියා. ඒක දුකින් වගේම ලොකු කලකිරීමකින් පිරුණු හිනාවක්.

" ඇග ?? ඔයා හිතන් ඉන්නෙ මට ඔයාගෙ ඇග ඕනෙ කියලද ?? ඔයාට මං කියන දේ හරියට තේරිලා නෑ මට ඕනෙ අනිත් couple වගේ ඉන්න ඔයාව බදා ගන්න , කිස් කරන්න ඒත් ඔයා හැම වෙලේම හදන්නෙ මගෙන් ඈතට යන්න ඇයි ඒ ?? අඩු තරමෙ මට ඔයාගෙ ලගින් ඉදගන්නවත් බෑ ඇයි ඔයා මාත් එක්ක ඔච්චර අපහසුවෙන් ඉන්නෙ ?? යුන්ගි හියුන්ග් එක්ක ඉද්දි නං හොදට හිනා වෙවී කතා කලේ ?? "

" ඒ යුන්ගි හියුන්ග් මගෙ සහෝදරයෙක් වගේ නිසා ඒත් ඔයා මගෙ husband ඔයාට මගෙ අයිතිය තියනවා මං කැමති උනත් අකමැති උනත් ඔයාට පුලුවන් බදා ගන්නවට , කිස් කරනවට වැඩිය දේවල් මට කරන්න ඒකයි මං ඔයා එක්ක බයෙන් ඉන්නෙ "

Don't You Trust Me [✔✔]Where stories live. Discover now