• Part 8

1.6K 371 20
                                    

ජන්කුක් ටේට ලං වෙලා එයාගෙ කම්මුලට පුංචි හාදුවක් දුන්නා.

" දැන් හරිනෙ කිස් එක " ජන්කුක් එහෙම කිව්වම ටේ එයා දිහා බැලුවෙ ගොඩක් ස්තූතිවන්ත බැල්මකින්

" Thank you so much පුතා 🙂 "

Mr. Kim එහෙම කිව්වත් ටේ එයා දිහා බැලුවෙ නෑ. එයාට තරහයි , දුකයි.

" දැන් හැමදේම හරිනෙ Kim , ටේ ඔයාලා සන්සුන් වෙන්න " Mr. Jeon එහෙම කිව්වා

" ටේ ම..මගෙ දිහා බලන්න පුතා ම..මං "

ඒ Mr. Kim ගෙ අවසන් වචන ටික. එයා ලොකු හුස්මක් ඉහලට ඇදලා ඇදට වැටුණෙ ආයෙ නැගිටින්න නෙවේ. එයාට හයි කරලා තිබ්බා මැෂින් එකේ තනි රේඛාවක් ඇදිලා ගියේ හැමෝගෙටම විනාඩියකට හුස්ම ගන්න අමතක කරවලා.

" නෑ නෑ නෑ අප්පා අනේ ආයෙ එන්න අප්පා මට මෙහෙ කවුරුත් නෑ අනේ මං තරහා නෑ අප්පා මං අහක බලං හිටියෙ ඔයාව තරහා ගස්සන්න අනේ අප්පා ඇස් අරින්න අනේ කතා කරන්නකො අප්පා අනේ මං ඔයා කියන ඕන දෙයක් කරන්නං අනේ කතා කරන්නකො අප්පා 😭😭😭😭😭 "

ටේ කොයි තරම් කෑ ගැහුවත් Mr. Kim නැගිට්ටෙ නෑ. ජන්කුක් Mr. Jeon එක්ක කාමරේ කොනක ඉදන් අඩ අඩ හිටියා.

" පුතා ඔයා ටේ ගාවට යන්න එයාට ඔයාව ඕනෙ මේ වෙලාවෙ "

" ඒ..ඒත් අප්පා ?? "

" යන්න පුතා මං අවසන් කටයුතු වල වැඩ බලන්නං "

ජන්කුක් ටේ ගාවට ගිහින් එයාව බදා ගත්තා.

" ඔයා තනි වෙලා නෑ ටේ එහෙම හිතන්නවත් එපා අපි හැමෝම ඉන්නවා ඔයාට කවුරු නැතත් මං ඉන්නවා "

ජන්කුක් ටිකක් ගැස්සුනා ටේ එයාව තද කරලා බදා ගත්තම.

" එයා මාව දාලා ගියා ජන්කුක් එයා මගෙ අන්තිම බලාපොරොත්තුව මට දැන් ජීවත් වෙන්න ඕනෙ නෑ "

" ශ්ශ් එහෙම කියන්න එපා මැණික දැන් හරි කෝ එන්නකො "

ටේ ජන්කුක්ව බදා ගෙන ගොඩක් වෙලා ඇඩුවා. ජන්කුක් ටේව තදින් බදා ගෙන එයාව සන්සුන් කරන්න ආදරෙන් කතා කලේ එයාට දුක තුනී කර ගන්න ඉඩ දීලා.

Don't You Trust Me [✔✔]Where stories live. Discover now