• Part 2

1.8K 372 36
                                    

" ඇ..ඇයි ?? " ටේ අහපු විදිහිට ජන්කුක්ට තේරුනා එයා බය වෙලා කියලා

" මොනවහරි කනවද ?? " ජන්කුක් ඇහුවෙ හරිම සන්සුන්ව

" එ..එපා "

ජන්කුක් මුකුත්ම නොකියා ගිහින් පීසා අරගෙන ආවා.

" කන්න මං දන්නවා ඔයාට බඩගිනි කියලා ඒ වගේම මාත් එක්ක ඉන්න බය වෙන්න එපා අපි දෙන්නට තව ගොඩක් කල් එකට තමා ඉන්න වෙන්නෙ "

" ඒ කිව්වෙ ?? " ටේ ටිකක් සද්දෙන් ඇහුවා

" ඔයාගෙ අප්පට හොදටම සනීප වෙනකං ඔයා ඉන්නෙ අපේ ගෙදර අමතක උනා ද ?? " ජන්කුක් බනී හිනාව දාන ගමන් ඇහුවා

ටේ උත්තර දෙන්න හැදුවත් එයාට බැරි උනේ එයා ජන්කුක් ගෙ හිනාවට වශී වෙලා හිටපු නිසා 🙊

කකා ඉන්න ගමන් එක පාරටම ජන්කුක් පිටි පස්සෙ ශීට් එකට ආවා. ටේ ගාවින් වාඩි වෙලා එයා කෙලින්ම බැලුවෙ ටේගෙ රෝස පාට තොල් දිහා.

ජන්කුක් ටික ටික ටේගෙ ලගට ආවා. ටේගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ටේ බය උනේ ඒක ජන්කුක් ටත් ඇහුණද දන්නෑ කියලා.

කොච්චර අපහසුවෙන් හිටියත් ටේ එයාගෙ ඇස් දෙක වහ ගත්තෙ වෙන දේට කැමැත්තෙන් වගේ.

ටේ ඇස් දෙක වහපු එක ගැන හිනා වෙවී තමන්ගෙ ලේන්සුවෙන් ටේගෙ කටේ තිබුණ සෝස් ටික පිහදලා ජන්කුක් ආයෙ ඉස්සරහට ගියා 😂

( බලාපොරොත්තු කැඩුනා නං සමාවෙන සේක්වා 😌 )

* දැන් අහන්න එපා මෙච්චර දේවල් වෙනකං ටේගෙ අප්පා මොකද කලේ කියලා 🤔 මං වත් දන්නෑ ඒක 😁 *

කාර් එක start කරපු ජන්කුක් ආපහු යන්න පිටත් උනා. ටේ යනකල්ම එයා දිහා බැලුවෙ වත් නැත්තෙ ලැජ්ජාවට 🤭

Time Skip in Jeon house -:

ටේ අප්පට සාලෙට යන්න උදව් කරන අතරෙ ජන්කුක් මේඩ් කෙනෙක්ට කියලා එයාලගෙ බඩු ටික අස් කලා

" අනී හියුන්ග් කවද්ද කොරියා ආවෙ 😍 " ජන්කුක් දුවගෙන ගිහින් බදා ගත්තෙ ගේ ඇතුලෙ ඉදන් ඈනුමකුත් ඇර ඇර ආපු යුන්ගිව

( ජන්කුක් , යුන්ගි එක වයස කියලා දැම්මට යුන්ගි වැඩිමල් නිසා හියුන්ග් කියමු 😁 )

" ඊයෙ ආවෙ කුකී " ජන්කුක්ව බදා ගන්න ගමන්ම එතන හිටගෙන හිටපු ටේ දිහාත් යුන්ගි උඩ ඉදන් පහලටම බැලුවා

" මොකෝ කැමත්තක් වත් ඇති උනාද " ජන්කුක් ඇහුවෙ ටේව එවෙලෙ ගිලින්න පුලුවන් ලුක් එකකින් එයා දිහා බලං ඉන්න යුන්ගිගෙන්

" මොකෝ ඉතින් කොල්ලා ලස්සනයිනෙ 😏 " යුන්ගිත් කිව්වෙ මහ කැත විදිහට මූණ හදන්

ජන්කුක්ට ඊරිසියාවක් වගේ හිතුනත් එයා ඒක එච්චර ගනන් ගන්න ගියේ නෑ

හැමෝම එයාලගෙ කතා වල. ටේට නං පුදුම කම්මැලි. ඒ අස්සෙ ඈනුමකුත් යනවා.

ටේට ඈනුමක් යනවා ජන්කුක් දැක්කා. ඉක්මනට කට වහගෙන ලැජ්ජාවෙන් අහක බලා ගත්ත ටේ දිහා ජන්කුක් හිනා වෙවී බලං හිටියා.

" ඉතින් ඔයා ටේහියුන් නේද " යුන්ගි ඔන්න වැඩ පටන් ගත්තා

" ඔව් හියුන්ග් මට ටේ කියලා කතා කරන්න "

" එහෙනං ඔයා ගැන කියන්නකො "

ටේයි යුන්ගියි ගොඩක් වෙලා හිනා වෙවී කතා කලා. ඒ අස්සෙ හාවෙක් පුපුරනවා 😂

" මං කාමරේට යනවා " ජන්කුක් නැගිට්ටෙ බලං ඉදලා බැරිම තැන

ටේටවත් යුන්ගිටවත් එයා කියපු දේ ඇහුණෙ නැත්තෙ එයාලා බර කතාවක හිටපු නිසා 😏

ඔරවගනම කාමරේට ගිය ජන්කුක් හිතන්න ගත්තා 🤔

" මට ඊරිසියයිද ... ?? 😳 "




•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Don't You Trust Me [✔✔]Where stories live. Discover now