💌Just A Letter

111 22 0
                                    


"ජිමිනා!" Taehyung Jiminට කතා කරේ එයාගේ බෑගයෙන් හොයාගත්ත පොඩි කොළ කෑල්ලක් හොයාගෙන.

"මොකදෝ? උබ මගේ බෑග් එක ඉල්ලගත්තේ පොතක් ගන්නනේ ඒක අරන් යන්නැතුව ඇයි මට කෑගහන්නේ?" යාළුවෝ දෙන්නෙක් සමග කතාවක් දාගෙන හිටපු Jimin තමන්ගේ යාළුවට බැන බැනම ආවා.

"කියවන එක නවත්තලා මේ මොකක්ද කියපන් බලන්න? හාට් ස්ටිකර් එක්කුත් තියෙනවා. කියවලා බලහන්"

"ආය අර හන්ජින්ගේ love letter එකක් වෙන්න ඇති විසික් කරලා දාන්න අප්පා වදේ" Jimin ලියුම දිහා බලන්නෙවත් නැතුව තමන්ගේ බෑගය අස් කරන්න පටන් ගත්තා.

"ආහ් නැහැ නැහැ එයා නෙවේ බන්. නිකමට මේක බලනවකෝ මෝඩ මොචියෝ!" Taehyung උත්සහය අත්හරින බවට ඉගියක්වත් නැහැ.

"යාහ් උබ එහෙම නෙවේනේ දැම්මේ? මෙච්චරටම කියවව්වන්න හදන්නේ it's just a letter na" Jiminට වදයක් වගේ උනත් තමන්ගේ යාළුවාගේ කීම නිසා ලියුම අරන් පංතියේ ජනෙල් ළග පුටුවක් ළගට ගිහින් ඉදගත්තේ ලියුම ඇරලා කියවන්න හිතාගෙන.

"මොකද ටේ?" මේ දෙන්නගේ පොඩි කතා බහ අහන් හිටපු Jungkook Taehyungගෙන් ඇහුවේ එයාගේ හිනාවට Jungkookට සැක පහළ උන නිසාමත් නෙවේ.

"කුකී ඔයාට මන් රහසක් කියන්නම් කාටවත් කියන්නැත්තම්..." Taehyung වටපිට බැලුවේ තව කවුරු හරි ඉන්නවද බලන්න. ඒත් මේ තුන්දෙනා ඇරෙන්න එතන හිටපු එකම කෙනා උන Hoseok Jimin කතාව නවත්තලා තමන්ට සමුදුන්න නිසා ඒ වෙලේම Jungkookටත් සමුදීලා එතනින් පිටත්වුණා.

"හ්ම්ම් කියන්න" එහෙම කියපු Jungkook තමන්ගේ කන Taehyung ළගට ලං කළේ තවත් හොදට රහස අහගන්න.

"මින් යුන්ගිව දන්නවා නේද?"

"කවුද? අර කාත් එක්කවත් කතා නොකරන pianist නේද? අර සුදුම සුදු කොල්ලා? බෝල කම්මුල් දෙකක් තියෙන්නේ? ආහ් මන් එයාගේ කටහඩ අහන්න අවුරුද්දක ඉදන් උත්සහ කරන්නේ" Jungkook එහෙම ඇහැව්වේ yoongiව නොදන්න කෙනෙක් academy එකේ නැති බව තවත් තහවුරු කරමින්.

"ඔව් ඔව්. ඒත් මේ- මේ ඔයත් එයාට කැමතිද?" Taehyung සැකෙන් සැකෙන් ඇහුවේ මුළු academy එකේම සැගවුණ crush එක yoongi උන නිසා.

"ආ ඔව් ඉතින්... එයාට අකමැති අය ඉන්න විදිහක් නැහැනේ..? ඇත්තටම එයා කතා කරනවා නම් ඔයිට වඩා ප්‍රසිද්ධ වෙයි. ඒත් ටේටේ දන්නවනේ මන් ඔයාටනේ ආ-"

"හා හා ඇති. දැන් මගේ කතාව!" Jungkook ඔළුව වැනුවේ එයාගේ හා දත් පෙන්වන හිනාවත් දාගෙනමයි.

"අර ජිමිනා අරන් ගිය ලියුම! ඒක ඒක එයාගේ බෑග් එකට දැම්මේ..." Taehyung ඒ අන්තිම වචනෙම දිගට අදින නිසා Jungkook එයාගේ ඔළුවට ටොක්කක් ඇන්නේ ඉක්මණට ඕක කියන්න කියලා බලකරන්න.

"ආව්... කුකී" Taehyung බොරුවට අඩන්න පටන් ගත්තේ එයා තරම් බොරුවට අඩන්න දක්ෂ කෙනෙක් මේ රටේ නැහැ කියලා ඔප්පු කරන්න වගේ.

"අයියෝ ටේටේ අනේ ඩාලින් කියන්නකෝ. අනේ ආදරේටනේ තට්ටුවක් දැම්මේ ඉතින්" හා දත් දෙකක් තියෙන මේ කොල්ලට අඩන කොල්ලව සනසන්න උත්සහ කරන්න විතරයි පුළුවන් දැන්.

"කියපන් යකෝ" අඩන කොල්ලව සනසන අතරතුරදි බොරුවට ඉවසීමේ කට්ට පැනපු Jungkook එහෙම කිව්වේ කොලර් එකෙනුත් අල්ලන්.

"යුන්ගි.." Taehyung එහෙම කියනවත් සමගම Jungkookගේ කටට නැවතීමක් නම් නැහැ.

"මොකක්!!!!?"

"අඩේ සිරාද!"

"මොනාද දන්නෑ ලියුමේ තියෙන්නේ!"

"ඒ කියන්නේ ජිමිනට හරි ගියා ආහ්"

"ම්ම්ම් යුන්ගි එච්චර සීතල, කොන් වෙන චරිතයක් නෙවෙනේ. ආහ් මාත් එක්ක තමා එයාට වචනයක්වත් කියන්න බැරි හහ් අඩුම ගාණේ කන්නවත් ලගින් ඉදගන්න දුන්නෑ. ඒකට ජිමිනට ලියුමුත් ලියලා" තමන්ගේ සුදු හා දත් දෙකත් එළියේ දාගෙන එක එක විදිහට හිනාවෙවී මුණ හද හද කතා කරන මේ කොල්ලා දිහා පංතියෙන් එළියේ ඉදන් බලන් හිටපු Hoseokව නම් කවුරුත් අදුරගත්තේ නැහැ.

"බලන් යද්දි යුන්ගිත් ශෝක් ඩෑල් එක නේහ්?"

"ඒකත් මරු හැමෝගෙම known crush එකයි unknown crush එකයි දෙන්නට දෙන්නා කැමති උනාම..." ඒත් එක්කම මේ කොල්ලෝ දෙන්නගෙම මුහුණට ආපු හිනාවත් එක්ක හිතට ආපු අදහස නම් එච්චර හොද දෙයක් නෙවේ කියලා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්.

"ටේටේ... ඔයා හිතන්නෙත්?"

"ම්ම්හ් මන් හිතන්නෙත්"

__

*සමහර ආරම්භයන් පටන් ගන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට?*

💌

💌

Let's meet with the first letter

♥️විභාග කාලෙට මේ රයිටර් ඩාම් වෙනවා ඩූම් වෙනවා නිසා ඔයාලට ලැබෙන තවත් ඉස්ටෝරියක් තමයි ඉතිම් හිහී 🌚

Serendipity [YoonMin]Where stories live. Discover now