💌Letter From Someone

46 20 4
                                    


වියළී ගිය බ්ලෝසම් ගස් අතර මැද ඇති බංකුවෙහි හිදගෙන සිනහා මුසු මුහුණින් ලියුමක් කියවන සුරතල් පෙනුමක් ගත් ලාබාල තරුණයා දෙස තවත් බ්ලෝසම් ගසකට හේත්තු වෙලා බලාගෙන සිටියේ සුදු සමක් සහිත නපුරු පෙනුමක් ආවේස කරගෙන සිටින තරුණයෙකි.

'හිනාවෙවී කියවන්න තරම් දෙයක් මන් ලිව්වද?' යුන්ගිගේ සිතට ප්‍රශ්ණයක් නැගුනේ විනාඩි කිහිපයකට පසුවය.

💌
ජිමින්,

වෙන්න ඇති. සමහර විට ඒ මගේ දෛවය වෙන්න ඇති. මට ඒක දැන් හුරුයි.

ඒත් හුරුයි කියන්නේ ඒ දේවල් මට බලපාන්නේ නැහැ කියන එක නෙවේ. මගේ හැගීම් හා හැසිරීම ගැන මන් පාලනයකින් හිටියත් තවමත් ඒ දේවල් මට දැනෙනවා (අපි ඒක දැනට පැත්තකට දාමු)

Ok. අපි දෙන්නා අදුරගමු. මේ බැදීමට නමකුත් දෙමු.

මම ගැන අපි ටිකක් කතා කරා. ඔයා ගැනත් අපි කතා කරමු. හාද?

පොතේ තියෙන නම, වයස, gender එක, පාසල, පවුල් පරිසරය නෙවේ. අපි අපි ගැන කතා කරමු. ඔයා ඔයා විදිහට කවුද? මන් මන් විදිහට කවුද? කියලා අපි අපිව අදුරගමු.

මම මටවත් තේරුම් ගන්න බැරි කෙනෙක්... එතකොට ඔයා..?

×ඔයාගේ අකුරු හරිම ලස්සනයි ඒත් ඔයා තරම් නම් නැහැ.

කවුරු හරි
💌

"හුගක් ප්‍රශ්ණ තිබුණු කෙනෙක් වෙන්න ඇති. ඒත් එයා දැන් හොදින් නේ? පව් ඉතින්"

"පරිණතයි ඒත් හැගීම්බරයි වගේ"

"හ්ම්ම්... මන් ගැන මොනවද මන් ලියන්න ඕන මෙයාට?"

"මෝව්?(what?) මන් තරම්ම නෑ?! වොආහ් catchy විදිහට කතා කරනවා"

ජිමින්ට සිතුම් පැතුම් ගොඩයි. ආපහු කොළයක් කඩාගෙන ලියුමක් ලියන මොහුගේ සිත නොසන්සුන්.

ඉක්මණින් ලියුම ලියලා හුළගට ගහගෙන නොයන ලෙස එතනින්ම තියලා ජිමින් යුන්ගි ළගට මද සිනහවකින් මුහුණ සරසගෙන පැමිණියා.

"යන්. සොරි බලන් ඉන්න උනාට... කරදරයි නේ?" ජිමින් අහිංසක මුහුණක් හදාගත්තේ යුන්ගිගේ අනුකම්පාවක් බලාපොරොත්තුවෙන් නොවුනද බැනුම් අසා නොසිටීමට ය.

"හ්ම්ම් කරදර නිසා තමා මෙහෙම ඉන්නේ... මෙන්න මෙහෙ එනවා" යුන්ගි පාර දිහාවට ඇවිදන් ගියා.

මදවෙලාවකින්, "ඔයා අහන්නැද්ද මන් මොකෝ කරේ කියලා?" ජිමින්ට කවුරු සමග වුණත් වැඩි වෙලාවක් කටපියාගෙන සිටිය නොහැකි බව ප්‍රසිද්ධ කාරණාවකි.

යුන්ගි ඔළුව දෙපසට වැනුවා.

"ආ එතකොට මන් කියන්නේ කෝමද? අනේ අහන්නකෝ" ජිමින්ගෙන් කුඩා ඉල්ලීමක්, යුන්ගි එය පිළිගනියිද.?

"මොකද හිනාවෙවී කරේ?" යුන්ගි යනින් ගමන් කිසි උවමනාවකින් තොරව ඇසුවා.

"හයියෝ ඕම අහලා නම් හරි යන් නෑ. කමක් නෑ.. මන් ආපහු ලියුමක් ලිව්වා එයා දාලා තිබ්බ ලියුමට. ඒ ලියුම් ලියවිල්ල දිගටම යනවා. එයා කවුද කියලා නම් මන් හරියටම දන්නෑ ඒත් මට එයාට ආස හිතෙනවා. එයා ශෝක් මන් එයාට කැමති. මට දිගටම එයත් එක්ක කතා කරන්න ඕන" උවමනාව නොපෙන්නුවාට යුන්ගි ජිමින්ගේ හැම වචනෙකටම හොදින් සවන් දුන්නා.

"ඔයාට වගේ ඒම ලියුමක් හම්බුනොත් මොකද කරන්නේ?" යුන්ගිට ජිමින්ගෙන් ප්‍රශ්ණයක් එල්ල උනා.

"විසික් කරලා දානවා" යුන්ගි පැකිළීමකින් තොරව පැවසුවේ කටට ආපු දෙයයි.

"අම්මෝ ඔයා නම්" ජිමින් තමන්ගේ ඔළුව කැසුවේ හිනාවෙවී.

__

*අවධානයෙන් සිටියත් අපට මගහැරෙන දේවල් නැතුවද*?

💌

💌

Let's meet again


මෙයාලගේ ලියුම් ගැන මොනවද හිතෙන්නේ?

මන් ආසාවෙන් ලියන් ගියාට comment එකක් නැති උනාම ඕනිකම බහිනවා ඉටිම්😕

Serendipity [YoonMin]Where stories live. Discover now