💌Late At Class

62 15 2
                                    


"ඇයි පරක්කු?" ප්‍රමාද වී දේශනයට සම්බන්ධ වීමට පැමිණි යුන්ගිට පැනයක් එල්ල කළේ මැදි වයසේ පසු වූ මහාචාර්යවරියකි

"මිස්.." යුන්ගිට පැවසීමට යමක් සිතාගැනීමට අපහසු වුණා.

"හේතුවක් නැද්ද? එන්නෙ නැතුවම ඉන්න තිබ්බනෙ එහෙනම්. දැන් මොනවා කරන්නද.. යනවා එළියට!" ඇකඩමියට සපැමිණි මහාචාර්යවරිය මදක් සැර පරුෂ අයෙක් විය. ඇය දෙස සාමාන්‍ය විදිහට බලන් හිටපු යුන්ගි ඇස් කොනින් ශාලාවේ සිසුන් දෙස බැලුවා.

"මොනවද බලන් ඉන්නෙ? ඔයාලට ඕන ඕන වෙලාවට එන්න යන්න මේ බස් හෝල්ට් එක නෙවේ. මීට පස්සෙ හැමෝම මතක තියාගන්න වෙලාවට එන්න බැයිනම් එන්නැතුව ඉන්න. දැන් එළියට යන්න" ඇය තරවටු ලෙස සියල්ලන්ටම ඇසෙන සේ පැවසුවා.

"මි-මිස්" "මිස්" යුන්ගි දොර දෙසට හැරෙනවත් සමගම ජිමින් සහ හෝසොක් දෙදෙනාම ඇයට කතා කළා. එයින් පුදුම වුණු දෙදෙනා මුහුණින් මුහුණ බලාගන්න වූ අතර මහාචාර්යවරිය ඔවුන් දෙසට රළු බැල්මක් හෙලී ය.

"මොකද?"

"මිස් මේ.. එයා.. මේ යුන්ගිට.." ජිමින්ට වචන පැටලෙන්න වුණා.

"මම තමා එයාව යැව්වේ ඇකඩමියෙ වැඩකට" හෝසොක් එක්වරම පැවසූ විට යුන්ගි මෙන්ම ජිමින්ද වික්ෂිප්ත වුණි.

"මොකක්ද ඒ?" ඇය ඇහි බැමක් අකුළාගත්තා.

"File එකක් ගේන්න. lectures ඔක්කම සටහන් කරලා තියන්න ඕන කියලා head කිව්වනෙ. ඔය එයාගේ අතේ තියෙන්නේ ඒක" හෝසොක් ව්‍යාජ සිනහවක් පාමින් පවසද්දි යුන්ගි අතෙහි වූ මදක් විශාල ලිපි ගොනුවක් පෙන්වන්නට විය.

"ඔහ්.. ඒත් මීට පස්සේ ඇකඩමි එකේම වැඩක් කරන්න ගියත් මගෙ lectures වලට වෙලාවට සම්බන්ධ වෙන්න ඕන. මම කැමති නැහැ පරක්කු වෙන ළමයින්ට. අදට විතරක් ගිහින් ඉදගන්න"  යුන්ගි ඇයට ආචාර කර ගිහින් හෝසොක්ට එහා පසින් වූ කවුළුව අසළ ඔහුගේ මේසයෙන් හිදගත්තා.

"ඈ බොල ඔහේට අද යුන්ගිව හම්බුනේ කොහෙදිද?" හෝසොක්ට වම් පසින් සිටි ජිමින් ඔවුන් වාඩිවෙන අතරවාරයේදි විමසුවේ රහසින්.

"නෑ බන්. මන් බොරුවක් නොවන බොරුවක් කිව්වේ" හෝසොක් යුන්ගි දෙස ඇහැ කොනින් බලමින් කීවේ ය.

Serendipity [YoonMin]Tempat cerita menjadi hidup. Temukan sekarang