💌Confess

43 15 6
                                    


"හරි ඉතින් මන් යන්නම් තනියම.. හ්ම් මොකෝ මට තනියම යන්න බැරුවයෑ" ඔහු පැවසූ දෙය යුන්ගිට ලාවට මෙන් ඇසිණ.

යුන්ගි ගියාට පස්සේ ජිමින් ඉදිරියට අඩි දෙක තුන තියාගෙන ගිහින් එක් වරම නැවතුණා.

"මන් මේ පාරේ කලින් ගිහින් නැහැනේ?!!" ඔහුට එය වැටහුණු විගස ඔහු කලබල විය. වටපිට බලමින් උත්සහා කළේ මෙතන අදුනගත හැකිද යන්න දැනගැනීමට වුණද මෙම අතුරුමග ගැන කිසිවක් ඔහු නොදත්තේය.

"යුන්ගි? යාහ්හ්හ් මේ මනුස්සයා මාව කොහෙද ඒ පාර අතරමන් කරලා දාලා ගියේ!!" යුන්ගිව සොයාගැනීමට හැකිවේදැයි සිතමින් ඔහු මෙලහකටත් ගිහින් තිබුණොත් කුමක් කරන්නද කියාද සිතමින් ජිමින් තමා ආ මග දිගේම ආපස්සට ඇවිද ගියා.

"යාහ්හ්හ් යුන්ගි!" රෑ සීතලේ ගැහි ගැහි ඇවිදන් ආපු ඔහුගේ නෙත ගැටුනේ ලයිට් කණුවක් යට ඇති බංකුවක සැප පහසුවෙන් හිදගෙන සිටින යුන්ගිවයි.

"කවුද ඕ- .. ah ජිමින්?" තම මනෝ ලෝකයක සිටි යුන්ගි පොළෝ තලයේ පවතින වර්ථමානයට පැමිණියේ ය.

"ඔයා? මාව නොදන්න පාරක දාලා ඇවිත් මෙතන හොදට ඉදන් ඉන්න එකේ තේරුම මොකක්ද ආ?" යුන්ගි ළගටම ගිහින් හිටගත්ත ඔහු අත්දෙක බැදගත්තා.

"ඔයානේ ගියේ" සරලව එසේ කියපු යුන්ගි බංකුවට හේත්තු වුණා.

"මොකක්? ඔයානේ අනිත් පැත්ත හැරිලා මගෙ අතත් ගසලා යන්න ගියේ? අනික මන් දන්නවයෑ මේ ඉන්නෙ කොහෙද කියලා.. ඔයා එහෙම මාව එක්කන් ඇවිත් අතරමන් කරන එක හරිද? මහ.. මහ- මහම මහ... අනේ මන්දා මොකෙක්ද කියලා ඔයානම්" ජිමින් තවම සීතල ගැහෙන අතරෙම යුන්ගිට දොස් පැවරුවා.

"මන් ගියානම් දැන් මෙතන ඉන්නෙ කවුද?" බංකුවෙන් නැගිටපු යුන්ගි තමන්ගේ කෝට් එක ගලවා එය ජිමින්ට පොරවා ඔහුව පිටුපසින් වැළදගෙන තම මුහුණ ඔහුගේ උරහිස මතින් තබා ගත්තේය.

"ඔයාට මොනා වුණාද? ඒ- ඒ.. ඔයා හොල්මනක්ද. . නැත්තන් තුවාල වෙච්ච පාර ඇත්තටම පිස්සු හැදුනද? අරුන්ට පිස්සු බලු රෝගෙවත් තිබිලද දන්නෑ. ඒයි! අහක් වෙනවා. අම්මා!! බේරගනියෝ.. අනේ දෙයියනේ මන් තාම තරුණ වැඩියි. අහක් වෙනවා...!" ජිමින්ගේ දෙඩවිල්ලට යුන්ගිට සිහනා පහළ වූ අතර ඔහු ජිමින්ව තවත් තදින් වැළදගත්තා.

Serendipity [YoonMin]Where stories live. Discover now