💌No Letter

59 18 0
                                    


"ඒයි උබලා නෙවෙයිද ඒ?" ජිමින් මූණත් බෙරි කරගෙන අහන්නේ ටේගෙනුයි ජේකේගෙනුයි ලියුම ගැන තමයි.

"නෑ නම් අපි නෙවේ ඇත්තමයි" ටේහ්‍යන් කතා කරද්දි ජේකේ හිනාව හංගගන්න ලොකු උත්සහයක. ඒ අතර මැද හෝසොක් ජිමින්ගේ කෑම ටික හොරට කනවා. ජිමින්ට නම් සිහියක් නෑ ඒ ගැන ආපහු ලියුමක් හම්බෙන එක ගැන තමා සිහිය.

"ඒයි මේ..." ජිමින් එක පාරට ඇස් දෙක ලොකු කරන් කතා කරද්දි හෝසොක්ට කකා හිටපු බනිස් කෑල්ලත් ගිලුනා.

"මන් එද්දි යුන්ගිගේ ඇගේ හැප්පුනානේ"

"මොකක්! උබ හොදින්ද?" ඒක අහන් හිටපු ජින් එහෙම ඇහුවේ යුන්ගි හොදයි කියලා නිකමටවත් අහලා නැති නිසා වෙන්නත් පුළුවන් වෙන හේතුවක් නිසා වෙන්නත් පුළුවන්.

"අනේ මන්දා මහ අමුතු කොල්ලෙක් අප්පා" එතන උන සිද්ධිය පැහැදිලිව යාළුවන්ට කිව්ව ජිමින් අන්තිමට එහෙම කිව්වේ සුසුමක් අත්හැරලා.

"මන් කිව්වනේ එයා එහෙම නපුරු නෑ එයා introvert එච්චරයි" ටේහ්‍යන්ග් යුන්ගි ගැන කතා කරොත් කොයි වෙලෙත් ඔහුගේ පැත්තට තමයි කතා කරන්නේ.

"හ්ම්ම් උබට තිබ්බා එයාව එක්කන් ගිහින් බෙහෙත් ටිකක් දම්මවන්න. බය වෙන්න ඕනියෑ එයා ඔයාව කන්නේ නෑනේ" ජේකේ ජිමින්ට දොස් පවරනවා.

"කන්නේ නෑ කියන්නේ ආ උබ ඕක උනානම් එහෙම බලෙන් බෙහෙත් දම්මවයිද? එදා ටේවත් දාලා එතනින් දිව්වේ යුන්ගි දාපු බැල්මට මතකද?" ජිමින් මතක් කරේ මීට සති කිහිපයකට කලින් උන සිද්ධියක්.

"නෑ ඉතින් එයා ටේට මුකුත් කරන්නේ නෑනේ මාත් එක්කනේ ඇරියස් එකක් තිබ්බේ එදා" ජේකේ තමන්ගේ පැත්තට කතා කරේ වෙන කවුරුත් නොකරන නිසා.

"ඔව් හැබැයි ... ඒත් කුකී ඔයාට ඉන්න තිබ්බා මාව දාලා නොයා" ටේ එතන තිබ්බ රාමෙන් හැන්දක් කටට දාගත්තා.

"හා හා ඒක කමක් නෑ ජිමින්. දැන් ඕක අමතක කරමු එයාට ඕන දෙයක් එයා කරගනි අපි අදාළ වෙන්න ඕන නෑනේ" ජින් එහෙම කියලා ජිමින්ට තට්ටුවක් දැම්මා.

"මේ මන් ලියුම දාපු තැනට උදේ ගියා ඒත් එතන ලියුමක් තිබ්බේ නැහැ මන් දාපු එක කියවන්න ඇති. ඒත් මන් හිතුවේ එයා ආපහු ලියුමක් මට දායි කියලා"

"අද හවසටත් ගිහින් බලපන් බන් කන්කෙදිරි ගාන්නැතුව. බැයිනම් මාත් එන්නම්" ජේකේ හිත යටින් පොඩි ළමයෙක් වගේ පාටි දදා එළියෙන් සීරියස් විදිහට කතා කරනවා.

"කවුද ඔය ලියුම්කාරයා? කෝකටත් පරිස්සමින් හොදේ" ජින් කල්පනාවෙන් ඉන්න කියලා උපදෙස් දෙද්දි ටේහ්‍යන් ජින් දිහා බැලුවේ මොන වදයක්ද අහන්න වගේ.

"🔊 🔊"

"ලෙක්චස් වලට වෙලාව හරි යමන් දැන් ඉතින් ඕවා පැත්තක දාලා"

__

*අපෙන් බහුතරයක්ම පුංචි ප්‍රශ්ණ ලොකුවට අරන් පස්සෙ ලැජ්ජා වෙලා තියෙනවා?*

💌

💌

Let's meet with a letter


️හිතට එන එකක් ලියන් යනවා. කම්මැලි අනේ

Serendipity [YoonMin]Where stories live. Discover now