💌Friends With The Plan

34 5 2
                                    


*Before two days"

"යුන්ගි.. එහෙනම් ඔයා hall එකට යන්න. අපි පොඩි වැඩක් කරගෙන එන්නම්" ටේහ්‍යන්ග් විවේක කාලය ඉවර වන්න ලං වූ විට යුන්ගිට පැවසීය.

නම්ජූන්ට මුකුත්ම නොකියා ඔහුව නවත්වා ගෙන යුන්ගිව යවන එක පිළිබදව ඔහු ප්‍රශ්ණාර්ථයකින් සිටියේ ය.

"හරි" යුන්ගි උරහිස් අකුළගෙන ආපනශාලාවෙන් පිටවිය.

"මොකක්ද මෙතන වෙන්නේ?" යුන්ගි පිටවුණ විගස නම්ජූන් අත්බැදගෙන ඇස් බැමි රැලි කළේ ය.

"අයිගෝ.. මාර temper එකක්නේ. ටේහ්‍යන්ග්, කියහන්කෝ කතාව" හෝසොක්ගේ ආරාධනයෙන් ටේහ්‍යන්ග් නම්ජූන්ට සිද්ධිය පැහැදිලි කර දුන්නා.

"ඔහ්.. ඒකද මේ... මන් ඒත් බැලුවා යුන්ගිව එළව එළව ඒකට හොරෙන් මොකද උබලා කරන්නෙ කියලා" අනිත් හතරදෙනා හිනාවෙමින් හිස සෙළවූවා.

"එතකොට.. උන් දෙන්නට දෙන්නා ලව්ද? සීරියස්ලි?" නම්ජූන්ගේ කටහඩේ ගැබ් වී තිබුණේ යම් තරමක පුදුමයකි.

"ඔව් බන්. ඔච්චර simple දෙයක් තේරුන්නැද්ද" ජන්කුක් ඔළුවෙ අතගසා ගත්තේ ය.

"දැන් hall එකට යමු. පස්සේ අහමු කොහෙටද අපි හම්බෙන්න ඕන කියලා" ටේහ්‍යන්ග්ට එකග වූ සැවොම අදාළ දේශනයන් වෙතට ගියා.

-
-
-
-

"හෙට උදේ නවයට විතර Sky House hotel එකට එන්නලූ" දුරකථනය විසන්දි කළ ටේහ්‍යන්ග් කීවේ ය.

"Sky house එකට?" ජින්ගේ ඇස් විසල් වී තිබිණ.

"ඔව් ඔව්.. ඒක එයාගේ යාළුවෙක්ගෙලු"

"වෑව්. කෙල්ලට මරු යාළුවෝනෙ ඉන්නේ දැන්" ජන්කුක් සිනහ විය.

"හ්ම් හ්ම්ම්.."

"මන් දන්න විදිහට ඒකෙ heir රියූජින්. දැනටමත් තමන්ගේ වගේ තමයි ඉන්නේ. ඒත් එහෙම නරක නෑ.. එයා වෙන්න ඕන යාළුවා. ඒකෙ owner හරි වයසයි. ඒ නිසාද කොහෙද එයා තමා ගොඩක් වෙලාවට වැඩ බලාගන්නෙ" හෝසොක් යමක් සිහි කරමින් පැවසීය.

"උබ කොහොමද දන්නෙ?" ජින් ඇස් හීනි කරගෙන අමුතු හිනාවකි ප්‍රශ්ණ කළා.

"මාත් business group එහෙක heir කෙනෙක්නේ..?" හෝසොක් ජින්ට රැව්වා.

"හරි හරි.. හෙට උදේට කට්ටියම එන්න. මතක තියාගන්න යුන්ගිට දැනගන්න තියන්න එපා නිකමටවත්" ජන්කුක් ගෙදර යන්න පිටත් වීමට ප්‍රථමයෙන් ඔවුන්ට එය සිහි කළා.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 25, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Serendipity [YoonMin]Where stories live. Discover now