💌Old Friends

57 18 12
                                    


"එහෙනම් ජිමිනෝ බෝ ටෙයියත් එක්ක යන්න. මාත් යනවා. බායි!" හෝසොක් තම මිතුරන්ට සමුදී පිටවූයේ යුන්ගිව හමුවීමට.

යුන්ගි ඔවුන් කතා වූ ලෙසම ගේට්ටුව අසළ බලා සිටියේ හෝසොක් පැමිණෙන තුරුයි.

"සොරි. මෙදා පාරත් මන් පරක්කුද?" හෝසොක් ලැජ්ජාවෙන් සිනහ වුණා.

"ඉස්සර වගේමයි!" යුන්ගි එය තදින්ම පැවසීය.

"නෑ ඉතින්.. ඔයා කොහොමත් මන් එනකන් ඉන්නවනේ...?" හෝසොක් යුන්ගි පිටුපසින් පැමිණෙන අතරතුර කතා කළා.

"ඒ Sugar මිසක් යුන්ගි නෙවේ" යුන්ගි ඔහුව නොසළකා හරින මට්ටමින් එසේ පැවසීය.

"හරි හරි. දෙන්නම එකයි ඒත්" හෝසොක් බොරුවට තරහා වුණ ලෙසින් අහක බලාගෙන අත්දෙක බැදගත්තා.

"ඇත්තටම තමුන්ට වයස එක්කවත් වෙනස් වෙන්න බැරි උනාද? බලනවා අවුරුදු විසි එකක දෙකක කොල්ලෙක් මූණ තැලිච්ච චෙරි ගෙඩියක් වගේ කරගෙන පාරේ කොටු පැන පැන යනවද?" මද වෙලාවකින් යුන්ගි තේරුම් ගත නොහැකි එපා වුණ ස්වරයකින් එසේ කීවද ඔහු සිත ඇතුළින් මේ හැසිරීමෙන් විනෝද වුණා.

"අඩුම ගාණේ රටම දන්න ලොකු ඇකඩමි එකක Vice head boy නිසාවත්..?" එයටම මෙම වාක්‍යයත් එකතු කළ යුන්ගි අත් සාක්කු වලට දමාගෙන ඇවිද යාම අලස කළේ තමන්ට පිටුපසින් ටයිල් දෙකෙන් දෙකට පැන පැන සෙල්ලම් කරන හෝසොක් දෙස බලන්න අවැසි නිසයි.

ඔහුගේ සිනහවට පෙර ලෙසම යුන්ගි තවමත් ඇලුම් කරයි. හෝසොක් වුණද යුන්ගි කෙතරම් නපුරු ලෙස හැසිරුණත් එය බොරුවක් බව වටහා ගෙන සිටියා.

"මෙහෙමනෙ යුන්ගියා. මගෙ වයස කොච්චර ගියත් මන් වෙනස් වෙන්න ඕන්නෑනේ. කොච්චර ලොකු තැනක හිටියත්, සරල හැසිරීම හරිම සැහැල්ලුයි" හෝසොක් දැගලිල්ල නවත්තලා පිළිතුරු දුන්නා. යුන්ගි ඉහළ පහළට ඔළුව සෙලවූවේ එය ඇත්තක් බව අගවන්න.

හෝසොක් සරල ලෙස සිටියත් ඔහු ගැඹුරු අදහස් ඇති අයෙක් බව යුන්ගි සේම අනෙක් සිසුන්ද හොදින් දැන සිටියා.

"ඒයි.. ඔහොම ඉන්න. මේක දැන් එන්නෙ" හෝසොක් යුන්ගිව නවත්වා ඔහුත් සමගම එතනට පැමිණි සුදු පැහැති වාහනයකට ගොඩවුණා.

Serendipity [YoonMin]Where stories live. Discover now