💌Starved day

53 21 6
                                    


'මොකද?' ‍යැයි අසන්නට මෙන් යුන්ගි ආපසු හැරී බැලුවද ඒ විගස තමන්ගේ කරට නැගගත් ජිමින් නිසාවෙන් ඔහු තම සමබරතාව රැකගත්තේ අපහසුවෙන්.

"දැන් කිව්වා නේ මහ ලොකුවට මට යන්න කියලා එහෙනම් ඇයි දන්නෑ මේ?" යුන්ගි සමච්චල් සහගතව ඇසුවේ තමාව පිටුපසින් බදාගෙන කරට නැගලා ඉන්න ජිමින්ව බිමට බස්සගන්න උත්සහයක් නොදරා ය.

"මෙ-මෙ අතන.. අ-අර...
නෑ __" කියන්න ගිය දෙය නවතා වෙන කීමට යමක් සිතට එනතුරු තත්පර කිහිපයකට ජිමින් එම වචනය අදින්නට විය. "අනේ යන්කෝ. මන් කියපු එක ඉල්ලා අස්කරගන්නම්. පටන් ගත්ත වැඩේ ඉවර වෙනකන් හරියට කරන්න ඕන කියලා අපේ ඔම්මා අපිට උපදෙස් දීලා තියෙනවා. ඔයා ඉතින් මෙච්චර දුර ඇවිත් ආපහු නිකන්ම යන එකත් හරි නෑනේ අපි මොනා හරි කාලම යන් ඉතුරු ටික. තව ටික දුරකින් පොඩි කැෆේ එකක් තියේ ඒකෙන් කමු" ජිමින් මොනවද කියවන්නේ යන වගේ වගක්වත් යුන්ගිට තේරුම් ගියේ නැහැ.

"ආ? තමුන්ට ඇත්තටම පිස්සුද?" තම කරෙන් බැස මදක් පසකට වූ ජිමින් දෙස බලාගෙන යුන්ගි ප්‍රශ්ණ කරේ මෙම තරුණයා කරන සමහරක් දෑ යුන්ගිට කොහෙත්ම තේරුම් ගත නොහැකි බැවිනි.

"නෑ මේ... යන්කෝ. ඇයි එන්න බෑද?" ජිමින් අසරණ මුහුණක් හදාගත් අතර යුන්ගි නැවත ඔහුව ඇරලීමට යන්න කැමති වුණා.

"යුන්ගි... මන් ප්‍රශ්ණයක් අහන්නද?" මද දුරක් ඇවිද ආ ජිමින් කණුවක් ළග නතර වී ඇසුවේ යුන්ගිගේ අතින් අල්ලගෙන ඔහුවද නවතාගෙනයි.

ජිමින් අල්ලගත්ත තම අත දෙස බලා ජිමින්ගේ මුහුණ දෙසද බලා යුන්ගි ඔලුව සොලවා එය අසන්නට යැයි සන් කළේ සිත තුළ තිබූ කුතුහලය සගවාගෙන.

ප්‍රශ්ණය ඇසීමට තම කට විවෘත කළද ජිමින් නැවත කට වසාගෙන සිතන්නට විය. ඉන් පසු නැවත යුන්ගි දෙස බලා ඔහුට ඉස්සරහට යන්න සන් කළා.

"කමක් නැහැ දැනට ඕන්නෑ" ජිමින් පැවසුවේ යුන්ගි ඇවිද යන දෙස බලාගෙනයි.

"එන්න. මේ මන් කිව්ව කැෆේ එක" නැවතත් යුන්ගිගේ අතෙන් ඇදගෙන ජිමින් තමා පෙන්වපු කඩය තුළට අඩිය ඉක්මන් කර ඇතුළු විය.

"ඔයා මොනාද කන්නේ?"
කවුන්ටරය ඉදිරිපසට ගොස් බොජුන් වට්ටෝරුව දෙස බලමින් ජිමින් ඇසුවේ තමන් අතෙන් රැගෙන සිටින තරුණයාගෙනි.

Serendipity [YoonMin]Where stories live. Discover now