"යු-යුන්ගි" අත්දෙක මත ඔළුව තබාගෙන ඇලවිලා හිටපු යුන්ගි අසළට තමන්ගේ වැඩ ඉවර කළ පසු ගිය ජිමින් බයෙන් සැකෙන් යුන්ගිට කතා කරේ ඔහු නින්දෙන්ද නැද්ද යන වග හරියට නොදැන."මන් මින් යුන්ගි, යු යුන්ගි නෙවේ" යුන්ගි මේසයෙන් තම ඔළුව ඉහළට ඔසවා ඇහි බැමක් උස්සලා පවසන විටදී ජිමින්ට හිනා පහළ වූයේ නිරුත්සාහීව ය.
එයට ප්‍රශ්නාත්මක බැල්මක් හෙළු යුන්ගිව දුටු ජිමින් තම හිනහව සගවාගෙන කතා කරා.
"ම-මගේ වැ-වැඩ ඉවරයි. ම-මන් ය-යන්නම්. ඔ-ඔයත් යන්න" ජිමින් තම අතෙහි තිබූ බෑගය කරට ගෙන ශාලාවෙන් පිටවූයේ තවමත් නිදිමතේ සිටින යුන්ගි හැරෙන්නටත් පෙර. ඒ සමගම තිබුණ නිදිමත පහව ගොස් කලබල වූ යුන්ගි තම බෑගයද රැගෙන ජිමින් පසුපස දිව ගියා.
"ඒයි! ඔහොම ඉන්නවා" පිටුපසින් ගොස් ජිමින්ගේ කරෙහි වූ බෑගයෙන් ඔහුව ඇදලා ගත් යුන්ගි එහෙමම ජිමින්ගේ ඉදිරියෙන් සිටගෙන ඔහු දෙස බලා සිටියේ තමන්ව මගහැරීමට මොහු මෙතරම් උත්සහා කරන්නේ ඇයි දැයි තම සිතින් ප්‍රශ්ණ කරමින්.
"මන් එනවට එච්චරටම අකමැතිද?" යුන්ගි ඇසූ ප්‍රශ්ණයට ජිමින් නිරුත්තර වූ හෙයින් ඔහු බිම බලාගත්තා.
"ඇයි? මන් හොද මදියි, නරකයි වගේද?" ජිමින් තවම නිහඩයි.
"කමක් නැහැ" යුන්ගි සුසුමක් හෙළුවා.
"මන් නිකිට කියන්නම්. ඔහොම ඉන්න ටිකක්" යුන්ගි ජිමින්ව අත්හැර ඉදිරියට ඇවිද ගියේ කනස්සල්ලෙනි.
ජිමින් තමන් සමගම කතා කර යුන්ගි අසළට මදක් වේගයෙන් ඇවිද ආවා.
"අනේ නැහැ එහෙම නෙවේ. මන් කිව්වේ-" යුන්ගි ජිමින්ව මගහැර දිගටම ඇවිදගෙන ගියා.
"ඔයාට කරදර නිසා. ගෙදර යන්නත් ඕන ඇතිනේ. ඔයා ඉතින්.. පා-පාඩුවේම වගේනේ ඉන්නෙත්.. අර දෙන්නා ඉල්ලපු නිසා එන්න ඕන්නෑ" යුන්ගි පස්සෙන් හේතු පැහැදිලි කර කර එන ජිමින්ව දකින විට යුන්ගිට විනෝදයකුත් නොදැනුනාම නොවේ.
"ආය මේ ඔයාව-.. ඔයාට මන්-" යුන්ගි ක්ෂණිකයෙන් ජිමින් දෙසට හැරුණු විට ජිමින් නැවත ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
YOU ARE READING
Serendipity [YoonMin]
Fanfiction[Wanna find out about their fate while reading some letters?] ___________________ දෛවය විශ්වාස කරන්නා දෛවය යැයි සිතන දෙය මතම යැපෙන අතර දෛවය විශ්වාස නොකරන්නා තම දෛවය ලියයි ඔබ මෙයින් තෝරගන්නේ කුමන දෛවයද? ___________________ {ON GOING} START: 16/01/22 ...