"ඕ යේ මේ තියෙන්නේ" ජිමින් කෑගැහුවේ අර බ්ලෝසම් ගහ ලග එයාලා ලියුම් මාරු කරගන්න අලුතෙන්ම හොයාගත්ත තැන කලින් වගේම කවරෙක තිබුණ ලියුම දැකලා. ඇත්තටම මේක යුන්ගි හොයාගත්ත තැන. එයා මෙතනට එන්නේ අවුරුදු කීපයක ඉදන්."ආහ් ඒකනේ මන් කීවේ හවස ඇවිත් බලමු කියලා" ටේහ්‍යන් තමන්ගේ ශර්ට් එකේ කොලර් එක උස්සලා තමන්ගේ boxy smile එක දාලා කිව්වා.
"කෝමත් මයේ ටේ කොල්ලා කියන එව්වා හරි හුම්" ටේහ්‍යන් කොතනද එතන ඉන්නේ කවුද?...
අන්න හරි ඒ හා දත් තියෙන කොල්ලා තමයි මේක කිව්වේ.ඒ දෙන්නා දිහා ටිකක් බලන් හිටපු ජිමින් ටේහ්‍යන්ගේ කනට ලං වෙලා අහපු දේට ටේහ්‍යන්ගේ ඇගේ හිරිගඩුත් පිපුනා.
(මොනා කීවා කියලද හිතන්නේ?)
"ඔයා මාවත් අල්ලගන්නද කල්පනාව?" ජිමින්ට තිබුණ සැකය තමයි ඉතින් ඒ ඇහුවේ. ටේහ්‍යන් කුකීට ඉන්න කියලා එතනින් එහාට ජිමින්ව ඇදන් ගියා.
"පිස්සුද ජිමිනෝ? එතන කුකියත් හිටියා උට ඇහුනා නම්..." ටේහ්‍යන්ට ජිමින්ව තම්බලා කන්න හිතිලා හිටියේ.
"නෑ ඉතින්... උබමනේ මට ලියුම් සෙට් කරන්නේ ඒකයි" ජිමින් හේතු පැහැදිලි කරා.
"ටෝව මට එපා ඔයිට හොදයි කොට තාරා පැටියෙක් අරන් හදාගත්තා නම්" ටේහ්‍යන් ජිමින්ව ගණන් නොගෙනම යුන්ගි කොහේ හරි ඉන්නවද බලන්න වට පිට බැලුවා. ඒත් මේ වෙද්දි යුන්ගි ඇකඩමියේ කොහෙවත්ම නැහැ.
"ආ ආ ඔය මහ උස හාවා හරි ශෝක් ඇති"
" හැබෑටම... උබලා දෙන්නා...?" ජිමින් පොඩි හිනාවක් දාගෙන ඇහුවේ ඇකඩමි එකේ හැමෝටම ස්තීර කරගන්න බැරුව ඉන්න දෙයක්.
"ආ පිස්සුද එහෙම දෙයක් නෑ. මේ- මේ අපි- අපි- යාළුවෝ විතරයි"
"බොරු කියන්න එපා ටේ මන් උබේ යාළුවා... ඔයා ඔය-" ජිමින් කතා කරන් යද්දි කුකී එනවා දැකපු නිසා එයා කතාව වෙන පැත්තකට හැරෙව්වා.
"ඒනම් ඔයාලා දෙන්නා යන්න මන් පස්සේ එන්නම්"
"කමක් නැද්ද ජිමින්?" එතනට ආපු කුකී එහෙම ඇහුවේ ජිමින්ගෙන්.
"කමක් නෑ පලයව් මට ඉන්න දීලා" ටේහ්‍යන්වත් තල්ලු කරලා එතන බංකුවෙන් ඉදගත්ත ජිමින් ලියුම අතට අරගනිද්දි ඒ දිහා බලන් හිටපු ටේහ්‍යන් ජන්කුක්වත් ඇදන් ගියා.
💌
ජිමින්ඇත්තටම ප්‍රශ්ණයක් නැද්ද? ඔයා කැමති නම් මාත් කැමති.
මන් හිතුවා ඔයා ආපහු ලියුමක් එවයි කියලා... ඒත් ඔහොම කියයි කියලා හිතුවේ නෑ. මොකද කවුරුත් එහෙම කියන්නෑ. හැමෝම කැමති තමන් කැමති විදිහට අනිත් අය ඉන්නවට. කොහොමත් මන් වගේ අයත් එක්ක ඉන්න කවුරුත් කැමති නැහැ. ඉස්සෙල්ලා හිටියත් දැනගනිද්දි දාලා යනවා.
මන් හිතුවට වඩා ඔයා වෙනස් ඇති.
ඒත් මන් මොනවද කියන්න ඕන?
මට එහෙම කියන්න දෙයක් තේරෙන්නෑ. කියන්න තරම් හිත හයියත් නෑ.
සමහර විට ඔයාට මාව එපාවෙයි. ඕන්නම් මාව අමතක කරලා දාන්න.
ආ! ඔයා අත් අකුරු ලස්සනට ලියන්න මහන්සි වෙන්න එපා. මන් ඔයාගේ සාමාන්‍ය අකුරු ඕන තරම් දැකලා තියෙනවා ඒවත් ලස්සනයි.
කවුරු හරි ඔයාට අනවශ්‍ය කෙනෙක්
💌"මන් කැමති නම් කැමති?
මේකා යකොව්""මන් වෙනස් තමා කොල්ලෝ..! හරි කෙල්ල හරි"
"යා මගේ අකුරුත් දන්නවද? අපරාදේ මහන්සිය"
(Writer: මොන අපරාදද ජිමින්ශියෝ යුන්ගියගේ හිනාව බලන්න එපැයි😌)
"මුට පිස්සුද හැටිද?"
"දෙන්න හිතෙනවා ඉතින්" ජිමින් මේ නොදන්න කෙනාට බැන බැන පොතකින් කොළයක් කඩලා ගත්තා.
__
*වෙලාවකට තමන්ට ළගම අයට වඩා හුගක් ඈත අය තමන්ව තේරුම් ගන්න උත්සහ කරනවා?*
💌
💌
Next time let's meet in a cafe
තත්ත්වය සෝචනීයයි 🙂💔
YOU ARE READING
Serendipity [YoonMin]
Fanfiction[Wanna find out about their fate while reading some letters?] ___________________ දෛවය විශ්වාස කරන්නා දෛවය යැයි සිතන දෙය මතම යැපෙන අතර දෛවය විශ්වාස නොකරන්නා තම දෛවය ලියයි ඔබ මෙයින් තෝරගන්නේ කුමන දෛවයද? ___________________ {ON GOING} START: 16/01/22 ...