💌Stupid Problem

51 18 2
                                    


හවස් වීමට මදක් ලං වී තිබුණද තවමත් මෙම ශාලාවෙහි තම කාර්යයන් වල යෙදී සිටි සිසුන් කිහිපයක් විය. ඔවුන් නමින් ජිමින්, නිකි, ටේහ්‍යන්, ජන්කුක්, සියෝන්, යුහ්යොන්, ලීසාද විය. ජිමින් හා සියෝන් ඇර අනෙක් අය මෙහි සිටියේ දඩුවම නිසාවෙන්.

මීට සුළු මොහොතකට පෙර මෙතනට කඩා වැදුනු නම්ජූන් හා හෝසොක් තරමක් රැදී සිට තෙහෙට්ටුව මගහැර නිවෙස් කරා යාමට තීරණය කරේ අද වෙහෙසකර දිනයක් වූ හෙයින්. ඒ පසුපසින් පැමිණි යුන්ගිද එහි නැවතී කාර්‍යබහුල සිසුන් දෙස නෙත් යොමා සිටියේ කල්පනාවකට පාත්‍ර වෙන අතරතුරේ ය.

"ජිමින්!" මෙම කුඩා ශාලාවෙහි දොර කඩන්න මෙන් ඇරගෙන ඇවිත් ජිමින්ට කෑගහපු මේ කෙනා නිසා කෙටි නින්දකට මුල පුරමින් සිටි යුහ්යොන් හා ටේහ්‍යන්ගේ කාර්යය අසාර්ථක වුණා.

"ඇයි?" ලිපි ගොනුවක් කියවමින් සිටි ජිමින් ඒ කෙනා දෙස නොබලම ප්‍රශ්ණ කරා. ඒ ඔහුව එම කෙනාව මුලින්ම අදුරගත්තු නිසා.

"මෙච්චර වෙලා යනකන් මෙතන මොනවද කරන්නේ?" එම කෙනා නමින් හන්ජින් වූ අතර ජිමින්වත් ඔහුගේ මිතුරන්වත් ඔහුට කිසිසේත්ම කැමති වූයේ නැත.

හන්ජින් මෙහි ජ්‍යේෂ්ට ශිෂ්‍යයෙක් වී සිටියත් දැන් ඇකඩමි එකෙන් අයින් වෙලා. නමුත් තවමත් ඔහු ජිමින්ව අත්හැර නැති බව ප්‍රසිද්ධ කාරණාවක් මෙන්ම ජිමින් ඔහුට අකමැති බවත් එලෙසම ප්‍රසිද්ධයි. ඔහු මෙලෙස ජිමින්ට වදයක් වී තිබුණද එයට විරුද්ධ වීමට කවුරුවත් නැති වූයේ හන්ජින්ගේ මුදල් බලය නිසාවෙන් විය හැකියි.

"මන් මොනවා කරත් ඔයාට මොකද?" ජිමින් හැගීමකින් තොරව පැවසුවා.

"මොකක්ද?" හන්ජින්ට එය හොදින් ඇසුනත් නැවත ප්‍රශ්ණ කර ජිමින් වෙතට සෙමින් ඇවිදන් ආවා.

"මන් කීසැරයක් කියන්න ඕනද? මට පාඩුවේ ඉන්න දෙන්න" ජිමින් නැවත පැවසුවේ ඉදන් හිටපු තැනින් පස්සට වෙන ගමන්.

"දුන්නැත්තන්?" ජිමින්ව පුටුවට තද කර අල්ලගත්ත හන්ජුන් විමසුවා.

මෙම සිදුවීම බලන්න තව හන්ජින්ගේ පැත්තේ ඉන්න සිසුන් කිහිපයක්ද පැමිණ සිටියා. එම නිසාම ජිමින් තවත් අපහසුතාවයට පත් වී සිටියා.

Serendipity [YoonMin]Where stories live. Discover now